Showing 49–96 of 773 results

0 out of 5

ජමිලා

Original price was: Rs. 400.Current price is: Rs. 320.
තමා හා පෙමින් වෙළුණු ඇය, ඇගේ දෙගුරුන් වෙතින් රහසේ රැගෙන අවුත් සහේට ගත් කඩවසම් තරුණ සාදික්. ඇය නිසා තම ළමාවියට ආයුබෝවන් කියන බාල මස්සිනා සෙයිට්. යුද සේවයෙන් මුදා හළ පසු ගමට ආ දිරි සපන් ආබාධිත සොල්දාදුවා දනියාර්. මේ තිදෙනාගේ ප්‍රේමයට මැදිවන ජමිලා. ලුවිස් ඇරගන් නම් ප්‍රංශ සාහිත්‍යධරයාට අනුව ජමීලා යනු ලෝකයේ ලස්සන ම පෙම් පුවතයි.
0 out of 5

අම්මා සහ මිහි මව

Original price was: Rs. 700.Current price is: Rs. 560.
මට ජයිනාක්, මසෙල්බෙක්, කාසිම්, සුවන්කුල් සිහිපත් වුණා: ඔවුන්ගෙන් කිසිවෙක් ආපසු නොඑනු ඇති. එසේ කියන්නී තොල්ගනායි නම් අම්මා. ඒ ඇගේ පුතුන් තිදෙනා සහ සැමියා. ඔවුන් සියලු දෙනා කුරිරු යුද්ධය විසින් බිලි ගනු ලැබුවා. පසුව තමාගේ ම දියණිය ලෙස ස්නේහ පෑ ලේලිය, අලිමාන් ද අනියමින් ඊට ගොදුරු වුණා. මවක් මේ සියල්ල දරා ගන්නේ කෙසේ ද? ඇගේ වේදනාව ඇය මිහිකත සමඟ පවසනවා. මිහිකත ඊට සවන් දෙමින්...
0 out of 5

හද සක් චාරිකා

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
රිද්මීය ලෙස ගලාගෙන යන ඔවුන්ගේ ඇඳුම්වල දිග වාටි මොහොතකට නිසලව සන්සුන් වෙයි. කමිසවල වූයේ ප්‍රභාමත් ලෙස වර්ණ ගැන් වූ රාජාලියන් සහ මී ගවයන් ය. මිට මෙලවුණු දෑත් අහසට එසවී ඇති අතර, ඔවුන්ගේ අතැඟිලි එකවර දිග හරින විට අත්ලෙහි ගුලි කර ගත් දූවිලි, සුළඟ සමඟ ඉගිලී යන්නේ වාතලයේ දූලි වලා නංවමිනි. පසුබිමේ වූයේ ගිණිය නොහැකි පමණ අමෙරිකානු මුල්වාසීන්ගේ කුඩාරම් ය. ඉතා...
0 out of 5

බොම්බෙමොටයි

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,105.
හායි.... මගේ නම ෆ්ලෝරා. නමුත් වැඩි දෙනෙක් මට කතා කරන්නෙ ෆ්ලෝසි නැතිනම් ෆ්ලොස් කියලයි. මගේ හොඳම මිතුරිය රියෑනන් වතාවක් දෙකක් මට ෆ්ලොප්සි බනී කිව්වා. නමුත් ඒ එයා මා ගැන ලොකුවට කරදර වුන කාලෙදි. මට කවදාවත් රියෑනන් වගේ මිතුරියක් සොයා ගන්න බැරිවෙයි කියා මා හිතුවා. හොඳයි, ඕස්ට්‍රේලියා ගියොත් නම් කොහොමවත් බැරිවෙයි කියල මං හිතුවා. මගේ අම්මා මාව ඕස්ට්‍රේලියාවට එක්ක යන්න හුඟක්...
0 out of 5

කලු ගැහැණියකගේ සිහිනය

Original price was: Rs. 800.Current price is: Rs. 640.
කළු ගැහැනියකගේ සිහිනය නයිජීරියානු ජාතික බූචී එමචිටා විසින් ලියු Second class citizen නම් ඉංග්‍රීසි නවකතාවේ පරිවර්තනයකි. මානුෂික නිදහස ගැන පූජනීයත්වයෙන් සලකන එංගලන්තයේදී වුවද කළු ගැහැනියක් පත්වන දුක්ඛිත අසරණ තත්ත්වය ගැන බූච් විස්තර කරනුයේ තමා ලන්ඩන් නුවර ගත ගතකළ ජීවිතෙන් ලද අත්දැකීම් ද එකතු කරමිනි .
0 out of 5

අනියම් බිරින්දෑවරු

Original price was: Rs. 1,680.Current price is: Rs. 1,512.
Memoirs of a Geisha - Arthur Golden "මගේ බිරිඳ මියගියත් ඈ තවමත් මා තුළ ජීවත් වෙමින් සිටිනවා." ඔහු මෙසේ පවසද්දී මා සිටියේ රසම රස සුප් කෝප්පයක් පානය කරමිනි. මොහු පවසන්නාක් මෙන් මා ඇසුරු කළ අයත් මා ඇසුරු කළ මිය ගිය අයත් තවමත් මා තුළ ජීවත් වෙමින් සිටී.නොබූ මෙන්ම සභාපතිතුමා ද මා තුළ ජීවත් වෙමින් සිටී.ඒ අතර මගේ අම්මා, තාත්තා, මෙන්ම...
0 out of 5

මගේ මවගේ රහස

Original price was: Rs. 550.Current price is: Rs. 495.
සත්‍ය කතාවක් පාදක වූ මගේ මවගේ රහස  හදවතට දැනෙන සංවේදී කතාවකි. 1939 දී නාසින් විසින් ආක්‍රමණය කළ පෝලන්තයේ යුදෙව්වන්ට නවාතැන් සැපයීම මරණ  දඬුවමකි.ෆ්‍රැන්සිස්කා සහ හෙලේනා තම කුඩා නිවසෙහි යුදෙව් පවුල් දෙකක සහ ජර්මානු සොල්දාදුවෙකුගේ ජීවිත නාසීන් ගෙන් සඟවා ගත්තේ තම ජීවිත පවා අවදානමට ලක් කරමිනි.මෙම බිහිසුණු කාලයේදී හේලේනාගේ ආදර කතාව හදවතට සුන්දරත්වයත් ලබාදෙයි. කතාවේ හදවත බඳු  ෆ්‍රැන්සිස්කා කරුණාව, නිර්භය දයානුකම්පාව...
0 out of 5

දුවපං කොල්ලො දුවපං

Original price was: Rs. 700.Current price is: Rs. 630.
"විශ්වාස කරන්න මම ගොළුබෙල්ලන්වත් කෑවා හරිම අප්පිරියා තමයි. ඒත් රහ බලන්නේ නැතුව එකපාරටම ගිල්ලා." දෙදෙනාම කුඩා පිකප් රථයට ගොඩ වූහ. ඒ එදා ජුරෙක්ව පැහැරගෙන ආ රථයයි.දෙදෙනාම රියදුරු අසුනට යාබද අසුනේ තෙරපී වාඩි වූහ. ආපසු හැරී බැලූ ඇයට ඇස ගැසුණේ ජුරෙක්වය. මේ වන විට එක් අතක් පමණක් ඇති, තඹ පැහැති කොණ්ඩයෙන් යුතු මේ දක්ෂ සිසුවා ගැන විශ්වවිද්‍යාලය කවුරුත් කතාබහ කළහ. දෙවන...
0 out of 5

කඳුකරයේ විරු දරුවෝ

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
සමහරවිට ඔවුන් හැම දෙනාටම බියමුසු හැඟීමක් දැනෙන්නට ඇත. හදිසියේම ඔවුන් එකිනෙකා මුහුණින් මුහුණ බලන්නට වූයේ අනතුරක් පිළිබඳව හැඟුණු අයුරිනි. "ඒ සර්පයෙක් ද?" හාවි කෙඳිරුවේය. ළමෝ ඔහු නොතකා සිටියහ. "මට පිඹින හඬක් ඇහුණා. ඒ සර්පයෙක් වෙන්න ඕනි" " ෂ්...ෂ්....නිශ්ශබ්ද වෙන්න" ගසීට අයිස් මෙන් සීතල දෙව්ලීමක් දැනුණි. ඒ සර්පයෙක් නොවීය. ඌ පිම්බේ නැත. හඬ පැමිණියේ බරැති සතෙකු මඩ මත පා තැබූ අයුරිනි.
0 out of 5

බෙල්සෙන්හි සිරගතව

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
ටොමී රයිකෙන්ටාල් වයස අවුරුදු නවයේදී නට්සීන් ගේ ග්‍රහණයට හසු වන්නේ තම මවත්, එකම සහෝදරයත් ,ආච්චි අම්මත්, නැන්දණියත් සමග තවත් පවුලේ සාමාජිකයින් කිහිප දෙනකු ද සමගය.අවසානයේදී ඔවුන් රඳවා තබන්නේ ඉතාම බිහිසුණු සිර කඳවුරක් වූ  බර්ගන් - බෙල්සෙන් කදවුරේය.ඔවුන් කළ එකම අපරාධය ලෙස හැඳින්විය හැක්කේ ස්ලෝවැකියාව තුළ යුදෙව්වකු ව ඉපදීම පමණි. කඳවුරේ ගත කළ කාලයේ එහි සිදුවූ දරුණු සිදුවීම් සියැසින් දුටු සාක්ෂිකරුවකු...
0 out of 5

ටානියා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
"ධනවාදයෙන් ක්‍රියාත්මක වන ලෝකයක අපේ ජනතාව ලක්වී ඇති ආත්මාර්ථකාමී ස්වභාවයට විරුද්ධව හැම ජනතාව කෙරේ ඇති ආදරයේ සලකුණු හැඟීම් ඇය සතුයි. තවද ඇය ජීවිතය ගැනද නොසිතමින් ප්‍රධාන අරමුණට අවදානම දරාගෙන යන්නියකි." -චේ ගුවේරා- "ප්‍රසන්න භාවයක් ඇති කතා බහ කිරීමට පහසු අතිශයෝක්තියෙන් තොර, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉහල දැනුමක් ඇති අයෙකි ඇය." -ටියොබල් ඩෝ- (රහස් මෙහෙයුම් තාක්ෂණික උපදේශක) "අපේ 'ඉටා' ටමාරා බවට...
0 out of 5

නොගිලිහෙන්න

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,170.
නූතන එංගලන්තයේ පරිකල්පිත සමාජයක හැදී වැඩෙන සිසුන් කණ්ඩායමක ජීවන අත්දැකීම් ඇසුරෙන් කසුඔ ඉෂිගුරො විසින් රචිත 'නොගිලිහෙන්න' මෑත කාලීනව බොහෝ සේ පිළිගැනීමට ලක් වූ  මෑන් බුකර් සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වූ නිර්මාණයකි. අවුරුදු තිස්එකක් වන කැතී, හෙයිල්ෂම්  පාසලේ ගත කළ සිය සුන්දර ළමා කාලය හා පුළුල් ලෝකය තුළ මිතුරු මිතුරියන්ට මුහුණ පෑමට සිදුවන ඉරණම වටහා ගැනීමට කරන උත්සාහය විවරණය කර ඇති...
0 out of 5

තෙල්මා

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
මාරි කොරෙලි  සොඳුරු කවි බසින් අප අමතා කියන්නේ රෑ ඉරපාන හමුවූ ෆිලිප් - තෙල්මා යුවලගේ ආදර වෘත්තාන්තයයි.නෝර්වේ  දේශයේ බොස්කෝප් ග්‍රාමයේ නූගත් ගැමියෝ තෙල්මාගේ හදවත තබා රූ සිරියවත් වටහා නොගත්තෝය. ගතිකානුගත අදහස් එකහෙළා පිළිගත් ඔහුහු ඇය යක්දෙස්සියක යැයි කීවෝය. රසවින්දනයෙන් සාහිත්‍යය, සංගීත, කාව්‍ය හා නාටක රසාලිප්තව, ඒ සොඳුරු බව රූ සිරියාව හා කැටිව තෙල්මා නම් පිරිසිදු හදවත් ඇත්තිය නිර්මාණය වූවාය.ලන්ඩනයේ වංසක්කාර...
0 out of 5

දංගෙඩිය

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරිවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාවය බිඳ වැටීමෙන් පීඩනයට ලක්වන  මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතික ප්‍රශ්න කිරීම් හමුවේ නෙරපනු ලබන පූජකවරයකු මිනිසාට තමන් අදහන සත්‍ය වටහා දීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්,සමාජ විමුක්තිය උදෙසා අවංකව කැප වෙන විමුක්ති කාමියෙකු හට නිලධාරී වාදයෙන් එල්ල වන අසාධාරණයන් හරහා  සමස්ත...
0 out of 5

ෆා දූපතේ සිටුවරයා

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
මගේ බැල්ම දොර මත රැදී තිබුණි. සිහිනයේ ප්‍රධාන කොටස වූයේ දොරයි. ඒ මා ඇතුළු වු දොර නොවේ. මෙහි දොරවල් දෙකක් තිබිණි. සිහිනයේදී විවෘත නොවූ නමුත් සෙමෙන් විවෘත වන බවක් පෙනුණු, මගේ බියට හේතු වූ කරුණ එහි අනෙක් පැත්තේ තිබෙන බවට යටි සිතින් මට හැගුණ දොර එයයි. දොරේ හැඩලය සෙමින් කරකැවෙනු පෙණිනි. මට එයින් දෑස ඉවතට ගන්නට නොහැක විය. එය සෙමෙන්...
0 out of 5

නරනිඳු ගැටුම

Original price was: Rs. 2,400.Current price is: Rs. 1,920.
ලොව පුරා අලෙවි වාර්තා තැබූ A Song of Ice and Fire කතාමාලවේ දෙවන කෘතියේ පළමුභාගය...... ගින්නේ සහ රුධිරයේ වර්ණ රැගත් වල්ගාතරුවක් යට කණ්ඩායම් සයක් කුණාටු සහ කැළඹීම් මධ්‍යයේ බෙදුණු භූමියක් වෙනුවෙන් අරගල කරති. ළමා රජු, කාන්තාවක්, කුරුමිට්ටෙක් සහ නපුංසකයකුගේ පාලනයට නතු වේ. කුමාරිකාවන් මහමගට වැටෙද්දී අබ්බගාතයෝ වෘකයෝ බවට පත් වෙති. දීර්ඝ ගිම්හානයේ අවසානයත් සමග රජවරුන්, රජවරුන් සමඟ ද අවජාතකයෝ, මළවුන්...
0 out of 5

මිඩාක් පටුමග

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්යාගලාභී නජීබ් මහ්ෆුස්ගේ පොහොසත් වර්ණිත කතා කිමේ කලාව "මිඩාක් පටුමග" නවකතාවේ තරම් දෘශ්‍යමාන වන වෙනත් ඔහුගේ කෘතියක් නොමැති තරම් ය.මේ නවකතාව කයිරෝ නගරයේ ජනයා බහුලව ගැවසෙන පටුමග ජීවත්වු නිවැසියන්ගේ ජීවිත පුවත වටා කේන්ද්‍රණය වී ඇත.සයිටා නම් වූ ආබාධිතයන් තනන්නා ගේ සිට තරුණ පිරිමි ළමුන්ට හා මත්ද්‍රව්‍ය වලට ඇලුම් කළ ක්‍රිෂ්ණා නම් වූ අවන්හල් හිමියා ද, මුදලට ඇති...
0 out of 5

මුලා මංසල

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
ඈට හන්දියේ රැජින මතක් වෙන්න ඇති. ඇගේ අම්මාත් ඒවගේ් ගිනි කූටක අවුවේ, සීතල කාලේ වැස්සේ හිටගෙන ඉඳීවි ද කියල හිතන්න ඇති. ඇගේ බාල මල්ලියි නංගියි බලාගන්නේ කවුද, තාත්තට වෙලාවට ප්‍රෙෂර් පෙති බොන්න මතක් කරන්නේ කවුද? එතකොට ඈට ඒක ඇහුනා, අකුණක බලය කැටිවුණු ඇඟිලි පහේ කම්මුල් පාරක්, ජෙල් කොණ්ඩකාරයා බෙරිහන් දුන්නා, උගේ කම්බුල රතු වෙලා, ඉස්සරහ වීදුරුවට කාර් එකේ වයිපර් වලින්...
0 out of 5

ජුලියා නැන්දා සහ තිර රචකයා

Original price was: Rs. 2,100.Current price is: Rs. 1,680.
මාරියෝ වර්ගාස් යෝසාගේ අතිවිශිෂ්ට, බහුස්ථර නවකතාව ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලය සැකසී ඇත්තේ, දේශීය ගුවන් විදුලි නාළිකාවක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරි කරන්නා වූ මරිටෝ නම් තරුණ සිසුවෙකු ලෙස ය.ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ. පළමුවැන්න, මෑතකදී දික්කසාද වූ සහ අවුරුදු  දහතුනක් වැඩිමහල් වූ ඔහුගේ ජූලියා නැන්දා සමග රහසිගත ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීමය.දෙවැන්න, පේද්‍රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත්...
0 out of 5

නාසීන්ගේ නැගීම සහ බිඳ වැටීම

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
ඔස්ට්‍රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ මරියා නමැති තරුණියක එකී යුදෙව් පවුලේ තරුණයකු අතින් දුෂණයට ලක්ව 1837 දී පුතෙකු වැදුවාය.ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේය. ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල  යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළෝය. යුදෙව් සිසුන් හා සංසන්දනය කිරීමේදී හිට්ලර් ඉගෙනීමටද පසුබට වූයේය. බුද්ධිමත් වූ...
0 out of 5

තල් අරණේ කතන්දරය

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
කුල පීඩනයේ  විය ගසට යටකර සිය ළමා වියෙහි නොකල් වැඩිහිටියන් බවට පත් කරනු ලබන ළමුන් පිරිසක්. කුල පීඩනය මෙන්ම ආර්ථික පීඩනයේද බර දරාගත නොහැකිව සිය දරුවන් උසස් යයි සම්මත කුලයන්හි වාල්කමට පවරන්නට බල කෙරුණු වැඩිහිටියන් පරම්පරාවක්. පෙරුමාල් මුරුගනගේ අග්‍රකෘතිය සේ සැලකෙන මේ නවකතාව කුල ක්‍රමය යනු තවත් කල් පවත්වා නොගත යුතු මානව විරෝධී පද්ධතියක් බව මනාව විදහන අපූරු  නවකතාවකි.
0 out of 5

දේදුනු බළකාය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
පංති විෂමතාවෙහි ගොදුරු බවට පත් පීඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කරදීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූරු ලෙස විචිත්‍රණය කරනා මේ කෘතිය රචකයා ගේ ජීවිත පුවත මෙන්ම ඒ හා බැඳුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණ කරන සංවේදී අන්දරයකි.විවිධ කුසලතාවයන්ගෙන් පොහොසත්, ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැට කමින් ඒ අතරම බලය සහිත පන්තිය...
0 out of 5

නැළවිලි ගීයක්

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
කීර්තිමත් ප්‍රංශ - මොරොක්කානු නීතිඥවරියක වූ මිරියම් නැවත සේවයට අවතීර්ණ වීමට තීරණය කිරීමත් සමඟ ඇයටත් ඇයගේ සැමියාට තම  දරු දෙදෙනා ගේ රැකවරණයට  මවක් බඳුවූ ආයම්මා කෙනෙකුගේ සේවය ලබාගැනීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් විය.තම දරු දෙදෙනාට ගී ගයන පැරීසියේ තම තට්ටු නිවාස නිවහන මනාව පවත්වා ගත්, නිහඬ, ආචාරශීලී, ලුයිස් හමු වෙනු ඇතැයි ඔවුන් සිහිනෙනුදු නොසිතූහ. මිරියාම් යුවළත් ආයම්මාත් එකිනෙකාට නැතිවම බැරි අයුරින් බැඳී...
0 out of 5

අසුර භූමිය

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
කන්චෙන්ජුන්ගා කන්ද පාමුල ගරා වැටෙමින් පවතින හුදෙකලා නිවසක කටුක හදින් පසුවන විනිසුරකු දිවි ගෙවයි.  ඔහුට අවශ්‍යව ඇති එකම දේ වනුයේ යුක්තිය වියවුලක් ව පවත්නා සේ ඔහුට පෙනෙන ලොවින් වෙන්ව පාඩුවේ විශ්‍රාම දිවිය ගෙවීමටය. ඔහුගේ අනාථ බවට පත් මිනිබිරිය එනම් සායි, ඔහු කරා පැමිණෙන්නේ මේ අවස්ථාවේහිය.ග්‍රීන් කාඩ් පතක් හිමිකර ගැනීමේ අභිලාෂයෙන් වෙලී රළු අවන්හල් එකකින් තවකෙකට වශයෙන්  නිව්යෝර්ක් නුවර පුරා පලින් ...
0 out of 5

කියවමි කෙසේ ඇය මෙසේ

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය යලි ගොඩ නැගෙමින් තිබූ පශ්චාත් යුද සමයේ එක් දිනක පාසල ඇරී නිවෙස බලා යමින් සිටින පහළොස් හැවිරිදි  මයිකල් හදිසියේ අසනීප වෙයි.ඔහුගේ උදව්වට ඉදිරිපත් වන්නේ ඔහුගේ වයසට වඩා දෙගුණයක් වයසැති හැනා ෂ්මිට්ස් නැමැති කාන්තාවයි. එම සිදුවීමත් සමග ඇතිවන හැඳුනුම්කම සරාගී පෙමකට මුල් වෙයි.  දැඩි උණුසුමකින් හා උත්තේජනයකින් යුතුව ගොඩනැගෙන මේ සම්බන්ධය හදිසියේ දෙකඩ වෙයි . හැනා...
0 out of 5

දඩයක්කාරයකුගේ සටහන්

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
අපි සෙවනෙහි හිඳ ගෙන සිටියෙමු. නමුත් සෙවනෙහි පවා උණුසුම දැඩි විය. ග්‍රීෂ්මාධ්ක වාතලය අඳුරු බර විය. යමෙක් සුළං පොදක පහස විඳීමේ අටියෙන් දැවෙන මුහුණ නොසන්සුන් ලෙස එස වුවද සුළඟක් නොහැමීය..නිලදුරු අහසේ සිට හිරු පහර දෙමින් සිටියේය. අපට විරුද්ධ පැත්තේ අනෙක් ඉවුරේ කහ පැහැති ඕට්ස් කෙතෙක් විය. එහි වූ එක ඕට්ස් කරලකුදු නොසෙල් විණි. මදක් පහලින්ළින් ගොවියකුගේ අශ්වයෙක් ගඟේ දණක් උස...
0 out of 5

රත්නවල්ලියගේ දරුවෝ

Original price was: Rs. 450.Current price is: Rs. 382.
ඉංග්‍රීසි බසින් පොතම වලට 1956 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද එම් ඩී රාඝවන්ගේ Handsome beggars: Story Of The Ceylon Rodiya කෘතිය කෘතහස්ත පරිවර්තක චන්ද්‍ර ශ්‍රී රණසිංහ සූරීන් අතින් "රත්නවල්ලිය ගේ දරුවෝ" නමින් සිංහලයට පරිවර්තනය වී ප්‍රථම වරට පළ වූයේ 2008 වසරේදීය.රාඝවන් ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරයේ මානව වංශ විද්‍යාඥයෙකු වශයෙන් කලක් සේවය කළ විද්වතෙකි. මෙරට වාසි රොඩී,අහිගුණ්ඨක, වැදි ආදී විවිධ ජන...
0 out of 5

අසකුසාවේ රතු කල්ලිය

Original price was: Rs. 950.Current price is: Rs. 807.
අතීතයේ "ඊඩෝ" නමින් හැඳින්වුන ජපානයේ අගනුවර 1868 වර්ෂයේ දී  ටෝකියෝ නමින් නම් කොට ජපාන අධිරාජ්‍යයේ අගනුවර බවට පත් කරන ලදී.ඒ වන විට අසකුසා  ප්‍රදේශය අගනුවරට ඇතුළත් වූ කොටසක් නොවී ය. එහෙත් එහි පැවති කැනන් ආරාමය ආශ්‍රිතව එය සංචාරක මධ්‍යස්ථානයක් ව පැවැතියේ ය.ගණිකා නිවාස සහ විවිධ විනෝදාංශ සහිතව එය බහුල ලෙස දේශීය මෙන්ම විදේශිකයන්ද විනෝද වීම සඳහා පැමිණි ස්ථානයක් විය.1923 මහා...
0 out of 5

වොල්ගා සිට ගංගා තෙක්

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
මේ, ක්‍රි.පූ.6000 දී පමණ වොල්ගා නදී ඉවුරෙන් පිටත්ව ගංගා නදී ඉවුර වෙත සංක්‍රමණය වූ ජනයාගේ ගමන 1942 දක්වා නිරීක්ෂණය කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහයකි.එම වසර 8000 තුළ ඉන්දු -යුරෝපීය සංස්කෘතියේ සහ දේශපාලනයේ විකාශනය ගැන පරම්පරා 360ක් ආවරණය  වන ලෙසින් කතා විස්සකින් කියන්නට, සියවස් ගණනාවක් පුරා දිවෙන කතාන්දර ද, ඓතිහාසිකව දන්නා මෙන්ම නිර්මාණය කොට ගත් චරිත ද කතුවරයා විසින් යොදා ගැනේ. කෘතිය...
0 out of 5

මනුසත් වග

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
අතිවිශිෂ්ටය... බ්‍රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වබාවය පිළිබඳ අවබෝධය නව මානයකට කැඳවාලයි. Humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මග හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ. සුසාන් කේන්, කතෘ Quite මාතෘකාව මගහැරිය නොහැක්කකි. විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කිරීමේ හැකියාවකි. මෙය අතිවිශිෂ්ට පොතකි. ටිමී හාෆෝර්ඩ්, කතෘ The Undercover Economist බ්‍රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස...
0 out of 5

වනපෙතක සැඟවුණු අන්දරය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
තුරු ලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප්‍රකාශ කරති. වැඩිමහල්ලන් ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී  සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමගින් සමගි සන්ධානයන් ගොඩනඟා ගනිති.මේ සියල්ල හිතලූවක් හෝ විද්‍යා ප්‍රබන්ධයක කොටසක් නොවන්නේය. විද්‍යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන් ගෙන් සනාථ වූ මේ දේවල් සත්‍ය දැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට...
0 out of 5

අපේ අහසට අලුත් පාටක්

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
"සමහර වෙලාවට ඔයා ආකාසෙ දිහාවේ බලනකොට මුක්තා...  ඒක අදුරුයි වගේ පෙනෙයි. විශ්වාස කරන්න ඕනේ කාවද කියලා ඔයාට තේරෙන එකක් නෑ. ඔයාට හිතෙයි ඔයාව ඒ අන්දකාරෙන් ගලවගන්න කෙනෙක් ඉඳීද කියලත්.  ඒත් මාව විශ්වාස කරන්න, කවදහරි දවසක අපේ අහසත් බැබළෙයි. ඒක බලාපොරොත්තු වලින් පිරිල තියෙයි. ඔයා කවදාවත් ඒ බව අමතක කරන්න එපා. මං කැමති ඔයා බලාපොරොත්තු කඩා කඩා බිඳ නොගන්නවට." ඉන්දියාවේ ගණිකා...
0 out of 5

ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
මව මිය ගිය විට, පියා මහගෙදර තනි වෙලාය! දූ දරුවෝ, තම සිහින හඹා යාමට රටේ හැමතැනම විසිරිලාය!! මළ ගෙදර අවසන් වූ මොහොතේ පටන් නැවත පිටව යාමට ය ඔවුන්ගේ  හදිස්සිය! පියා මහගෙදර තනිවීම, ඔවුන්ගෙන් සමහරකට කිසිදු ගැටළුවක් නොවේ. නමුත් එක්වරම..... පියා සතුව ඩොලර් දහස් ගණනක් ඇති බව ඔවුන් සොයා ගනී. එතැන් පටන් පියාව රැකබලා ගැනීමට.... පියාව තමන් සමග රැගෙන යාමට.. එකම...
0 out of 5

රෝස් මෙණෙවියගේ දියණිය

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
උමතු ආලයක සිරකාරියක ව සිටි ඇයට කිසිවක් නොලබාම පුදන්නට තමා තුළ ඇති ධාරිතාව  පිළිබඳ කිසිදු සැකයක් තිබුණේ නැත. එබැවින් හොකින්ගෙ ව්‍යාකූල බව හඳුනා ගන්නට ඇයට පුළුවන් වූයේද නැත.තමා සොයා ගත්තේ පරිපූර්ණ  ප්‍රේමවන්තයෙකියි. ඇය මුරණ්ඩු දැරියක මෙන් ඒ මායාව පෝෂණය කරන්නට වූවාය.තෘප්තිමත්  නොවූ  ආශාවන්ගේ අඳුරු දෙගිඩියාව තුළ ඇයව අතහැර දමා ඇති  ඒක පාර්ශවික ආලිංගනය වෙනුවෙන් ඇයට ලැබුණු වන්දිය වූයේ ඇය සිතින්...
0 out of 5

පිටස්තරයා

Original price was: Rs. 750.Current price is: Rs. 637.
බලාපොරොත්තු ප්‍රතික්ෂේප කිරීමෙන් හා සමාජය විසින් හෙළා දකිනු ලැබීමෙන් උපන් ජීවිතයේ නිස්සාර බව මෙම නවකතාවට පසුබිම් වේ. මෙහි එන මර්සෝගේ  චරිතය ජීවිතයේ කායික පක්ෂය පමණක් මුල් කර කරගෙන ජීවත් වන්නෙකුගේ චරිතයකි. ඔහුගේ ජීවිතයේ සහතික දේවල් වුණේ මුහුද -  ඉර ඇල්ජියස් නගරේ ස්වභාව සෞන්දර්ය වැනි දේවල්. මාතෘ ප්‍රේමය - ගැහැනියකුට කරන ආලය ඔහුට නොතේරෙන බසක්. වංචාවෙන් පිරී තිබූ ඒ බස භාවිතා...
0 out of 5

මැටිල්ඩාගේ වීර චාරිකාව

Original price was: Rs. 980.Current price is: Rs. 833.
මේ පොත පටන් ගන්න හිතුවේ ආදර්ශ වැකියකින් මගේ විදුහල්පතිතුමා වගේම සිකුරාදා දවස් වල අපිට ඉතිහාස පාඩම කියා දෙන කීගන් මහත්තයා කියලා තියෙනවා මේ කතා කරන්න යන්නේ මොනවද කියල දැනගන්න පුළුවන් වෙන්න අපි ලියන රචනා ආදර්ශ පාඨයකින් පටන් ගත්තොත් හොඳයි කියලා. මට උවමනාව තියෙනවා අතිදක්ෂ විද්‍යාඥවරියන් ගැන ලියන්න ඒත් දන්නවද? එක් අතකට එහෙම අය නැහැ. අනෙක් අතට අතිදක්ෂ විද්‍යාඥවරියන් නැතුවාම නෙවෙයි.එහෙම...
0 out of 5

ලක්දිව අන්දර

Original price was: Rs. 500.Current price is: Rs. 400.
මෙම ග්‍රන්ථය ජෝන් කාපර් 1854 දී රචිත pictures from the east නම් වූ කෘතියෙහි සිංහල පපරිවර්තනයයි.ජෝන් ජෝන් කාපර් බොහෝ කාලයක් ලංකාවේ ගත කරන ලදී. එකල සමහර යුරෝපීය ජාතිකයින් ස්වදේශිකයින් සමග එදිනෙදා ගැවසී ඒ ඇසුරෙන් ස්වදේශිකයන්ගේ සැබෑ ජීවිතය හඳුනා ගැනීමට වෑයම් කරන ලදී.ජෝන් කාපර් කළේත් එයමයි. ඒ කාලය තුළ ඔහුගේ ලාංකීය  ජීවිතයේ වඩාත්ම කැමති මෙන්ම, වඩාත් මතකයේ රැදී තිබූ සිදුවීම්, පසුව...
0 out of 5

ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂාව  ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප්‍රකෘති භාෂා පිළිබඳවද හැදෑරූ හම්ප්‍රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම් ලේඛන වාර්තා සහ දේශ ගවේශකයන්ගේ වාර්තාද සසඳමින් වංශකතා අපට  නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි. යුරෝපීය ආක්‍රමණිකයන්  ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය...
0 out of 5

ආදම්ගේ දූපත ලංකාව

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
adamge dupatha lankawa පරිවර්තනය සුජීව දිසානායක isle of eden – j a r granier
0 out of 5

නයිටිංගේල්ගේ රහස

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
ඉන්දියාවේ හැදී වැඩුණු සුන්දර, උද්යෝගිමත් තරුණියක වූ සුසැන්නා ප්ලේඬේල්, රෝගීන් සුවපත් කිරීම සඳහා තමන් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව අවබෝධ කර ගනී. ඉන්දියාවේදී තරුණ ඔබ්රි සෙන්ක්ලෙයාර් මුණගැසීම, එම ආදර අන්දරය විවාහයකින් මෙන්ම සුන්දර මධුසමයක දින කීපයකින් ඇයව සතුටු කරවන අතරම එයින් පසු ඇය පැතූ සැමියා සහ දිවිය ඇයට අහිමි බව ඇය වටහා ගනී. ඉන්පසු එලඹි සමයේ සුසැන්නා හට මහා වතුයායක්...
0 out of 5

පොත් හෙර

Original price was: Rs. 1,900.Current price is: Rs. 1,615.
අසාමාන්‍යයි අනුනාදක බවකින් හා උචිත ප්‍රස්තුතයකින් යුතුයි. අලංකාර හා කෝපකරවන සුළුයි - Telegraph - ජීවිතය වෙනස් කළ හැකි කෘතියකි. - New York Times - සත්‍ය වශයෙන්ම අද්විතීයයි.වැඩිපුර සාකච්ඡාවට බඳුන් කළ හැකි,සිතුවිලි පොලඹවනසුලු තහවුරු කරවන සුළු හා විශ්මිත පිටුපෙරලීමකි. එය ප්‍රමාණවත් තරම් උසස් අන්දමට වර්ණනා කිරීමට මා අසමත්ය. - Guardian පුවත්පතේ පිලිප් ආඩෑග්- මෙය විශ්වයම ලගා වීමක් සහිත බරපතල කෘතියකි අලංකාර...
0 out of 5

කලෙක අපි සොයුරන්ව සිටියෙමු

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
‛කලෙක අපි සොයුරන්ව සිටියෙමු’  Ronald Balson කතුවරයා විසින් ලියන ලද "Once We Were Brothers" කෘතියෙහි සිංහල පරිවර්තනයයි. එය දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධ සත්‍ය දත්ත පදනම් කරගෙන සිදුකර ඇති ප්‍රබන්ධයකි. එම යුගයේදී සාමකාමී රටක් වූ පෝලන්තයෙහි ජනතාව, විශේෂයෙන්ම පෝලන්තයේ විසූ යුදෙව් ජනයා ජර්මන් ග්‍රහණයට හසු වීම නිසා පත් වන දුක්ඛිත තත්ත්වය මෙන්ම, යුද්ධය විසින් පෝලන්තයේ එකම නිවසක හැදෙන වැඩෙන යුදෙව්...
0 out of 5

අවුෂ්විට්ෂ් හි සොයුරියෝ

Original price was: Rs. 1,900.Current price is: Rs. 1,615.
ලීන් හා ජානී දෙවන ලෝක යුද සමයේ දැඩි නාසී පාලනයට එරෙහිව රහසිගත විරෝධතා මෙහෙයවූ නෙදර්ලන්තයේ නිර්භීත යුදෙව් සොයුරියන් දෙදෙනෙකි. දෙවන ලෝක යුද සමයේදී ජර්මන් නාසී හමුදාව විසින් පවත්වාගෙන ගිය අවුෂ්විට්ෂ් වදකාගාර කඳවුරු පිළිබඳව ලොව කොතෙකුත් ග්‍රන්ථ බිහිවී තිබේ. ඔබ දැනටමත් එයින් බොහොමයක් කියවා තිබේ. නමුත් මෙම ‘අවුෂ්විට්ෂ් හි සොයුරියෝ’ ග්‍රන්ථය ඒ සියල්ලටම වඩා වෙනස්වූ බවක් බටහිර සාහිත්‍ය විචාරකයන්ගේ මතය ය....
0 out of 5

හිට්ලර් ගේ දින සටහන්

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
1945 අප්‍රේල් මස 22 වන විට තමා සටනින් පරාජය ලබා ඇති බව ජර්මානු නායකයා පැහැදිලිව තේරුම් ගෙන සිටියේය.එදින සවස පැවති සාකච්ඡාවේදී හිට්ලර් එම කාරණය යුද සෙනවිවරුන් ට පවසා ඇත.එදින සවස හතරට තම පෞද්ගලික සේවකයෙකු වන ජූලියන් ඉස්කූබ් කැඳවීය. ඔහු හිට්ලර්ගේ ලේකම්වරයාද, ආරක්ෂකයාද, පණවිඩකරුවාද විය.ඔහු වසර විස්සක් පමණ හිට්ලර් සමඟ විශ්වාසවන්තව කටයුතු කර ඇත. රාජ්‍ය නායකයා සහ ජූලියන් හිට්ලර්ගේ නිදන කාමරයට...
0 out of 5

ඩයනා ඇගේ කඳුළු කතාව

Original price was: Rs. 750.Current price is: Rs. 637.
ඩයනා කුමරිය ගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකයපුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුලින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා ලෝකය පුරා ජනතාවගේ සිත් සසල කළ බවයි.ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා පිළිබදව ලෝකයා කතාබහ කළ බවයි. ජීවත්ව සිටියදීත් ලෝකයේ සියලු ජනමාධ්‍ය මෙන්ම සියලු ජන කොටස් ද වැඩියෙන්ම කතා බස් කළ කාන්තාව ඩයනාය. බොහෝ...
0 out of 5

සිංහල සමාජයේ කුල ක්‍රමය

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,147.
සිංහල සමාජයේ කුල ක්‍රමය බ්‍රයිස් රයන් ඇමරිකානු ජාතික සමාජ විද්‍යාඥයෙකු වූ බ්‍රයිස් ෆින්ලේ රයන්, 1948 වසරේදී ශ්‍රී ලංකාවට සැපත් වූයේ ඊට වසරකට පෙර පේරාදෙනිය ලංකා විශ්වවිද්‍යාලය අලුතින් පිහිටුවන ලද සමාජ විද්‍යා අංශයේ ප්‍රථම මහාචාර්ය වරයා වශයෙන් වැඩ භාර ගැනීමට ය.සමාජ විද්‍යාව එවකට ලංකාවට අලුතින්ම හඳුන්වා දුන් අධ්‍යයන ක්ෂේත්‍රයක් වූ හෙයින් ඔහුට තම ඉගැන්වීමේ කටයුතු වලට අමතරව අදාල විෂය මාලාව ඇතුළු...
0 out of 5

දෙමාපියන් නොදකින ඉසව්ව

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
මාපියන්ගේ එකම අරමුණ තම දරුවන් සමාජයේ යහපත් පුරවැසියන් වනු දැකීම ය. නමුත් එසේ නොවන අවස්ථා බොහෝ ය. එය කාගේ වරදින් සිදු වන්නක් ද? නමුත් දරුවන් දකින්නේ තම බියපත් වීම, කෝප වීම, පසුගාමී වීම, අසමත් වීම, වෛර කීරීම, විවාහ වීම හා සෙසු සබඳතා බිඳ වැටීම, ජයග්‍රහණ අහිමි වීම වැනි දහසක් සෘණාත්මක දේ ඔවුන්ගේ වරදකින් සිදු වන්නක් ලෙසිනි. එයින් බොහොමයක් මාපියන් වෙතින්...
0 out of 5

අක්‍රාවේ අත්පිටපත

Original price was: Rs. 900.Current price is: Rs. 810.
සුන්දරත්වය සෑම නිර්මාණයකම පවතී. නමුත් භයානක කරුණ වනුයේ මනුෂ්‍යයන් වන අපි නිතරම දිව්‍යමය ශක්තියෙන් වෙන් කර තැබීමයි.අනෙක් මිනිසුන් අප ගැන සිතන දෙයට අනුව තමන්ව හැඩගස්වා ගැනීමට අපි උත්සක වෙමු.අපි අපගේම සුන්දරත්වය ප්‍රතික්ෂේප කරමු.මන්ද අන්‍යයන්ට එය වටහා ගැනීමට හෝ හඳුනා ගැනීමට හෝ නුපුළුවන් බැවිනි.අප අප ලෙසින් පිළිගැනීම වෙනුවට අප කරනුයේ අවට දකින්නට ඇති දෙය අනුකරණය කිරීමයි.අන්‍යයන් සුන්දරයි කියා සිතන අයුරින් කිරීමට...
Loading...