Best Seller

ජේන් අයර්

Availability: Out of stock

Original price was: Rs. 700.Current price is: Rs. 595.

විශ්ව සාහිත්‍යයේ විශිෂ්ටතම කෘතියක්… ඔබත් අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක්….චාලට් බ්‍රොන්ටේගේ
ජේන් අයර්

චාලට් බ්‍රොන්ටේ විසින් 1847දී ලියා පළකරන ලද ‘ජේන් අයර්’ ලෝකයේ ජනප‍්‍රියම පේ‍්‍රම වෘතාන්තය බව අවිවාදිතය. මෙය පරම්පරා කීපයක් තිස්සේ ම පාඨකයන්ගේ හිත ඇදගත් සම්භාව්‍ය ආදර කතාවකි.
ජේන් අයර් යනු තරුණ ඉංග‍්‍රීසි ගුරුවරියකි. තම අපවාදාත්මක හා බෙහෙවින් දුෂ්කර ළමා කාලය දැඩි උත්සාහය නිසා යටපත් කර ගන්නා ඇය තම ශිෂ්‍යාවකගේ බාරකාරයා වූ රොචෙස්ටර් සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගනී. ඔහුු සැර පරුෂය. එහෙත් ආශිර්වාදාත්මකය. ගොතික් මිත්‍යාකථාවල දැක්වෙන ආකාරයේ ස්ථානයක් වූ තෝන්ෆීල්ඞ් මන්දිරයේ හිමිකරු ඔහුු ය.
ඇය නිවුණු, ලජ්ජාශීලී, පීඩිත එහෙත් යටත් කළ නොහැකි, ස්ථිර විශ්වාසයකින් යුතු තැනැත්තියකි. ඇයට සත්‍යයක් යයි හැෙඟන අවස්ථාවල බිහිසුණු ලෙස මෙන්ම දැඩි ඇල්මකින් ද යුතුව කටයුතු කරන්නියකි. ජේන් ඉතා උසස් ගතිපැවතුම් සහිත වීරවරියකි. ඇයගේ වයසේ හැටියට උද්දීපිත චරිතයකි. දැඩි සදාචාරාත්මක සම්මතයන් නියෝජනය වෙන මූර්තියකි. ඇයගේ චරිතය වසර 165කට පසුව වුවත් අද වෙසෙන සෑම යුවතියකටම, විශේෂයෙන්ම ශිෂ්‍යාවන්ට මෙන්ම ගුරුවරියයන්ට ද මහ`ගු ආදර්ශයකි.
මෙම විශිෂ්ට කෘතියේ අසංක්‍ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙහි 1897 මුද්‍රණය සඳහා එෆ්.එච්. ටවුන්සෙන්ඞ් විසින් අඳින ලද රේඛා චිත‍්‍ර ද ඇතුළත්ය.

Out of stock

Compare

Jane Eyre

පරිවර්තනය : එන් පී විජේරත්න

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

Weight .561 kg
Loading...