Best Seller

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

Availability: In stock

Original price was: Rs. 1,480.Current price is: Rs. 1,184.

නළලේ කැළලක් ඇති , නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය, බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කදුළු ඇතිය, ඇසීම දුබල ය .   බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසල් පෙළ පොතින් ඉවත් කෙරේ.    බෞද්ධ භික්ෂුවකව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත්‍ර අදී. ඔහු කියුබිසම් ආර චිත්‍ර තෝරා ගනුයේ ගැහැනු හෙළුව ඒ තුළ සගවන්න යැයි සග සමාජයෙන් චෝදනා නැගේ. ප්‍රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක ඔහු ඒ චිත්‍ර සියල්ලට  ගිනි ලා සිවුරු හරී.
කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් නොවේ. එහෙත් එහි බරපතල චෝදනාවෙකි. කවියේ එන කුකුළා මොහුම යැයි පළමුව කසුකුසුවක් නැගේ. ඒ හා ම කවදත් ඔහුට එරෙහි විචාර ගෙනා කථිකාචාර්යවරියක විසින් කිවිවරියක හා කළ සංවාදයක් එළි දැක්වේ. තම අධිකාරී බලය යොදා මොහු මැදි වියේදී අංකුර කිවිඳියන් ඔසවා තබනුවස් ලිංගික අල්ලස් ගත් බවට චෝදනාවෙකි.
සැබැවින්ම මෙම මහා කිවිවරයා අංකුර කිවිඳියන් අපයෝජනයට ලක් කළේ ද? ඔහුගේ මහාචාර්ය බිරිඳ ඔහුගේ මෙම ලිංගික හැසිරීමට රුකුල් දුන්නී ද?

Quantity :
Compare
Categories: ,

කතෘ : පී.බී ජයසේකර

ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ

 

Weight .400 kg
Loading...