Cart

Best Seller

තිදෙනා

Availability: In stock

Rs. 675

ගෝර්කිගේ මේ රමණීය  නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන්ගේ සිත තුළ වන අසහනයන් මැනවින්  විචිත්‍රණය කරන්නකි. ඒ අතරම එමගින් සුන්දර සිහින සපිරි සශ්‍රීක ලොවක් ගැන ධනවාදී මායාවන් සුනුවිසුනු කර දමයි. සැබැවින්ම මේ නවකතාව ගෝර්කි විසින් රචනා කරන ලද්දේ ගමෙන් නගරයට ජනයා සංක්‍රමණය වීම ඉතා ශීඝ්‍ර වර්ධනයක් සටහන් කළ කාලයට වසර ගනනකට පෙරය.නාගරික මුඩුක්කු කම්හල්වල අසීරු දිවිය පහත් මට්ටමේ වැටුප්, සමග වූ ශ්‍රම සූරාකෑම් යන මේ සියල්ල ඉදිරියේ තීව්‍ර වීමට නියමිතව තිබියදී සර්වාදී රුසියාව තුළ හිඳ  ගෝර්කි ධනවාදය අගතීන් කදිමට පුරෝකතනය  කළේය.

මෙහි එන චරිත ත්‍රිත්වය හරහා ගෝර්කි එකල රුසියාවේ ග්‍රාමීය හා නාගරික දිවියේ පීඩිත මිනිස්සුන්ගේ පාර්ශවය අප හමුවට ගෙන එයි. කසළ එකතු කරන්නන්, පාදික වෙළෙන්දන්, ගණිකාවන්, තැබෑරුම් කරුවන් ඇතුළු සමාජයේ යටිතලයේ වෙසෙන විවිධ චරිත, ඔවුන් අතර වන ගැටුම්, ඔවුන්ගේ අපේක්ෂාවන් එම අපේක්ෂාවන් බිඳවැටීමත් සමග ජනිත වන කලකිරීම් හා සාහසිකත්වය, මුදල් හම්බ කිරීමෙන් දිවිය සැපවත් කරගත හැක යන ධනවාදී මිත්‍යාව විවිධ සමාජ දේශපාලන සංස්ථාන වල හැසිරීම යනාදිය මේ කෘතිය තුළින් මැනවින් නිරූපිතය.

Quantity :
Compare

thidena

the three

පරිවර්තනය චූලානන්ද සමරනායක

පිටු : 472

Weight .548 kg
Loading...