vismitha dosthara
pages 302
වෛද්‍ය බෙන් කාර්සන්ගේ විස්මයජනක ජීවිත කතාව
බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපූරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛද්‍යායතනයට අයත් ළමා ස්නායූ රෝග අංශයේ අධ්යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ‘ විස්මිත දොස්තර ‘ තුළින් ඔබ හමුවේ තබයි. අනේක වූ ජීවිත ගණනාවක් මරණයෙන් ගලවා ගත් ශල්‍යාගාරයට ඔබ කැඳවාගෙන යන ඔහු, නොහැකි යැයි සිතෙන යමක් ජයගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පූර්වාදර්ශී චරිතයකි.
…………………………………………………………………………….
ඔයාලා දෙන්න පුස්තකාලයට ගිහින් පොත් කියවන්න ඕන. හැම සතියකටම අඩුම ගාණේ පොත් දෙකක්වත් කියවන්න ඕන. හැම සතියක් අවසානයේම ඔයාලා කියවපු පොත් ගැන වාර්තාවක් මට දෙන්න ඕන.”
* ඔයාට කියවන්න පුළුවන් නම්, ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. කියවන්න පුළුවන් මිනිස්සුන්ට මේ ලෝකේ දොරවල් ඇරිලා තියෙන්නේ. මගේ කොල්ලෝ දෙන්නා ජීවිතේ සාර්ථක කරගන්නයි යන්නේ. මොකද එයාලා ඉස්කෝලේ ඉන්න හොඳම පොත් කියවන දෙන්නා වෙන්නයි යන්නේ.
මුල් කාලේ, මම පුස්තකාලෙට ගිහින් සතුන් සහ සොබා දහම සම්බන්ධ අනෙකුත් මාතෘකා පිළිබඳ ලියවුණු පොත් සෙව්වා. පහේ පන්තියේ විද්‍යාත්මක සොබා දහම සම්බන්ධව දීප්තිමත්ම ශිෂ්‍යයා වුණේ මම.
නොසෑහෙන්න පොත් කියවපු මගේ භාෂාව අවබෝධ කරගැනීමේ හැකියාව සමග වාග් කෝෂයත් ඉබේම වැඩිදියුණු වුණා. ගණිත ගැටලු විසඳීමේ දී වැඩි දවසක් ගත වෙන්න කලින් මම ගණිතයට දක්ෂතම ශිෂ්‍යයා බවට පත් වුණා.
Out of stock