Showing 721–768 of 1284 results

0 out of 5

දුෂ්ටයෙකුගේ ආදර කතාවක්

Original price was: Rs. 400.Current price is: Rs. 360.
ආදර කතාවකට ඕනේ ආදරයක් විතරයි .ඒ ආදරය තුළ ආදරවන්තයා වීරයෙක් වෙන්නත් පුළුවන් දුෂ්ටයෙක් වෙන්නත් පුළුවන් මං මාව ඒ විදියට සාධාරණීකරණ කරගත්තා
0 out of 5

පුනරුප්පත්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම්

Original price was: Rs. 590.Current price is: Rs. 472.
මේ කෘතියට මුල් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ව සිටී ඉයන් ස්ටීවන්සන් මැතිතුමා විසින් රචිත case of the reincarnation type -volume ll - Ten cases in sri lanka  නම් කෘතියයි .පුනරුප්පත්තිය පිළිබඳව එතුමා විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලද සිද්ධීන් අධ්‍යන දහයක් ඉංග්‍රීසි බසින් මුල් කෘතියෙහි ඇතුළත් විය.මුල් කෘතිය 1977 දී ප්‍රකාශයට පත් කළ නමුත්  මේ කෘතියෙහි අඩංගු...
0 out of 5

පෙර භවයේ දරුවන් සොයා

Original price was: Rs. 480.Current price is: Rs. 384.
ඇය සිය ළමා කාලයේ සිට මතකයන් සහ සිහින මඟින් සිය පෙර ජීවිතය දකින්නීය .ඒ අතරින් ගමන් කොට පෙර භවයේ තමා විසූ ගම කරා ගොස් තමා පෙර ජීවිතයේ දී සිටි නිවස ආ ගිය කඩසාප්පු, පල්ලි ආදිය දැක බලා ගන්නීය . එපමණක් නොව පෙර භවයේ තම කුසින් බිහි කළ, දැන් වියපත්ව සිටින තම දරුවන්ද මුණගැසෙන්නීය මේ ජෙනීගේ සැබෑ කතාවයි
0 out of 5

ලංකා ඉතිහාසයෙන් කතන්දර

Original price was: Rs. 800.Current price is: Rs. 720.
මුල් කෘතියේ සඳහන් අන්දමින්ම මාරි මියුසියස් හිගින්ස් මැතිනියගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "stories  from the history of ceylon "නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයෙන් කතන්දර"මැයෙන් මෙසේ සිංහල සාහිත්‍ය හා සබැඳේ රාම සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි . තම මව්බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම...
0 out of 5

මගේ පුතා චේ ගුවේරා

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව නැගී සිටින තරුණ කැරැලි කරුවන් හඳුන්වන සන්නාමයකි .1971 හා ඉන්පසුව  බලයට පත් රජයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරැලි කරුවන් චෙගුවේරා කාරයන් ලෙස හැඳින්වූයේ මේ අරුතිනි. එහෙත් චේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේපල විනාශ කළ, ඉන් පසුව  සිය සගයන් පාවා දුන් විප්ලව කාරයකු...
0 out of 5

සියක් වසක හුදකලාව

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,440.
දකුණු ඇමරිකානු ඈත වාස භූමියක් ලෙස කල්පිතව ගොඩනංවන මැකොන්ඩෝව ජනාවාස කරගත් බුඑන්ඩියා පවුලේ මෝහනීය ඉතිහාස කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරාණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස් ගොඩ නංවයි
0 out of 5

දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ඔබට මේ කතා ඉවසා දරා ගන්නට බැරි නම් එහි අරුත සමාජය අප්‍රසන්න බව ය .දැනටමත් විහින් නග්නව ඇති සමාජයක සළුපිළි ගලවන්නට මා කවරෙක්ද , මම එය ආවරණ කරන්නට තැත් නොකරමි .එය මගේ කාර්යයද නොවන්නේය .ඒ සන්නාලියන් ගේ කාර්යයි. ඔබට මගේ කතා කැත බවක් පෙනී යන්නේ නම් එහි අරුතඔබ ජීවත් වන සමාජය කැත බවයි .මගේ කතා තුළින් මම සත්‍ය නිරාවරණය  කරමි...
0 out of 5

කියනු වස් පවතිමි

Original price was: Rs. 1,100.Current price is: Rs. 990.
අම්මා පැමිණ නිවස විකුණන්නට යමු යැයි කියද්දී ගබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ලේඛනය අත්හදා බලමින් ඉන්නා විසි තුන් හැවිරිදි තරුණයෙකි. ඒ,ඔහුගේ කොලොම්බියානු පැටිවියේ මතකයේ රැඳුනු , අරකාතාකා ගමේ පිහිටි සීයලාගේ නිවසයි . ඔහුගේ  මතකාවර්ජනන්ගේ පළමු කොටස වන මේ තුළින් ,නොබෙල් ත්‍යාගලාභී රචකයා සිය ආශ්චර්යමත් පරිකල්පනය ගොඩනැඟූ , නොමද පාඨක ආදරේට පාත්‍ර වූ සුප්‍රසිද්ධ  ප්‍රබන්ධයේ පදනම නිමැවූ , ඒ පරිසරය වෙත නැවත පැමිණෙයි...
0 out of 5

ආදරණීය වික්ටෝරියා

Original price was: Rs. 650.Current price is: Rs. 520.
ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වූයේ ඇයයි එසේම නම කියූ සැනින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු වූ තුළ බලාපොරොත්තු දැල් වූයේ ද ඇයයි එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවනැල්ල වූයේද ඇයයි.  
0 out of 5

රැජින

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
මේ වූ කලී නාකි මහානාග රජුගෙන් මෙන්ම ලාබාල කුඩා තිස්ස රජුගෙන් ද කිසිදා ආදරය නොලැබුණු අසරණ බිසවකගේ කතාවය. එසේම , ආදරේ උදුරා විසිකළ මොහොතක අහම්බෙන් එය නැවත මුණගැසුනු මහා රැජිනකගේ කතාවය . එපමණකුදු නොව මිසරයේ ක්ලියෝපැට්රා රැජිනට මුළු හදවතින්ම ආදරය කළ අසාමාන්‍ය ගැහැනියකගේ ද කතාවය
0 out of 5

ලොවීනා

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,485.
2014 ගොඩගේ සාහිත්‍ය සම්මාන නිර්දේශය 2014 ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශය
0 out of 5

මාගම් සෝලිය

Original price was: Rs. 720.Current price is: Rs. 576.
Magam soliya කතෘ : මොහාන් රාජ් මඩවල – Mohan raj madawala ප්‍රකාශනය : බිසෝ ප්‍රකාශන –  Biso publishers  
0 out of 5

මොනවද ඔට්ටු ?

Original price was: Rs. 480.Current price is: Rs. 384.
අනිත් දා පත්තරයේ කතුවර කේ .ඩබ් .ජනරංජන මහතා තම පත්‍රවලට ලිපි පෙළක් ලියන්න යැයි ආරාධනා කළ විට මම එක් කොන්දේසියක් ඉදිරිපත් කලෙමි .මගේ ලිපි සරල අතර , බරසාර නැති බවත් මගේ අරමුණ හුදු විනෝදාස්වාදය සමග දැනුම ලබා ලබාදී ආකල්ප වෙනසක් කිරීමට වෑයම් කිරීම බවත් කී විට ඔහු එකඟ විය. අවුරුදු පතා ලෝකයේ රටවල් වල වැසියන් ගේ සතුට මැනීමට එක්සත් ජාතීන්...
0 out of 5

වනගත පාසල

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
මාස 16ක් මොනරාගල දිස්ත්‍රික්කයේ වනගත ගමක ජිවත් වී ආවාසිදායක ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය පිළිබඳව කළ පර්යේෂණය මුල් කර ගත් මහාචාර්ය Victoria J Baker ගේ The Blackboard in the jungle පොතහි අංග සම්පුර්ණ සිංහල පරිවර්තනය දැන් වියත් වෙතින් ගෙන්වාගත හැක
0 out of 5

කැන්ඩි මහල්

Original price was: Rs. 775.Current price is: Rs. 697.
මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙළිඟු,මරාති හා යුරෝපීය පවුල් වල කතා අලංකාරයයි . දෙමළ  වූ සිංහල මිනිස්සුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රණයයි . ගම්වැදි දුනුකාර හමුදාවලට බැඳී සිටි අපේ මුතුන්මිත්තන්ගේ නම් ගම් වෙනස් වීමේ විචිත්‍රත්වයයි . මේ බිංදු බිංදු සිංදුවතියක්  බඳු  නැන්සිනාගේ කතාවයි .මේ මරිය පොරලෙන්තිනා වංශවත් ස්ත්‍රියකවීමේ සිදුවීම් දාමයයි . මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි .මේ කොළඹ යාපනය හා...
0 out of 5

යේසුස් නම් වූ මනුෂ්‍ය පුත්‍රයා

Original price was: Rs. 550.Current price is: Rs. 440.
යේසුස් කිසිදා විවාහයක් කර නොගත් නමුත් ඔහු කාන්තාවන්ගේ මිත්‍රයෙක් වූයේය .ප්‍රිය මනාප  වූ සහෝදරත්වයක් තුළදී දැන හඳුනා ගන්නා අන්දමින් ඔහු ඔවුන් පිළිබඳව දැන සිටියේය .අවබෝධයෙන් හා විශ්වාසයෙන් යුතුව දරුවන්ට ආදරය කළ යුතු ආකාරයෙන්ම ඔහු දරුවන්ට ආදරය කළේය . ඔහුගේ දෑසෙහි ලෝකය තුළ පියෙක් ද, පුත්‍රයෙක් ද, සොහොයුරෙක් ද වූහ උපුටාගැනීම පිටු අංක 33
0 out of 5

සුදුවතුර ආර ගම

Original price was: Rs. 650.Current price is: Rs. 520.
විසිවන සියවසේ සිංහල ගමක ජන ජීවිතය මොණරාගල දිස්ත්රික්කයේ , වනගත හුදෙකලා ගමක ,ගැමියන් තනා දුන් පැල්පතක ජීවත් වෙමින් ගමේ ගැමියන් ඇසුරු කරමින් එම ගමේ ගැමියන්ගේ දිවි පැවැත්ම පිළිබඳ අංග සම්පූර්ණ අධ්‍යයනයක් කළ මහාචාර්ය වික්ටෝරියා බේකර්ගේ A sinhalese village in sri lanka නම් විශිෂ්ට පර්යේෂණ  කෘතිය සමරසිංහ  ගුණසේකර හා රන්මිණි විතානගම විසින් සිංහලයට පරිවර්තනය කළ වගයි , සුදුවතුර ආර ගම ගැමියන්ගේ...
0 out of 5

නිල් කට්රොල්

Original price was: Rs. 1,550.Current price is: Rs. 1,240.
Nil katarol කතෘ : මොහාන් රාජ් මඩවල – Mohan raj Madawala ප්‍රකාශනය : බිසෝ ප්‍රකාශන : Biso publishers    
0 out of 5

චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ
0 out of 5

ලෙයට ලෙය

Original price was: Rs. 850.Current price is: Rs. 680.
JAMES HADLEY CHASE ගේ "I'LL BURY MY DEAD  කෘතියේ සිංහල පරිවර්තනය
0 out of 5

සංසක්කාරී

Original price was: Rs. 980.Current price is: Rs. 882.
කෙල්ල පණමෙන් ආරක්ෂා කළේ කිරුළ වත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවෙයි .ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යැයි සැලකූ පක්ෂපාතී බව , ලෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි .හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට ,සිංහාසනයට වඩා වැඩි තැනක ,ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තෙ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි ... සංසක්කාරී පළමු වැකියේ පටන් පාඨකයා ඇද බැඳ තබා ගන්නා වගේම ඔහුව විශ්මයට පත්  කරනා...
0 out of 5

කැබලි

Original price was: Rs. 450.Current price is: Rs. 360.
පෝලන්තය නට්සි ග්‍රහණයට නතුවී යුදෙව්වන් රැස් කිරීම අරඹන විට බින්ජම්න් විල්කොමිර්ස්කි කුඩා දරුවකු පමණි .එස් එස් භටයන් කුඩා බෙන්ජමින් ගේ පියා ඝාතනය කළේ ඔහුගේ ඇස් ඉදිරිපිට ම ය .අනතුරුව සිය පවුලෙන් වෙන් කරනු ලැබූ ඔහු නැවත හමුවන්නේ විවිධාකාර යුදෙව්වන් ගහන මැජ්ඩනෙක් ඝාතන කඳවුරේ ය .මේ විට ඔහු තුන් හෝ සිව් හැවිරිදි  විය .මේ හුරුබුහුටි කෘතිය හරහා බෙන්ජමින් අප වෙත විස්මයාවහ...
0 out of 5

සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

Original price was: Rs. 550.Current price is: Rs. 440.
කතෘ : සයිමන් නවගත්තේගම ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ
0 out of 5

සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා

Original price was: Rs. 200.Current price is: Rs. 160.
ව්‍යාඝ්‍ර ධේනුව  දැන් මගේ ලලෙයට  පුරුදු වී ඇත .මොහොතකට පෙර ඇගේ සහජ ස්වභාවය ඈ මනාව දත් විලිස්සා දැක්වූවාය. .සාගින්න අධික වන විට පෙරදී වූ සාරධර්ම උදාර සත්ත්ව ගතිගුණ වලට පවතින්නට ඉඩක් නොවන්නේය .කෙසේ වුවද මෙම අඳුරු ගැඹුරු ළිඳෙහි ශිෂ්ට  ගතිගුණ වලට පවතින්නට කොහෙත්ම ඉඩක් නොවන්නේය. .සංසාරණ්‍යයේ දඩයක්කාරයාගේ  දෙවන භාගය වන සංසාරාරණ්‍යයේ  උරුමක්කාරයා නවකතාවෙන් හෙළි කරන්නට අදහස් කෙරෙන්නේ වනාන්තරයේ ආරක්ෂිත භාවය...
0 out of 5

සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා

Original price was: Rs. 275.Current price is: Rs. 220.
කතෘ : සයිමන් නවගත්තේගම ප්‍රකාශනය : ෆාස්ට් පබ්ලිෂින් – සුරස ප්‍රකාශකයෝ
0 out of 5

ක්ෂීර සාගරය කැළඹිණ

Original price was: Rs. 250.Current price is: Rs. 200.
නමුත් මම කියන්ඩ ඕන එක කාරණයක් - ඔබ විශ්වාස කරන්නේ කඩුව - යුද්ධය . මං විශ්වාස කරනවා කැත්ත  උදැල්ලෙන් ඊට වඩා යුද්ධයක් කරලා තමන්ගේ සමෘද්ධිය  තමන්ටම ලබාගන්න පුළුවනි දුප්පතාට   එදා රාත්‍රියේ දැරිය සමග ඔහු ගෝනහමේ නිදාගෙන සිටියේය .මෙම හොර නායකයා සමග හිද ඔහුට සේවය කරන්නට තරම් අධිරාජ්‍යාගේ හිතේ ඔහු ගැන පැහැදීමක් ඇති වී තිබුණි
0 out of 5

සංසාරාරණ්‍යය අසබඩ

Original price was: Rs. 700.Current price is: Rs. 560.
දෙගොඩ තළා බස්නා ගංගා සැඩ පහර හරහා එක්තරා ආගන්තුකයෙක් එම ගම්මානයට සම්ප්‍රාප්ත විය. පළමුකොට ම ඔහු දර්ශනය වූයේ ආරණ්‍යයේ හාමුදුරුන්ට ය. කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය. අධ්‍යාත්මය පත්ළෙහි සංයමයෙන් වූ සියලූ රාග මෝහ මානයෝ නැඟී සිටියහ. යුගාන්තයක පරම්පරාවක දරුගැබක් කඳු මිටියාවත ගම්තුලාන මධ්‍යයෙහි පිළිසිඳ ගත්තේ ය. සයිමන් නවගත්තේගම – කිසිදා කියවා අවසන් කරන්නට බැරි නිර්මාණවේදියාගේ විශිෂ්ඨ කෘතියකි
0 out of 5

ගයිලාර් මැදුරේ සිත්තරාවිය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
  ‘‘ඔබ තාම පමා නෑ, දැන් පවා ඔබට කෙළින්ම ආපසු හැරී යා හැකියි.’’ දුම්රිය බ‍්‍රාන්ච් ලයින් දුම්රිය පොළ වෙත පැමිණෙමින් තිබියදී ද මම මට ම කියා ගනිමින් සිටියෙමි. පසු ගිය රාත‍්‍රිය වන විටත්, මම ප‍්‍රංශයේ චැනල් දුම්රිය පොළ හරහා ගමන් කොට, මුුළු දිනය පුරා ගමනේ යෙදෙමින් සිටියෙමි. ඒ වන තුරුත් මම මගේ ධෛර්යය එක් තැන් කර ගනිමින්, මා බොළඳ ගැහැනු...
0 out of 5

තාපසයා සහ වලසා

Original price was: Rs. 300.Current price is: Rs. 240.
වලසා ශිෂ්‍යයකු හැටියට පත් කර ගැනීමට හැකිවීම ගැන තාපසයා බෙහෙවින් සතුටට පත්ව සිටි නමුත් වලසාට ඉගැන්වීමේ  අභියෝගය භාර ගැනීමට සිදුවීම ගැන නම් මහත් තැති ගැන්මකට පත්ව සිටියේය . ඇත්ත වශයෙන්ම එය තාපසයාට අභියෝගයක් වූයේ ඔහු වලසාට දුන් හැම උපදේශයකින් ම වලසා ගේ හිතට වැදුණේ  එක කොටසක් බැවිනි .වතුර ටිකක් රත් කරන්නේ ඇයි තාපසයා වලසාට කී කළ වලසා කළේ ලිපට වතුර...
0 out of 5

බ්‍රොන්ටේ සොයුරියෝ

Original price was: Rs. 500.Current price is: Rs. 400.
  මෙතෙක් බිහිවූ වඩාත් ප‍්‍රචලිත හා මහජන ආදරය දිනාගත් ලේඛකයන් අතර බ්‍රොන්ටේ සහෝදරියන් ද සිටී. දහනව වැනි සියවසේ සම්භාව්‍ය නවකතා අතරට ඔවුන්ගේ ජේන් අයර් (චාලට්*, වදරින් හයිට්ස් (එමලි* සහ ඇග්නස් ගේ‍්‍ර (ඈන්* ද අයත් වෙයි. සමහරවිට හද කම්පාකරවන මෙම යොවුන්--වැඩිහිටි චරිතාපාදනයේදී එම සහෝදර සහෝදරියන්ගේ කැලඹිලි බහුල ජීවිත සහ ඔවුන් ජීවත්වූ පීඩාකාරී කාලය මෙහි මුල් පොතේ කතුවරිය වන කැතරින් රීෆ් විසින්...
0 out of 5

දඩයක්කාරයාගේ හෝරාව

Original price was: Rs. 800.Current price is: Rs. 720.
සුරූපී හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමනින්ම සිසුවියන්ට ඉගැන්වීම කෙරෙහි යොමුවනු ඇති බවයි. නමුත් , දරුණු සහ දැඩි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධව සිටින , ප්‍රදේශයේ ඉඩම් හිමියා වන ශ්‍රිමත් ජේසන් වෙරිංගර් , එය සිදුවිය යුත්තේ වෙනත් ආකාරයකට බව අධිෂ්ඨාන කරගෙන සිටියේය. කොන්ඩේලියාගේ වඩාත්ම සන්සුන් ශිෂ්‍යාවක් පලා යාමත් සමග සියල්ලම අභිරහසක වෙලී යන අතර වියැකී ගිය...
0 out of 5

මිනිසා යෝධයකු වූයේ කෙසේද

Original price was: Rs. 2,000.Current price is: Rs. 1,800.
මේ මිහිතලය මත යෝධයෙක් සිටී . ඔහුගේ දෑත් යෝධ යන්ත්‍ර සූත්‍ර සැණෙකින් ක්‍රියාශීලී කරයි . ඔහුගේ දෙපා වලට දිනකට මයිල දහසක මග වුවත් ගෙවා යා හැක . ඔහුගේ පියා පත් වලට මොනම කුරුල්ලෙකුට වත් ලංවිය නොහැකි වලා වලින් ඔබ්බට ඔහු ගෙන යා හැකිය ඔහුගේ වරල් මත්ස්‍යයෙකුගේ වරල් වලට වඩා ශක්තිමත්ය ඔහුගේ දෑස් නොදැකිය හැකි දේ දකී, ඔහුගේ කන් ලොව තවත්...
0 out of 5

රාම චන්ද්‍ර ත්‍රිත්වය

Original price was: Rs. 3,000.Current price is: Rs. 2,550.
වසර පන්දහස් පන්සියයක ට ඉහත... විශ්වීය බලවේග පරිපූර්ණ සමාජයක් ගොඩනඟනු පිණිස කැඳවූ විරුවා...රාම.. ඔහුට එරෙහිව නැඟුණු ප්‍රතිවිරුවා රාවණ ... ගැටුමේ මිල ගෙවූ මිථිලාවේ රණ ශූරිය සීතා... ඉන්දියාව දණගැස්වූ ලංකාවේ රජු රාවණ සත්‍ය වශයෙන්ම දුෂ්ට යෙක්ද? ඔහු සපුරාලූයේ විශ්වීය අවශ්‍ය තාවක් ද ? ශිව ත්‍රිත්වය ලියූ අමිෂ්ගෙන් නැවතත් භාරතීය මහා කාව්‍ය යක නව පරිකල්පනය රාම ඉක්ෂුවාකු අංකුරය සීතා මිථිලාවේ රණ ශූරිය...
0 out of 5

සිරකරුවා සහ ඔත්තුකරුවා

Original price was: Rs. 680.Current price is: Rs. 612.
2001 සැප්තැම්බර් එකොළොස් වන දින ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ඓතිහාසික ප්‍රහාරයෙන් පසු තවත් එවැනිම මහා විනාශයකට අල්කයිඩා සංවිධානය සූදානම් වන බවට CIA සංවිධානයට තොරතුරු  ලැබී තිබිණි එහෙත් ඒ කුමක්ද කවදා කොතැන සිදුවන්නේ දැයි ඔවුහු නොදත්හ
0 out of 5

පළිගැනීමේ මෙහෙයුම

Original price was: Rs. 680.Current price is: Rs. 612.
ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාව ට යන ඇමරිකන් තරුණයෙක් මුදල් මංකොල්ල කෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්තවාදියෙක් ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට අවශ්‍ය සියලු උපකාර කරන ඇමරිකානු CIA ප්‍රධානියෙක් ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවේරයෙක්. නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත්‍රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට...
0 out of 5

අවසාන රාත්‍රිය

Original price was: Rs. 650.Current price is: Rs. 585.
ඇමරිකා රජයේ ඉහළ මට්ටමේ ඇති රහසෙ ලෙස පවත්වාගෙන යනු ලබන ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් වන ගැහැණු , පිරිමි අයගේ නාම ලේඛනය "ඝාතන ලේඛනය" ලෙස හැඳින්වේ . මෙම ලේඛනයේ මුලට පැමිණ සිටියේ අනන්‍යතාවය සොයා ගත නොහැකි වන ලෙස තම දේශන මගින් බටහිර ඉහළ පෙළේ පුද්ගලයන් දෙවියන්ගේ නාමයෙන් ඝාතනය කිරීමට අණ කරන අන්තවාදී ආගමික දේශකයෙකි .මෙසේ ආගමේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමරිකාවේ ,බ්‍රිතාන්‍යයේ...
0 out of 5

උණබට කූඩුවේ කුරුල්ලා

Original price was: Rs. 950.Current price is: Rs. 760.
  1941, චීනය. මිත‍්‍ර පාර්ශ්වයන්ට එරෙහිව ජපානය යුද ප‍්‍රකාශ කිරීමත් සමඟ එල්ස්පෙත් කෙන්ට් ගේ අනාගතය සදහටම වෙනස් විය. ගුරුවරියක් ලෙසින් ඇය සේවය කළ මිෂනාරි පාසැල සොල්දාදුවන් අතට පත්වූ පසු එතැනින් ලැබුණ රැුකවරණය වෙනුවට සලාක ක‍්‍රමය, අවිනිශ්චිත බව සහ බිය එහි අරක් ගත්තේ ය. චීෆූ පාසැල යනු දස හැවිරිදි නැන්සි ප්ලමර් හට හැම විටම ආරක්‍ෂා සහගත බවක් දැනුණ ස්ථානයකි. එ්ත් දැන්...
0 out of 5

ලක්දිව සැඟවුණු වනකතා

Original price was: Rs. 700.Current price is: Rs. 630.
ලලා ආදිත්‍ය තරුණ ගුහ නිර්මාණ ශිල්පියෙකි .ලංකාවේ සැඟවුණු සෞන්දර්ය හෙළිකළ  හඳුන්වා දීමට ඔහු කෙරෙහි පැවතියේ මහත් උද්යෝගයකි.ගල්කිස්සේ ශාන්ත තෝමස්  විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ලලා ලන්ඩනයේදී වෘත්තීය පුහුණුව ලැබීය. .බටහිර යුරෝපයේ මැදපෙරදිග රුසියාව හා ඈත පෙරදිග රටවල දීර්ඝ සංචාරයන්හි යෙදුණු මේ  ලේඛකයා වන ජීවිතය , සත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කළේ හෘදයානන්දාකාර ශෛලීකිනි.මෙතෙක් කිසිදු ලේඛකයකු නුදුටු සිතිජයක් හෙළිකරමින් රචිත ලක්දිව...
0 out of 5

පෙම්බර ලංකා

Original price was: Rs. 680.Current price is: Rs. 612.
පෙම්බර ලංකා යනුවෙන් මෙසේ සුහද පාඨක ජනතාව අතට පත් කෙරෙන්නේ ආර්. එච් බැසට් නම් විජාතිකු විසින් ලියැවුණු Romantic  ceylon නැමති සුප්‍රකට කෘතියේ සිංහල පරිවර්තනයයි .ඉංග්‍රීසි පොත ප්‍රථම වලට 1929 දී ප්‍රකාශයට පත් වූවකි . සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතීන් අතර පැවති ප්‍රබල සමගිය අවධාරණය කරමින් ඇරඹෙන මේ ග්‍රන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජනකොටස්වල විවිධ සංස්කෘතික...
0 out of 5

අන්දීසයේ මරණය

Original price was: Rs. 550.Current price is: Rs. 440.
ඉතා දුෂ්කර පෙදෙසක අන්තරායකාර වාතාවරණයක පාළුවේ පසුවන හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගේ සංවාදයක ස්වරූපයෙන් දිගහැරෙන මේ කතාව පේරූ දේශය  මතු නොව සමස්ත ලෝකෙම පීඩිත මිනිසුන්ගේ පොදු අත්දැකීම් ඒ විවිධ පාර්ශව නිරූපණය කිරීමකි .කතන්දර මගින් ඉදිරිපත් කෙරෙන අන්දීසයේ  මරණය යනු පේරුවේ කතාව වන්නා සේම අපේ කතාව ද වන්නේ යැයි පාඨකයාට හැඟී ගියහොත් එය ද අරුමයක් නැත.
0 out of 5

සියවසක් පවත්නා දවස

Original price was: Rs. 800.Current price is: Rs. 720.
මධ්‍යම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තැනිතලා වත් ,නිම්හිම් නැති අභ්‍යවකාශයත් පසුබිම් කර රචිත මේ සුවිශිෂ්ට නවකතාව ,ඉතිහාසය හා  පුරාවෘත්ත ද මුසු කරමින් පශ්චාත් දෙවන ලෝක යුධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුෂ්කර දුම්රිය මංසන්ධියක සේවය කළ වැසියන් පිරිසකගේ ජීවිත අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක බැල්මකි .එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශය තුළ විසූ මධ්‍යම ආසියානු ජනයාගේ...
0 out of 5

ඔබ මගේ මුරපදේ

Original price was: Rs. 750.Current price is: Rs. 600.
වර්තමාන ඉන්දියාවේ විදේශීය තොරතුරු තාක්ෂණික සමාගම්හි ක්‍රියාකාරකම් වල ආගමනයත් සමගම සාම්ප්‍රදායික ඉන්දීය යෞවන දැඩි වෙනස්කමකට ලක් විය .ඔවුන්ගේ හැසිරීම් රටා කතා හා සිතුම් පැතුම් ද සහමුලින්ම වෙනස් විය. මෙම නවකතාවෙන් නිරූපණය වන්නේ ද නූතන ඉන්දීය යෞවනයෙහි හි නව ස්වරූපයයි . මෙම නවකතාවේ සුවිශේෂත්වය වන්නේ සැහැල්ලුව ,වින්දනය ,ජීවිතයේ සුන්දරත්වය ,දුක ,සතුට හා විශ්මය අතරේ සැනෙකින් දෝලනය වන සිදුවීම් මාලාවකින් යුක්ත වීමය...
0 out of 5

කහ උණ 1793

Original price was: Rs. 500.Current price is: Rs. 400.
පිලඩෙල්ෆියා නගරයේ වීදි ඔස්සේ 1793 දී කහ උණ වසංගතයක් පැතිර ගිය අතර ලෝරී හැල්ස් ඇන්ඩර්සන්ගේ නවකතාවේ, ‘කතා බීජය ද වසංගතය තරමටම වියරුවකින් පාඨක හදවත් තුළට කාවදින එකකි.’ යයි ‘ද නිව්යෝක් ටයිම්ස් බුක් රිවීව්’ සඟරාවේ විමර්ශනයක සඳහන් කර ඇත. 1793 ග‍්‍රීෂ්ම ඍතුවේ මැටී කුක් නමැති 15 හැවිරිදි දැරිය ජීවත්වූයේ ඇගේ වැන්දඹු මව සහ සීයා සමග ඔවුන්ගේ පවුලට අයත් කෝපිහලක ය. මැටී...
0 out of 5

මහල්ලා සහ ඉඟුරු පැලය / ඇටමිදුළු

Original price was: Rs. 550.Current price is: Rs. 440.
මහල්ලෙක් , ඉගුරු  පැලයක් සහ ඔහුට තනි රකින බල්ලෙක් .දකුණු නියං සමයක සියලු මිනිසුන් විසින් හැර දමන ලද ගම්මානයක ජීවත් වීම සඳහා වන දරුණු අරගලයක් .සැමියාද තමන් හැර ගිය පසුව පරම්පරාගත රෝගයක් හේතුවෙන් මානසික වශයෙන් දුබල බවට පත් පුතකු සහ දියණියන් තිදෙනකු සමඟ ජීවිතය හා පොර බදින මවක් .අතිශය දරුණු තත්වයන් යටතේ වුව නොවැටී දරා සිටීමට සහ නැගිටීමට මිනිසා සතු...
0 out of 5

ඇපල් ගහ යට

Original price was: Rs. 780.Current price is: Rs. 624.
හොඳින් ජීවිතය ගත කළා කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද ? මට හිතෙන හැටියට නම් හොඳින් ජීවිතය ගත කිරීම කියන්නේ හොඳ ජීවිතයක් ගත කිරීමට වඩා වෙනස් දෙයක් ... මා දන්නා තරමින් හොඳ ජීවිතයක්  ගත කිරීම කියන්නේ සමාජ විරෝධී දෙයින් වැළකී සදාචාර සම්පන්න හා විනයනුකූල රීතීන් හැකිතාක් අනුගමනය කරමින් සමාජයට ප්‍රයෝජනවත් ගමන් මගක යන එකයි . අනෙක් අතට එයට ප්‍රතිවිරුද්ධ ලෙස හිතුවොත්...
0 out of 5

අල්තිනායි රුවන්මලී සහ රුත්

Original price was: Rs. 475.Current price is: Rs. 380.
අයිත්මාතව්ගේ ගුරු ගුරුගීතයේ එන අල්තිනායි සහ දුෂෙයින් අතර පැවති සම්බන්ධතාවය කෙසේ විණි ද ?ඒ ගැන මහාචාර්ය අල්තිනායි සුලෙයිමානවා කියන්නේ මොනවාද ?...   තමා උගත් පාසලේ විදුහල්පතිවරයාගේ අශිෂ්ට හැසිරීම නිසා දිවියෙන් සමුගත් සොළොස් හැවිරිදි තිමානි, අගවිනිසුරුට ලිංගික  අල්ලස් දීම ප්‍රතික්ෂේප කොට නඩුවෙන් පරාජය වන රුත්, දානයේ ආනිසංස ගැන සිතා පන්සලේ හාමුදුරුවන්ට සිවුරු පූජා කරන කමලානි,භික්ෂූන් දෙදෙනෙකුගේ රාගාන්විත චේතනාවලට මැදිව අසාධ්‍ය රෝගයකින්...
0 out of 5

මැහුම්කාරි

Original price was: Rs. 750.Current price is: Rs. 600.
නවසිය පනහ දශකයේ දවසක ටිලී ඩනේජ් නමැති සුන්දර යෞවනිය ඕස්ට්‍රේලියාවේ පිටිසර කුඩා නගරයක පිහිටි තම නිවසට ආපසු පැමිණියේ සිය මව මෝලී රැක බලා ගැනීමේ අරමුණිනි . මෝලී ඒ වන විට අබල දුබල උමතු ගැහැනියක බවට පත්ව ඇති බව ටිලී දැනගත්තේ ඒ ආ ගමනේදීය. ඩනේජ්හි නගර වැසියන් වසර ගණනාවකට පෙර ටිලීව ඈත නුවරකට පිටමන් කර තිබුණි .උපන් බිමෙන් පිට ව සිටි...
0 out of 5

මේඩ්න්ස්

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
පරිවර්තනය : කවීෂ නදුන් කග්ගොඩආරච්ච් ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශන The Maidens  
Loading...