ධර්මරත්න තෙන්නකෝන්
pages 167
ලංකාවේ සිවිල් සේවාව පටන්ගත් මුල් අවධියේදී රාජ්‍ය පරිපාලන කටයුතු සඳහා සුදුසු අධිරාජ්‍යවාදීන් මෙහි ගෙන්වාගත් නිලධාරීන් අතර ලේනාඩ් සිඩ්නි වුල්ෆ් එක් අයෙකි.යාපනය මහනුවර හා අති දුෂ්කර ප්‍රදේශයක් වූ හම්බන්තොට ඔහුගේ සේවා ස්ථාන ලෙසින් දැක්වේ. මේ ප්‍රදේශවලත් ලංකාවේ අනෙක් සෑම ප්‍රදේශයකමත් සංචාරය කළ ඔහු ඒ වත ගොඩ අළලා අගනා කෘති රැසක් ලියා පලකොට ඇත.
ඉනුත් හම්බන්තොට එදා සිට කාලය අළලා ලියැවී ඇති කෘති මහත් ප්‍රසාදයට ලක් වූ ඒවාය. සේවය අවසන් කොට මව් රටට යන ඔහු නැවත 1960 වර්ෂයේ ලංකාවට එන්නේ පැරණි මිතුරන් දැක ගැනීමටය. ඒ අතරතුරේදී ඔහු හිතමිතුරන් සමග කළ කී දෑ බොහෝ රසවත් ඒවාය. ඉන් කොටසක් අන්තර්ජාල තොරතුරු සමගින් මෙහි අන්තර්ගත කොට ඇත. පැරණි තොරතුරු හඹා යන අයට යම් රසයක් මෙහි ලබා ගත හැකි බව අපගේ විශ්වාසයයි