Best Seller

මොරිසාකි පොත්හලේ ගෙවුණු දවස්

Availability: In stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.

…හිදෙකි මට කිව්ව විදිහට ඒ දෙන්නගේ සම්බන්ධය අවුරුදු දෙකහමාරක් පරණ යි. වෙන විදිහකට කිව්වොත්, අපේ සම්බන්ධය තිබුණටත් වඩා වැඩි කාලයක් තිස්සේ එයාලා ආදරය කරලා තියෙනවා. මට සහතික කරලා කියන්න පුළුවන් එයාට වෙන සම්බන්ධයක් තිබුණා කියලා මට යාන්තම්වත් දැනිලා තිබුණෙ නෑ. මං කිසි ම වෙලාවක එයාව සැක කළේ නෑ. ඒ වගේ දෙයක් වෙන්න තියෙන සම්භාවිතාව ගැන මං හීනෙකින්වත් හිතලා බලලා තිබුණෙ නෑ. කන්තෝරුවෙදි අපි අපේ සම්බන්ධය රහසක් හැටියටයි තියාගත්තෙ. හැබැයි මං හිතාගෙන හිටියේ හිදෙකි එහෙම කරන්නේ අපේ සම්බන්ධය ගැන දැනගත්තා ම කන්තෝරුවේ අනිත් අය අපහසුතාවයට පත්වෙන එක වළක්වන්න උවමනා නිසා කියල යි. නමුත් දැන් බලද්දි පටන්ගැන්මේ ඉඳල ම මං කිසි ම වෙලාවක එයාගෙ පළමු තේර්ම වෙලා ඉඳලා නැහැ. මං නිකම් ම නිකම් එයාගෙ කාලෙ ගෙවාගන්න පාවිච්චි වුණ කෙනෙක් විතර යි!
මට ඒක යාන්තම්වත් තේරුම් ගියේ නැත්තෙ කොහොම ද?
එක්කෝ මං දේවල් තේරුම් ගන්නෙ ගොඩක් හෙමින්. එහෙම නැත්නම්, එයා පුදුම තරම් දක්ෂ විදිහට මට මේ හැමදේම හංඟලා !
Quantity :
Compare
Categories: ,

පරිවර්තනය ප්‍රහර්ෂි පෙරේරා

pages 212

 

Weight .150 kg
Loading...