කතෘ : තරංගනී රෙසිකා ප්‍රනාන්දු
Daughter of Jerusalem
කුරුසිය කර තබා කල්වාරි ගිර තරණය ජේසුස්ය. සිය හැඬුම්, දෙඩුම්, විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තනියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප්‍රේමයෙන් බැඳුණු ගැහැනුන් ය.ඒ ස්ත්‍රී වළල්ලේ දෑත් අතරද , ඔක්කේද අතැඟිලි අගිස්සේද, වස්ත්‍ර කොන්වද එල්ලී ගත් ළමා ළපටියන් ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වී ය.
කුරුසය කර තැබූ තැන් සිට ,නිහඬවම එය උහුලා ගමනේ යෙදුනු තරුණයා මුල්වරට සිය හඬ අවදි කළේ ඒ වැලපෙන ස්ත්‍රීන් වෙනුවෙනි.
“ජෙරුසලම් දූවරුනි, මා නිසා නොහඬන්න. ඔබ සහ ඔබගේ දරුවන් නිසාම හඬන්න. වඳ ස්ත්‍රීහු ද කිසි කලෙක දරුවන් නො දැරූ කුසද, කිරි නොදුන් පියයුරු ද භාග්‍යවන්ත යැයි පවසන දවස පැමිණෙන්නේය.”
“ඔහු පැවසූ දේ සත්‍යයක්. අදත් අපි හඩනවා අපේ දරුවන් වෙනුවෙන්. නිමාවක් නෑ ඒ කඳුළට… නිවනක් නෑ ඒ සුසුමට…”
කතෘ : තරංගනී රෙසිකා ප්‍රනාන්දු
Daughter of Jerusalem
| Weight | .150 kg |
|---|