Showing 289–336 of 1414 results

0 out of 5

ආදරෙයි උතුරන්න

Original price was: Rs. 750.Current price is: Rs. 637.
"අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න ලියා යම් ගැඹුරු තැන "ආදරෙයි උතුරන්න" හමා යන සුළඟින් මගේ නම විමසන්න තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න"
0 out of 5

හිට්ලර් – ඊවා අමරණීය ආදරේ

Original price was: Rs. 900.Current price is: Rs. 720.
නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 - 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක්...
0 out of 5

Helen Moss කතාමාලාව

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
Enid Blyton ලේඛිකා Famous Five රහස් පරීක්ෂක කතා මාලාවෙන් පසුව බටහිර සාහිත්‍ය ලෝකයේ බිහි වූ වඩාත් සාර්ථක ළමා රහස් පරීක්ෂක කතා මාලාවක් ලෙසින් මෙම Adventure Island කතා මාලාව හැඳින්විය හැක.මෙම පොත් වලට පසුබිම් වන්නේ ජැක්, ස්කොට් හා එමලි යන ළමුන් තිදෙනා මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් මාලාවයි. 1.ලිහිණි දූපතේ අභිරහස 2.දියේ ගිලුණු මිනිසාගේ අභිරහස 3.අභිරහස් ගුහාවේ දෝංකාරය 4.නැති වූ පද්මරාග මැණිකේ...
0 out of 5

මේ මිනිසෙකු නම්

Original price was: Rs. 850.Current price is: Rs. 765.
සදාචාරමය සවි බලයෙන් සහ බුද්ධිමය තැන්පත් බවින් 21 වැනි සියවසේ යෝද පුරුෂයෙකු වූ ප්‍රීමෝ ලෙවී, එදා මිහිමත ඉදිවුණු ජර්මාණු නරකාදිය ගැන එළඹි සිහියෙන් යුතුව ආවර්ජනය කළේය.ඉතිහාසය තුළ මිනිස් වර්ගයා මුහුණ දුන් අති දුෂ්ට ඒ ව්‍යසනය ඔහු මේ කෘතිය තුළ ලෝකයා හමුවට ගෙන එන්නේ එක පරමාර්ථයක් පෙරදැරිවය.එනම් නැවත එවැනි විනාශයක් ඇති නොවීමට වගබලා ගැනීම "මිනිසා" යන නාමය දරන සෑම ජීවියකුගේම මිනිස්...
0 out of 5

ආලෝකයේ රණකාමියාගේ අත්පොත

Original price was: Rs. 750.Current price is: Rs. 675.
"හැම දෙනාටම මෙවැනි දේ කළ හැකි වන්නේය. එසේම කිසිවෙකු තමා ආලෝකය රණකාමියා යැයි නොසිතුවත් අප සියල්ලෝම ආලෝකයේ රණකාමියෝ වන්නෙමු." ඔහු සටහන් පොතේ හිස් පිටු දෙස බැලුවේය. ස්ත්‍රිය නැවත වරක් මඳ සිනහ නැගුවාය. ආලෝකය රණකාමියා ගැන ලියන්න ඕ කීවාය. දෙවියෝ අපට වචනවල වගකිවයුතු ස්වභාවය උගැන්වීම සඳහා නිහඬියාව ප්‍රයෝජනයට ගනිති. විවේකයේ අගය වටහා දෙනු උදෙසා හෙතෙම මහන්සිය ප්‍රයෝජනයට ගන්නේය. යහපත් සෞඛ්‍යයේ ආශිර්වාදය...
0 out of 5

සෙරෙන්ගෙටි මිය නොයනු ඇත

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
අපූරු කෘතියකි! වෛද්‍ය ග්‍රිසිමෙක් සහ ඔහුගේ පුත්‍රයා තරම් වනජීවීන් වෙනුවෙන් මෙහෙයක් ඉටු කළ වෙන කිසිම පුද්ගලයන් දෙදෙනෙකු මේ මිහිපිට නැත .විශේෂයෙන් යමෙකු සත්ව ජීවිත පිළිබඳව උනන්දුවක් දැක්වූවත් නැතත් ඒ සෑම කෙනෙකු විසින්ම කියවිය යුතු කෘතියකි මෙය. එය තුළින් මේ විශ්මයජනක සුන්දර ලෝකයේ අප විසින් වේගයෙන් නිපදවනු ලබන බිහිසුණු දූවිලි පාත්‍රය පිළිබඳව බියකරු චිත්‍රයක් පෙන්වා දී ඇත. ජෙරල්ඩ් ඩරල්
0 out of 5

වියැකෙන ජීවිත

Original price was: Rs. 550.Current price is: Rs. 440.
දුපත වටා ඇති දිනෙන් දින වියැකී යන කොරල්පර ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන සාගර විද්‍යාඥයෙකු වන සල්ගාදු මහතාගේ නිවසේ මෙහෙකාර කොල්ලෙකු ලෙස වයස අවුරුදු දොළහේදී ට්‍රයිටන් සේවයට පැමිණෙයි. ට්‍රයිටන් එතුවක් දැක තිබූ විශාලතම නිවස එයයි. ලෝකය පුරා සිටින අය ඔවුන්ගේ දේවල් විකුණන්නට, කතාබහ කරන්නට, ජීවත් වීමට මෙහි පැමිණෙති. ඔවුන්ට අනුව ජීවිතය පවතින්නේ මෙතැනය. ඉර පවා ගරාජය දෙසින් නැග විත් දෙල්...
0 out of 5

උරුමයක රැඳි ශාපය

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
ඇය සතුව සියල්ල තිබිණි. රූමත්කම. නම්බු නාමයක්. උරුමයක්. එමෙන්ම, ඒ සියල්ල විනාශ කළ හැකි රහසක්. හරිත වර්ණ නෙතු සඟළක හිමිකාරිය කැරලයින් ටේ‍රසිඩර් සුන්දර දිවියක්, අපූරු අනාගතයක් හිමි අයෙකි-. එහෙත්, එසේ වන්නේ බොහෝ වැදගත් උත්සවයක් වෙන වික්ටෝරියා රැජනගේ රන් ජුබිලිය දින වෙනතුරු පමණි. කැරලයින් ඇගේ මව සහ මවගේ කඩවසම් මිතුරා ආකර්ෂණීය කැප්ටන් කාමයිකල් සමග අති විශිෂ්ට රාජකීය පෙළපාලිය මහත් උද්‍යෝගයෙන් නරඹයි....
0 out of 5

සාර්ථක ජීවිතයේ රහස

Original price was: Rs. 600.Current price is: Rs. 480.
අන් අය සතුටින් ජීවත්වන නමුත් තමන් ගත කරන ජීවිතයේ සතුටක් නැතැයි සිතන අයටද, කෙතරම් උත්සාහ කළත් සතුටින් ජීවත්වීමට නොහැකි යැයි සිතන අයටද, ජීවිතය වැදගත් කඩඉම් වෙත අවබෝධයෙන් මුහුණ දීමට දැනුමක් අවශ්‍ය යි සිතන අයටද, මෙය බෙහෙවින්ම ඵලදායක අත්පොතකි.
0 out of 5

මනස පුහුණු කිරීම

Original price was: Rs. 880.Current price is: Rs. 704.
සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍ය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනීම ගැන, සිතෙහි එකඟ කම ඇතිකර ගැනීම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සන්තෘෂ්ටිය ගැන උනන්දු වන්නෙහි නම් මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදව් වෙයි.
0 out of 5

සරුසාර දිවියකට සුබවාදී සැලැස්මක්

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමිවී ඇති සුවිශේෂී කුසලතාවයක් වන චින්තන හැකියාව තම ජීවිතයේ උපරිම සාර්ථකත්වය සඳහා උපයෝගී කරගැනීම,මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නමින් හැඳින්වෙයි. පරිපූර්ණ චින්තනය හෙවත් වියුක්ත චින්තන හැකියාව අත්පත් කරගන්නා තරුණ අවධියේදීම ධනාත්මක චින්තනය හුරු කර ගැනීමට සමත්වන යම් අයෙක් වේ නම් ඔහුගේ ජීවිත සාර්ථකත්වය නියත සහ උපරිම වනු ඇත. මෙම ග්‍රන්ථය තමා ජන්මයෙන් උරුම...
0 out of 5

ෂර්ලි

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
“ජේන් අයර්” ලැබූ අතිමහත් ජයග්‍රහණයෙන් පසුව සදාචාරාත්මක විප්ලවවාදිනියක වශයෙන් ජීවිත කාලය පුරාවටම ප්‍රසිද්ධියට පත්වූ චාලට් බ්‍රොන්ටේ සැබෑ මෙන්ම රොමැන්ටික නොවන සාධක වෙත අවධානය යොමු කරන පුළුල් සමාජ වංශ කතාවක් ලිවීමට පොරොන්දු වූවාය. එහි ප්‍රතිඵලය වූයේ “ෂර්ලි” (1849) ය. එය කාර්මිකකරණය වූ එංගලන්තයේ නැපෝලියන් යුද්ධ හා 1811-12 අතර පැවති ලුසයිඩ් කැරලි පසුබිම්වූ එකිනෙකට වෙනස් වීරවරියන් දෙදෙනකුගේ කතාවකි. යෝක්ෂයරයේ පූජක නිවෙසක පීඩාකාරී...
0 out of 5

සසර දනව්වේ මග පෙන්වන්නෝ

Original price was: Rs. 950.Current price is: Rs. 760.
මනෝ චිකිත්සක බ‍්‍රයන් වයිස් වෙත තරුණ කැතරින් ප‍්‍රතිකාර ලබා ගනු පිණිස පැමිණියාය. එක දිගට පෙනෙන සිහින වැලකින් සහ කාංසාවෙන් ඇය පීඩා විඳිමින් සිටියාය. සම්ප‍්‍රදායික ප‍්‍රතිකාරවලින් ඇයට සුවයක් නොලැබුණු කල වෛද්‍යවරයා ඇය මෝහනයට පත් කළේය. ලැබුණු ප‍්‍රතිඵල විස්මිත වූ අතර එතැන් සිට ගෙවී ගිය මාස දහ අටක කාලය රෝගියාගේ මෙන්ම වෛද්‍යවරයාගේද ජීවිත වෙනස් කළේය. මරණයෙන් ජීවිතය කෙළවර වන්නේද? අපි මරණයෙන් පසුවද...
0 out of 5

නොනිමි සෙනෙහස

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,480.
ඉතිහාසයේ අමතක නොවෙන මොහොතකට පසු එළඹෙන, දිරියේ සහ නොනැසී පැවතීමේ හැඟුම්බර අන්දරයකි. 1912 වසරේ අපේ‍්‍රල් මස. එඞ්වීනා වින්ෆීල්ඞ් ඇය විවාහ ගිවිස ගත් පෙම්වතා චාල්ස්, ඇගේ දෙමාපියන් සහ ඇගේ සහෝදර සහෝදරියන් පස්දෙනා සමගින් එංගලන්තය කරා ගිය ඇගේ විවාහ ගිවිස ගැනීමේ චාරිකාව නිම කරමින්, නිව් යෝක් කරා යළි පැමිණෙමින් සිටියි. දැඩි පේ‍්‍රමයකින් වෙළී සිටින ඇය සහ චාල්ස් ඔවුන්ගේ නව දිවිය ඇරඹීමට මහත්...
0 out of 5

රහස් රකින්නිය

Original price was: Rs. 2,450.Current price is: Rs. 1,960.
ප්‍රවීණ පරිවර්තිකා කෝශලී සිරිචන්ද්‍ර විසින් පරිවර්තනය කර ඇති Kate Morton විසින් රචිත  The Secret Keeper  කෘතිය අබිරහස් නවකතා ශානරයට මෙන්ම ඓතිහාසික ප්‍රබන්ධ ශානරයටද අයත් වන අතීතය සහ වර්තමානය අතර දෝලනය වෙමින් ගලා යන අන්දරයකි. නව යොවුන් වියේ පසු වෙන කාලයේ සෆක්හි පිහිටි, තම පවුලට අයත් ගොවිපොළේදී ලෝරල් භයානක අපරාධයකට ඇසින් දුටු සාක්‍ෂිකාරියක් වේ. එයින් පසුව ඇගේ ජීවිතය වෙනස් වෙයි. වසර...
0 out of 5

ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුර (1-10)

Original price was: Rs. 3,350.Current price is: Rs. 2,680.
01.ඔටුනු හොරා 02.මායාකාරියගේ බිත්තරය 03.සඳ නිල් පැහැ වූ දා 04.බොරු කියූ භූතයා 05.අමුතු හොරා 06.සුරංගනා දඬුවම 07.භූතයාගේ වර තුන 08.රහස් දොරටුවේ වික්‍රමය 09.අතුරුදහන් වූ බළලා 10.නොනවතින දුම්රිය යන පොත් වලින් සමන්විත පොත් දහයක් අඩංගු කට්ටලයකි
0 out of 5

මදුරාවතී නම් තරු රටාව

Original price was: Rs. 450.Current price is: Rs. 405.
"මදුරාවතී ඔයා නෑ මේ සෙනේ ගැන දන්නේ!" දුගාතීතේ හසුනක, අත්තා සෙනසුනක් වැන්නේ පය බුරුලට තබා නැග්ගත් අත්තමයි බිඳෙන්නේ මදුරාවතී නම් සරුවත් වෙළෙන්දිය දෙව්ලොව සැපත් වන්නේ!!
0 out of 5

සැඟවුණු උයන

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අවධියේ එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි ලෙනොක්ස් දැරිය ලපටි වියේදීම මෙලොව තනිවෙයි. යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයෙකු වෙත යවන ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක් නොදැකිය හැකි වතුපිටිවලද නිතර සැරසීමට පුරුදුව සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම මතකයෙන් ගිලිහී සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි.ඒ වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන...
0 out of 5

ඉසිවරයා

Original price was: Rs. 480.Current price is: Rs. 384.
Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලී ලද බලීල් ජිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පරිවර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂාවලින් ලියැවී ඇත. මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස, කාලය, මරණ ආදී විවිධ මාතෘකා...
0 out of 5

බින්දුගේ දරුවා

Original price was: Rs. 500.Current price is: Rs. 400.
වැදූ මව හා හැදූ මව අතර දරුවෙකුගේ ජීවිතය... හදා වඩා ගැනීමෙන් දරුවෙකු අයිති කරගැනීම හෝ අහිමි ජීවිතයක් උරුම කර ගැනීමට ගන්නා වූ වෙහෙස... සාම්ප්‍රදායික පුරුෂාර්ථ මත ගොඩනැඟුණ ගෘහ ජීවිතයක සබඳතා... අනුවේදනීය ස්වරයකින් හා සියුම් චිත්ත විවරණයකින් යුතුව මේ කෘතියෙහි වර්ණිතය
0 out of 5

දෘෂ්ටිමානයට ඔබ්බෙන්

Original price was: Rs. 2,600.Current price is: Rs. 2,340.
යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය. වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ...
0 out of 5

හෙන්රියාටාගේ නොනස්නා දිවිය

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,485.
හෙන්රියාටා 1951 වසරේදී ගැබ් ගෙල පිළිකාවකින් මිය ගියා ගියාය. ඔහු අපට පැවසුවේය. නමුත් ඇය මියයාමට පෙර ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ ගෙඩියේ සාම්පල ලබාගෙන ශල්‍ය දීසියක තැන්පත් කළේය.විද්‍යාඥයන් රෝපණ වර්ධන මාධ්‍යයේ මානවසෛල සජීවීව තබා ගැනීමට දශක ගණනාවක සිට උත්සාහ කළ ද, අවසානයේ ඒවා සියල්ල මිය ගියේය. නමුත් හෙන්රියාටාගේ සෛල එසේ නොවීය. සෑම පැය විසි හතරක් තුළම ඒවායේ සම්පූර්ණ පරම්පරාවක් ම ප්‍රතිනිෂ්පාදනය වූ...
0 out of 5

හිට්ලර්ගේ සිරකරුවෙක්

Original price was: Rs. 990.Current price is: Rs. 792.
මගේ බිරිඳ හෝ මම කිසිදු දිනෙක දේශපාලන ක්‍රියාකාරීන් නොවීම. දකුණු ජර්මනියේ වැඩිම අලෙවියක් තිබූ 'මුන්ච්නර් ඉලුස්ට්‍රියෙට්' පුවත්පතේ කතුවරයා ලෙස මම සේවය කළෙමි.එම පුවත්පත කිසිදු අයුරකින් දේශපාලනයට සම්බන්ධ එකක් නොවීය. මා අත්අඩංගුවට ගත් මුල් දිනයේ සිට මගේ සිර ජීවිතයේ අවසන් දිනය දක්වාම එදිනෙදා සිදුවීම් සටහන් කර ගත්තෙමි. මා දුටු සෑම ක්‍රියාවක්ම මට ඇසුණු හා මා අත්විඳි සියල්ලක්ම සටහන් කර තබා ගන්නට...
0 out of 5

ඇඩොල්ෆ් හිට්ලර් පුරාවෘත්තය සහ දේශපාලනය

Original price was: Rs. 490.Current price is: Rs. 392.
වසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයටත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශවයේ යුද ජයග්‍රහණයටත් උත්සවාකාරයෙන් වාර්තා කළේය.ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපාවිය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු අයද වූහ.සියදිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය  සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය...
0 out of 5

පාරාදීස කොදෙව්ව

Original price was: Rs. 2,250.Current price is: Rs. 1,800.
මුද්‍රා තැබූ කාමරයක්. අබිරහස් සිතියමක්. මිය ගිය යුවතියක් බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකින් රචනා කළ දිනපොතක්. මේ සියල්ල ඇනලීස්ව සොයාගැනීමක් කරා, මෙන්ම උවදුරක් කරාද ගෙන යයි... බොහෝ කලකට ඉහතදී මරු වැලඳ ගත් සිය මුතුන්මිත්තකුගේ ගුප්ත දිනපොතක් සොයාගත් වේලාවේදී, සිතියම් ශිල්පී පවුලක, ආදරය සහ රැුකවරණය යටතේ හැදී වැඩෙන දියණියක් වෙන ඇනලීස් මැලරි කුතුහලය සහ වික‍්‍රමයන්ගෙන් සපිරි ලොවකට පිවිසෙයි. එම දිනපොත සමග දුර ඈතක...
0 out of 5

මාතර මහ කැරැල්ල

Original price was: Rs. 750.Current price is: Rs. 675.
මෙම කෘතිය ලුඩ වැයික් වාහනාර් ලන්දේසි බසින් රචිත ගාල්ල - ලංකාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පාලන ශාඛාව - 1760 ලන්දේසි අධිකාරියට එරෙහි සිංහල නැගිටීම ආසන්න කාලයේ යටත් විජිත සමාජයක් පිළිබඳ Besenów (Lodewijk Wagenaar, Galle VOC vestiging in Ceylon- Beschrijving van een koloniale samenleving aan de voorond van de Singalese opstand tegen het Nederlandse gecag, 760 (Amsterdam (De Batalische Leciw)...
0 out of 5

අලුත් කවි මංජුසාව

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
පාඨක රසික භවතුනි, වින්දන කුසලතාව උරුම කර ගැනීමට හා දියුණු කර ගැනීමට වඩාත් පහසු හා උචිතම සාහිත්‍යංගය වන්නේ කවිය බව මගේ පිළිගැනීමයි. වින්දන කුසලතාව දරුවන්ට පුහුණු කිරීමට ගුරුභවතුන්ට ඉවහල් කර ගත හැකි වඩාත් පහසු හා උචිතම සාහිත්‍යංගය කවිය බව ද මගේ පිළිගැනීමයි. කවි කියවීම, රස විඳීම, ‘හෙමින් කළ යුතු - උවමනාවකින් කළ යුතු', පෞද්ගලික අභ්‍යාසයකි. ජීවිතාවබෝධය මෙන්ම සමාජාවබෝධය උදෙසා ද...
0 out of 5

විපල්ලාස සංකල්පය

Original price was: Rs. 2,700.Current price is: Rs. 2,430.
රාජ්‍ය සාහිත්‍ය සම්මානය (2016)  - “සංශයවාදය, ඥානයෙහි සීමා සහ බුදුදහම” රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත (2017)  -   “දෘෂ්ටිවාද විචාරය හා බෞද්ධ දර්ශනය” ආදී  ග්‍රන්ථයන්හි රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ඉතා වැදගත් ග්‍රන්ථ, ලිපි ලේඛන හා සම්මන්ත්‍රණ පත්‍රිකා ගණනාවක් පලකොට ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ  කතිකාචාර්ය ආචාර්ය දිල්ශාන් මනෝජ් රාජපක්‍ෂ මහතාගේ නවතම කෘතිය “විපල්ලාස සංකල්පයට දාර්ශනික හා මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක් ” යන්න...
0 out of 5

ලොවේ වැජඹෙන කලාව -Think and Grow Rich

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
සාර්ථකත්වයට පත් නොවූවන් තුළ පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වෙයි. එනම් ඔවුහු අසාර්ථකත්වයට පත්වීමේ සියලු හේතු දනිති. එමෙන්ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බලපෑ නොහැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති. මෙම නොහැකියාවන්ගෙන් සමහරක් පැහැදිලිය. එයින් කිහිපයක් සත්‍ය මගින් සාධාරණය කළ හැකිය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නොහැකියාවන් පැවසීම පළක් නොවේ. ලෝකයට දැන ගැනීමට අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි, ඒ ඔබ...
0 out of 5

සාර්ථක වන්නේ මෙහෙමයි

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
වසර පතා යවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන් අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ හිමි තනතුරු ඉක්මනට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් හෝ නොලැබෙන්නේ ඇයි? "සාර්ථක වන්නේ මෙහෙමයි" නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා...
0 out of 5

සිහිනුවණින් කල් ගෙවන්න

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
"භාවනාවේ යෙදී සිටිය දී සිත සබුද්ධික සිතුවිලිවලින් ඉවත්වන විට ඒ හිඩැස පුරවන්නට අඥාන සිතුවිලි සිත තුළට රිංගා ගනී. එම රිංගා ගන්නේම හරයක් නැති සිතුවිල්ලක් මිස හොඳ හෝ නොහොඳ තෝරා බේරාගෙන ඇතුල් වෙන ඒවා නොවේ.එය හරියට ඔබ මානසික වශයෙන් හැම දෙයක්ම එපා වී වෙහෙසට පත් වී සිටින විටෙක ඔබ කැමතිම රූපවාහිනී වැඩසටහනක් නරඹන්නට අදහස් කරනවා වගේ්.ඔබ එසේ කරන්නේ කාලය කෙසේ හෝ...
0 out of 5

යතුරු හතේ අභිරහස

Original price was: Rs. 500.Current price is: Rs. 400.
රහස් පරීක්ෂක ඩික් මාර්ටින් වටහාගන්නේ දක්ෂතම අගුලු අරින්නකු වූ ලෙවී ෆිනී ගේ අභිරහස් මරණයට හේතුව අගුළු හතකින් යුත් දොරටුවක් විවෘත කිරීමට උත්සාහ දැරීම බවය. එය සෙල්ෆෝඩ් සාවාමිවරයාගේ සොහොන් ගැබේ දොරටුව බව ඩික් වටහා ගනිද්දී ඔහුට මරණය සදන්නට පැමිණෙන්නේ අසාමාන්‍ය පෙනුමැති තිරිසනුන්ට සමාන දැවැන්තයන් දෙදෙනෙකි. සෙල්ෆොට් සොහොන හා බැඳුනු ශාපය කුමක්ද? ලාන්ස්ඩවුන් මෙනවියට එම ශාපයෙන් ඇතිවන බලපෑම කුමක්ද?
0 out of 5

අභිරහස් සොහොයුරියෝ

Original price was: Rs. 500.Current price is: Rs. 400.
වෙඩි පහරට ලක්ව අභිරහස් ආකාරයෙන් මියගිය ආතර් ඩෲස් පිරිමියෙකු නොව කාන්තාවක බව හෙළි වෙද්දී සියල්ල උඩු යටකුරු වූ බවක් රහස් පරීක්ෂකවරිය ලෙස්ලි මෝගන් ට හැඟී යයි. එම මනුෂ්‍ය ඝාතනයට පීටර්ගේ ඇති සම්බන්ධය කුමක්ද? පීටර් සහ රේතම් ආර්‍යාව මැදට ලෙස්ලි මෝගන් පැමිණීම ප්‍රේම ත්‍රිකෝණයක ආරම්භයක්ද? කුඩා එළිසබෙත් පීටර් හට එතරම් ආදරයක් දක්වන්නේ මන්ද? එලෙසබෙත් ගේ උපත ආතර් ඩෲස් ගේ මරණය හා...
0 out of 5

ටූනා අසිපතේ අභිරහස

Original price was: Rs. 390.Current price is: Rs. 312.
ගංගාවක් අසල පාළු මන්දිරයක විසූ ධනවත් ෆිල්ඩ් මහතා හදිසියේ ඝාතනයට ලක්වෙයි. මිනීමැරුම සිදුකොට තිබුණේ අප්‍රිකාවේ ගෝත්‍රික අසිපතකිනි. සුපිරින්ටෙන්ඩෙන්ට් මින්ටර් ඒ එකම හෝඩුවාවෙන් මිනීමරුවා සොයාගන්නේ කෙසේද? දෙපා පණ නැති මැක්ස් වොස් මහතා ෆිල්ඩ් මහතාට වෛර කළේ මන්ද? ෆිල්ඩ් මහතාගේ ලේකම්වරිය මජෝරි මෙනවිය මිනීමරුවාගේ කාගේ කවුද? ඇය මිනීමැරුමට අනුබල දුන්නේ ද? තමාට එල්ල වූ වෙඩි පහර සමග මිනීමරුවා කවරෙක්ද යන්න මින්ටර් මහතා...
0 out of 5

පෙනේරයක ලූ මල් පැණි

Original price was: Rs. 850.Current price is: Rs. 765.
'පෙනේරයක ලූ මල්පැණි' කමලා මාර්කන්දයගේ ප්‍රථම නවකතාවයි. බ්‍රිතාන්‍යයේ යටත් විජිත පාලන සමයේ අග භාගයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ගොවිජන ජීවිතය මෙමගින් නිරූපිතය.කාර්මීකරණයෙ බලපෑම නිසා ඔවුන්ගේ ජීවන රටාවල සිදුවූ වෙනස්කම් සමගින් ගලායන මේ කතාව පොදු මනුෂ්‍ය ගති ලක්ෂණවල ස්වභාවයද අපට දැක ගන්නට සලස්වයි. සියුම් සංවේදනා දනවන සරල බසකින් පරිවර්තිත මෙම නවකතාව ඉතිහාසයේ එක් සංක්‍රාන්තික කාල පරිච්ඡේදයක මනුෂ්‍ය ජීවන...
0 out of 5

වැඩ කිරීමේ සතුට

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
අපේ ජීවිතයේ වැඩි කොටස ගෙවනුයේ වැඩවල නිරත වීම සඳහාය. එහෙත් අප වැඩි දෙනෙකුට අපේ රැකියාවන් මරණය හා බදු ගෙවීම් වැනි අප්‍රිය, කරදරකාරී එමෙන්ම ඒකාකාරී වූ ඒවා හා හැඟෙයි. රැකියාව වෙහෙස ගෙන දෙයි. මීට හේතුව වන්නේ මොනවද? ඒ හේතු අවබෝධ කර ගැනීම යනු අප අපට ආදරය කිරීමකි. සතුටින් වැඩ කළ හැකිනම් අපේ ජීවිතය සතුට පිරුණු එකක් වෙයි මේ පොත ඒ සඳහා...
0 out of 5

ලස්සන වසිලිස්සා

Original price was: Rs. 850.Current price is: Rs. 680.
lassana wasilissa රුසියානු සුරංගනා කතා pages 222
0 out of 5

ආදරයේ භාෂා

Original price was: Rs. 980.Current price is: Rs. 784.
විවාහකයන් දුරස් කරවන ආදරයේ "භාෂා 5" සංකල්පය මුල් වරට ලොවට ඉදිරිපත් කළේද ආචාර්ය ගැරී චැප්මන් විසිනි.එකිනෙකාගේ හැඟීම් හා අවශ්‍යතාවයන් වටහාගෙන අඹුසැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැඳී සිටීමට බොහෝ ප්‍රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ සැබෑ ජීවිතයද උදාහරණයට ගනිමිනි. එයට අමතරව දරුවන්ගේ හැඟීම් හා අවශ්‍යතා මැනවින් තේරුම්ගෙන ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැඳුණු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්‍ය කරුණුද මෙහි ඇතුළත්...
0 out of 5

කාඕ යු -පාඕ

Original price was: Rs. 800.Current price is: Rs. 640.
වර්ෂ 1930 දී ජපන් අධිරාජ්‍යයේ කුරිරු අත්තනෝමතික පාලනයට චීනයේ විශාල භූමි ප්‍රමාණයක් ගොදුරු විය.එහි ජීවත් වූ ගැමියන්ට රූකඩ නිලධාරීන්ගේ සහ ඉඩම් හිමියන්ගේ තාඩන පීඩන ඉවසා දරා ගත නොහැකි විණි.එම ඛේදවාචකය දුගී ගැමි දරුවෙකු වූ කාඕ යූ -පාඕ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බලපෑ ආකාරය හද සසලෙන අයුරින් මෙම කතාවට ගෙති ඇත.අන්ත කුරිරු පීඩනය යනු විප්ලවයේ ගිනි පුපුරු දල්වන අයෝමය ශක්තියක් බව...
0 out of 5

පිසාචයෝ

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,485.
ද්‍රවිඩ ගැටවරයෙකු වීමත් සමලිංගික ආශාවන්ට නැඹුරු වීමත් අසූ ගණන් වසරවල ගතිගානුගත ලංකා සමාජයේ අවධානම් ගතිගුණ වෙයි.මෙම දිත්ව අවදානමට අමතරව ශිවන් හට තිබූ අනෙකුත් ගැටලු වූයේ තමාගේ ජීවිතය ගිරයකට අසුකළ පුවකයක් මෙන් ග්‍රහණය කරගත් මිත්තණියයි.තමාට කුමාරයකුට මෙන් සැලකුවත් තම මවත්, සොයුරියටත් සිඟන්නන් ලෙස සැලකූ ධනවත් මිත්තණියගෙන් ගැලවීම ඔහුගේ අනෙකුත් සියලු අවශ්‍යතාවයන් අභිබවා සිටි. අසූ තුනේ භීෂණයෙන් විපතට පත්වූ ද්‍රවිඩ ජනතාවට කැනඩාවට...
0 out of 5

පියෙකුගේ කතාවක්

Original price was: Rs. 950.Current price is: Rs. 855.
ලයනල් ඩාමර්ගේ ගේ දරුවා වසර එකොළහක් තුළ පුද්ගලයින් 17 දෙනෙකු මරා දැමුවේය. අදුරි කාමර තුළ සිරකොට වදදී අතපය වෙන්කොට මරා දැමුවේය. ඇමරිකාවේ මිල්වෝකි හි නිවෙස් අහිංසක දෙමව්පියන්ගේ විලාප හඬින් පිරවිය. ලයනල් ඩාමර්ගේ බිඳුනු හදවතින් ගලා ආ කඳුළු අකුරු වෙවුලන වචන පේළිවල ඩාමර් අමුණා ඇත. එම කකියන වචන සමග ඔබේ හිත සුසර වූ තැනේදී ඔබේ දෑස් බොඳ වනු ඇති බව මම...
0 out of 5

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
‘The Seven Moons Of Mooli Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රමවේදයත් නිසාය.' 2022 BOOKER PRIZE සම්මානය සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්. 1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී...
0 out of 5

මල්ගුඩියේ මිනී කන්නා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු වන අභාවප්‍රාප්ත ඉන්දියානු ලේඛක ආර්.කේ නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපදුනු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග්‍රහ කරයි."මල්ගුඩියේ මිනීකන්නා" නමින් සිංහලයට නැගුණු මෙම නවකතාව තුළින් ප්‍රකට වන්නේ ද කතුවරයා තුළ පැවති එම අව්‍යාජත්වයයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණද, ඒවායින්...
0 out of 5

ලංකාවේ සියවසක්

Original price was: Rs. 850.Current price is: Rs. 680.
"ලංකාවේ සියවසක්" ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාලපරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අළලා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි.එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙලා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනට කෘතියක් තුළ ගොනුකර ඇත.
0 out of 5

කාලාවකාශයේ සිරකරුවා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
2016 හොඳම විද්‍යා ප්‍රබන්ධ කෘතිය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය කාලාවකාශයේ සිරකරුවා - හිස මදක් ඔසවා බැලූ විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේ වලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුණාත් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම...
0 out of 5

විශ්මිත සිහින දකින්නා

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
ඓන්ද්‍රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහිනොනැවති රළ නඝන අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත්‍යමය විද්‍යා ගවේෂණය. සිහිනය- හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉධිමින්ම ඹබ ඉරණම තුළම ජීවත් වේවි.ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි.ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකාන්. විජය දේශය- නමුත් අපට වුණේ විශාල...
0 out of 5

ඈන් දුටු වසත් සිහිනය

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
ඈන් බාල වියේ පටන් සොඳුරු සිහින දකිමින් ඒ සිහින මල්ඵල නෙළා ගැනීමට අධිෂ්ඨානශීලීව කැපවෙන සොඳුරු සිතැත්තියකි. මේ ඇගේ දිවියේ වසන්ත සමයයි. ඉතින් වසත් සමයේ මේ දිරිය යෞවනිය දකින සිහින කෙබඳු වේද? ඒවා සැබෑ කර ගැනීමට ඇයට හැකිවේද?
0 out of 5

Velvet ප්‍රේමය

Original price was: Rs. 850.Current price is: Rs. 722.
තාම ඔබ ගැන ලියනවා නොකියවන බව දන්නවා දන්නවද ආදරේ නීතිය දැනුණු තරමට රිදෙනවා!
Loading...