Best Seller

රෑ මැදියම

Availability: Out of stock

Original price was: Rs. 900.Current price is: Rs. 720.

The other side of Midnight – Sidney Sheldon

Re madiyama

පරිවර්තනය : සුගතදාස වියතුංග – Sugathadasa viyathunga

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

Out of stock

Compare

The other side of Midnight – Sidney Sheldon

Re madiyama

පරිවර්තනය : සුගතදාස වියතුංග – Sugathadasa viyathunga

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

ප‍්‍රංශයේ ඉතාමත් දිළිඳු පවුලක උපත ලද රූමත් කාන්තාවක් වූ නොයෙලි ඇගේ දස්කම් සහ උනන්දුව නිසා ඉතා ප‍්‍රසිද්ධ නර්ථන ශිල්පිනියක් මෙන්ම චිත‍්‍රපට තාරකාවක් බවට ද පත්වූවා ය. අනතුරුව ලෝකයේ එවකට සිටි ව්‍යාපාරික දැවැන්තයකුගේ අනියම් බිරිඳ බවට ද පත්වූවා ය. මේ තත්ත්වය දක්වා එන ගමනේ දී, ඈ හට මුණ ගැසුන ලැරී නමැති කඩවසම් අමෙරිකානු තරුණයකු සමඟ හාද වූවා ය. ඇයව විවාහ කර ගන්නා බවට පොරොන්දුවක් දී ඇයට දරුවකු ලැබෙන තත්ත්වයට පත්කොට ඔහු පලා යනු ලබයි. තමා හට කරන ලද මෙම අනදරය වෙනුවෙන් ඈ ඔහුගේ දරුවාගෙන් මුලින්ම පළි ගත්තා ය. ඇගේ මීළඟ අරමුණ වූයේ ලැරීව විනාශ කර ඔහුගෙන් ද පළි ගැනීම ය.
මෙයට සමගාමීව අමෙරිකාවේ ද, එවැනිිම රූප සම්පත්තියෙන් අනූන කාන්තාවක් සමාජ ප‍්‍රශ්නවලට මුහුණ දෙමින් තම ධෛර්යය මත උසස් රැකියාවකට පත්වූවා ය. ඒ අනුව ඈ හට රැකියාව ලැබුණේ අමෙරිකානු ජනාධිපතිගේ උපදේශකයකුගේ කාර්යාලයේ ය. කැතරින් නමැති මෙම කාන්තාව තම කාර්යාල ප‍්‍රධානියා සමඟ අනියම් සබඳතාවයක් ද ගොඩ නගා ගන්නී ය. එහෙත් අහම්බෙන් මුණ ගැසුන ලැරීගේ බලපෑම මත ඔහු සමඟ විවාහ වීමට ඇයට සිදුවේ. ඇය ඔහුට පණ මෙන් ආදරය කළා ය.
පළිගැනීමේ චේතනාවෙන් මඩනා ලද නොයෙලි, ලැරීව අත්පත් කර ගැනීමේ රහස් වැඩ පිළිවෙලක් සකසා ගත්තා ය. ලැරී ලවා ඔහුගේ බිරිඳ වන කැතරින්ව මරා දැමීමට ද ඈ කුමන්ත‍්‍රණයක් දියත් කළා ය.
ඒ අනුව ලැරීගේ සහ නොයෙලිගේ කි‍්‍රයා කලාපයන් ද වෙනස් වන්නට පටන් ගනී. මෙම සම්බන්ධය ගැන ඉව වැටුණ ලෝක ප‍්‍රකට ව්‍යාපාරිකයා, මොවුන් සොයන්නට පටන් ගනී. ඒ සිද්ධි මාලාව වස්තු බීජය කරගෙන විවිධ රූප රාමු ඔස්සේ මෙම කතා පුවත ඉදිරිපත් කර ඇත.

 

 

 

 

 

 

Weight .701 kg
Loading...