Best Seller

අඹ පාරේ ගෙදර

Availability: In stock

Original price was: Rs. 460.Current price is: Rs. 368.

මෙක්සිකානු සම්භවයක් ඇති අමෙරිකානු ලේඛිකාවක වන සැන්ඩ්‍රා සිස්නෙරොස්ගේ The House on Mango Street නවකතාවෙහි ප්‍රධාන චරිතය වන්නේ එස්පැරැන්සා නම් යෞවනියකි. කතාව පුරාම ඇය අපට විවිධ කාන්තා චරිත මුණගස්වයි. එක් පසෙකින් ජාතිවාදී ගැටලු ද අනෙක් පසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන විශ්වීය අරගලය ද කතාව තුළින් ඇය ඉස්මතු කරන්නීය. එස්පැරැන්සා ඇගේ පරිසරය තුළ කාන්තාවන්ගේ විභවය කප්පාදු කොට දමන සමාජ සීමාවන්ගෙන් මිදීමේ අපේක්ෂාවෙන් සිහින පසුපස හඹා යන්නීය. එම සිහින සැබෑකර ගැනීමේ ආශාව නිසාම, උපද්‍රව හමුවේ නොසැලී නොපසුබට උත්සාහයෙන් ඉදිරියට යෑමට ගැහැනියකට තිබෙන පුළුවන්කාරකම එස් ස්පැරැන්සා නම් චරිතය තුළින් මතුකර දෙන්නට සැන්ඩ්‍රා සිනෙරොස් සමත් වී තිබේ. අඹ පාරේ ගෙදර’ ලෙසින් ඔබ අතට පත්වනුයේ එම කතාන්දරයේ සිංහල පරිවර්තනයයි.

Quantity :
Compare

aba pare gedara

පරිවර්තනය ගයනි ගුරුගේ

Weight .100 kg
Loading...