Athbhutha Aganthukaya
ග්රිෆින් නම් වූ තරුණ විද්යාඥයා තමන් විසින්ම නොපෙනෙන තත්ත්වයට පත්වන්නේ විද්යාත්මක සොයා ගැනීමක ප්රතිඵලයක් වශයෙනි. ආලෝකයේ ශක්තිය , වර්ධනය , පරාවර්තනය රුධිරයේ වර්ණක ආදී විද්යාත්මක සිද්ධාන්ත බොහෝමයක් භාවිතයෙන් වේල්ස් විසින් ග්රිෆින්ව නොපෙනෙන තත්ත්වයට පත් කරයි.
ඒ සඳහා වේල්ස් අනුගමනය කළ විද්යාත්මක ක්රමවේදය සහ ගමන්මග ඉතාමත් සිත් ගන්නා සුළුය . එපමණටම තාත්විකය, යථාර්ථවාදීය ඒ තුළ කිසිදු විජ්ජාවක් හෝ මැජික් බලයක් ඇතැයි නොසිතයි.
විද්යාත්මක පදනමක පිහිටම සිත්ගන්නාසුලු විද්යාත්මක තර්ක ඉදිරිපත් කරමින් හෙතෙම ග්රිෆින්ව අදෘශමාන තත්ත්වයකට පත් කළ ද අදිසි බව හමුවේ ග්රිෆින්ට දිගින් දිගටම මුහුණදීමට සිදුවන්නේ බරපතළ අකරතැබ්බයන්ටය . එකිනෙකින් ගොඩ එන කල ඇද වැටෙන්නේ ඊටත් වඩා බරපතළ එකකටය. මේ අකරතැබ්බන්ගේ නිමාව කොතනද?