Best Seller

නාට්‍ය රසය

Availability: In stock

Original price was: Rs. 850.Current price is: Rs. 680.

‘නාට්‍ය රසය’ යනු නාට්‍ය කලාව ගැන අත්දැකීම් හා නාට්‍ය නැරඹීමෙන් ලබා තිබෙන ‘ආස්වාදනීය ඥානය’ විද්‍යාර්ථයන්ට හා රසිකයන්ට ප්‍රදානය කරන විස්තර වර්ණනාවකි

නාට්‍යයක් රඟ දැක්වීම සහ නාට්‍යයක් නැරඹීම සාමූහික කර්තව්‍යයකි.තාක්ෂණයේ මහිමයෙන් වත්මනේ කොතරම් දියුණු කලා මාධ්‍ය වින්දනය උදෙසා වෙතත්, මේ සාමූහික කර්තව්‍යය තවමත් හරිම ප්‍රබලය .

සමූහයක් සමගින් නාට්‍යයක් රඟ දක්වමින් නාට්‍යකරුවා ප්‍රේක්ෂක සමාජයට ආස්වාදනීය ඥානයක් ලබා දෙනු ලැබේ. එකී ඥානය ලැබෙන්නේ නාට්‍ය ජීවමානව රඟ දැක්වීම නැරඹීමෙන් විදින නාට්‍ය රසය තුළිනි නාට්‍යය යනු කවියක් කියමින් – ගීතයක් ඇසීමෙන් – පොතක් කියවීමෙන් විදින රසයට වෙනස් ස්රූපයක රසයකි

<span;>වේදිකා නාට්‍ය කලාව මතින් පිබිදී වෙනත් කලා මාධ්‍යයන් වෙත පියවර එසවූ බොහෝ නාට්‍ය කරුවන් යළි වේදිකාව කරා පැමිණ නාට්‍ය නිර්මාණ කරන තත්ත්වයක් ද තිබේ. තාක්ෂණයෙන් දියුණු කලා මාධ්‍යයක නිමග්න වීමට වඩා අවම තාක්ෂණයෙන් සැබැවින්ම අවම පහසුකම් මත නාට්‍ය නිර්මාණය කිරීමට ද නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන ආස්වාදනීය ඤාණය  නිදහසේ අභිමත අන්දමට අන් කලා මාධ්‍යයකින් ලබාදිය නොහැකි නිසා ද ? මෙවැනි ප්‍රශ්න ඔස්සේ නාට්‍ය හැදෑරීමට රස විඳීමට දැනුමක් මේ කෘතියෙන් පාඨකයාට ලැබෙනු ඇත .

Quantity :
Compare

කතෘ : සරත් විජේසූරිය – Sarath wijesooriya

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha krendraya

Weight .637 kg
Loading...