Cart

Best Seller

කටුමැට්ටෙන් එහා

Availability: In stock

Rs. 800

වයඹ පලාතේ සුන්දර පොල්ගහවෙල ,වැල්ලෑව නම් ගමේ ජන්මය ලැබූ මාලනි අබේවික්‍රම මහත්මිය කු/පොල්පිටිය රජයේ කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද පොල්ගහවෙල පරාක්‍රමබාහු  මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලබා එහි උසස් පෙළ විද්‍යා විෂයන් හදාරමින් ශිෂ්‍යාවක් ලෙස සිටියදීම මහරගම ගුරු විද්‍යාලය ප්‍රවේශ විභාගය සමත් වීම නිසා 1963 වසරේ තාවකාලික ගුරුපත්වීමක් ලැබුවාය .1964 /65 කාල වකවානුවේදී  මහරගම ගුරු විද්‍යාලයට ඇතුලත්ව එහි විද්‍යා විශේෂ පුහුණු ගුරුවරියක  ලෙස පුහුණුව ලැබ රාජ්‍ය ගුරු සේවයට ඇතුළත් වූවාය .ඉක්බිතිව පුරා වසර 40ක කාලයක් ගුරුවරියක   ලෙස දරුවන් දහස් ගණනකට තම දැනුම බෙදා දුන් ඇය, පළමු පෙළ  ගුරුවරියක් ලෙස රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා විට මහනුවර දිස්ත්‍රික් පරිසර නියමු දිස්ත්‍රික් කොමසාරිස් වරියක් ලෙස තම සේවය සපයන ලද්දීය .

මහනුවර මහමායා බාලිකා විද්‍යාලය සොබාදම් සිසු හවුලේ නියමුවරිය ලෙස සිසු දියණියන් දහස් ගණනකට ගුරු හරුකම් ලබා දුන් ඇය
ගැමි සුවද , ගමෙහි සොබා සෞන්දර්යය ඉතාමත් ලගන්නා සුළු අන්දමින් වචන ඔස්සේ “කටු මැට්ටෙන්” එහා කෘතිය හරහා අප වෙත ළඟා කරන්නීය .

Quantity :
Compare

Katu matten eha

කතෘ : මාලනි අබේවික්‍රම

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

 

Weight .541 kg
Loading...