නොනිමි සෙනෙහස
Availability:
In stock
Rs. 1,850 Original price was: Rs. 1,850.Rs. 1,480Current price is: Rs. 1,480.
ඉතිහාසයේ අමතක නොවෙන මොහොතකට පසු එළඹෙන, දිරියේ සහ නොනැසී පැවතීමේ හැඟුම්බර අන්දරයකි.
1912 වසරේ අපේ‍්‍රල් මස. එඞ්වීනා වින්ෆීල්ඞ් ඇය විවාහ ගිවිස ගත් පෙම්වතා චාල්ස්, ඇගේ දෙමාපියන් සහ ඇගේ සහෝදර සහෝදරියන් පස්දෙනා සමගින් එංගලන්තය කරා ගිය ඇගේ විවාහ ගිවිස ගැනීමේ චාරිකාව නිම කරමින්, නිව් යෝක් කරා යළි පැමිණෙමින් සිටියි. දැඩි පේ‍්‍රමයකින් වෙළී සිටින ඇය සහ චාල්ස් ඔවුන්ගේ නව දිවිය ඇරඹීමට මහත් ආශාවෙන් මඟ බලා සිටිති. ඔවුහු කවදා හෝ ගොඩ නැගුණු විශාලතම නෞකාව වෙන ආර්එම්එස් ටයිටැනික් නැවෙහි ගමනේ යෙදෙමින් සිටිති.
එහෙත්, එක් මාරාන්තික රාත‍්‍රියක, එඞ්වීනාගේ ජීවිතය සදහටම වෙනස් වෙයි.
තමන් පෙම් කළ මිනිසා අහිමිවීමෙන් ශෝක වෙන එඞ්විනා හට තනිවම තම සොයුරු සොයුරියන් රැුකබලා ගැනීමටද සිදු වේ. තමන් හට මුහුණ දීමට සිදුවූ දරුණු ඛේදවාචකය විඳ දරා ගැනීමට සහ තමන් ආදරය කර, ටයිටැනික් නෞකාවේදී අහිමි වූ ආදරණීීයයන්ගෙන් තමන් මුදවා ගැනීමට ඇය මාර්ගයක් සොයා ගනියිද
Compare