Kuli hewaya – why pick on me
James haddley chase
පරිවර්තනය : නිමල් දිසානායක – Nimal dissanayaka
ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
පිකාඩිලියේ ගණිකාවක් වූ මිලී ලොවෙස්ට, එක් දිනක ඇගේ කාමරයෙන් අමුතු මුද්දක් හමුවෙයි. ඉන් පැයකට පසුව කුරිරු ලෙස මරාදමන ලද මිලීගේ මළසිරුර හමුවෙන අතර මුද්ද අතුරුදහන් වෙයි. ස්කොට්ලන්ඞ් යාර්ඞ් පොලීසිය මුද්ද ගැන සියලූ විස්තර දැන සිටියි. මේ අතර රටේ සිදුවූ ඝාතන සහ කඩාකප්පල්කාරී කි‍්‍රයා රැුසකට වගකිවයුතු අබිරහස් සංවිධානයක් ගැන යුද හමුදා රහස් ඔත්තු සේවය තොරතුරු රැුස් කරමින් සිටියේය. මිලීගේ මිනීමරුමත් සමඟ අබිරහස් සංවිධානය පිටුපස සිටින අපරාධකරුවන් එළිදරව් කර ගැනීමට උත්සුකව කි‍්‍රයාකරන ඔවුන් එ් සඳහා විශේෂ පුහුණුවක් ලබා සිටි හිටපු හමුදා සෙබළෙක් වූ මාටින් කොරිඩන්ගේ සේවය ලබා ගනියි.
කොරිඩන්ට නැවත හමුදා සේවයේ වැඩ කරන්න උවමනාවක් තිබුණේ නැත. නමුත් ඔහුගේ මිතුරියක වූ මිලීගේ කුරිරු ඝාතනයෙන් කම්පාවට පත් ඔහු අවසානයේදී අබිරහස් සංවිධානය ගැන සොයාබැලීමට එකඟ වෙයි.
ඔහු ජීවිතය පරදුවට තබා සංවිධානයේ තොරතුරු සොයාගැනීමට කරන දැඩි උත්සාහය සහ ඔහුට මුහුණපෑමට සිදුවෙන ත්‍රාසජනක සිදුවීම් මෙම කතාවෙන් එළිදරව් කරයි. අවසානයේදී ඔහු සංවිධානය විනාශ කර එහි අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවයිද?