Best Seller

මියුනිච් සංහාරය

Availability: In stock

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.

1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ සිදුවීම් සහ එහි ලේ වැකි ප්‍රතිඵල පිටුපස ඇති සත්‍ය කතාව.
‘ මියුනිච් සංහාරය ‘ 1972 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී ඊශ්‍රායල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඝානනය කිරීමත් සමඟ මියුනිච් සංහාරයට තුඩු දුන් නාටකීය සිදුවීම් ප්‍රබල ලෙස විස්තරාත්මක ව විස්තර කර ඇත.
මෙම කෘතිය තුළින් පසුව ඇති වූ දරුණු රහසිගත අරගලය පිළිබඳ කතාව ද කියයි. එය මොසාඩ් සහ ප්‍රහාරයට වගකිව යුතු කණ්ඩායම වන කළු සැප්තැම්බර් ව්‍යාපාරයේ නායකයන් අතර, ගැටුම් කෙරෙහි ද අවධානය යොමු කරයි.
වර්තමානයේ අල්කයිඩා වැනි ත්‍රස්න සංවිධානවල නායකයන් පසුපස හඹා යන අය මෙන් නොව, ඊශ්‍රායල ඒජන්තයන් විසින් කළු සැප්තැම්බර් ව්‍යාපාරයේ ප්‍රධාන නායකයන් සියල්ලන් හඳුනා ගෙන ඝාතනය කිරීමට සමත් විය. මෙම නායකයන් යුරෝපය සහ මැදි පෙරදිග පුරා ක්‍රියාත්මක වන අතරතුර දක්ෂ වෙස්වළා ගැනීමේ උපක්‍රම ද භාවිතා කළහ. මෙම මෙහෙයුම මොසාඩ් සංවිධානය විසින් පැරීසිය, රෝමය, මැඩ්රිඩ්, ඇතෑන්ස්, සයිප්‍රසය සහ බිරූට් ඇතුළු බොහෝ නගර කරා ද ගෙන ගියේ ය. ඊට සම්බන්ධ වූ කොමාන්ඩෝ භටයන්ගෙන් එක් අයෙක් වුයේ පසුව ඊශ්‍රායල අගමැති ධූරයට පන් එහුඩ් බරාක්ය.
කළු සැප්තැම්බර් ව්‍යාපාරය ද ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ඔවුන් බ්‍රසල්ස් සහ මැඩ්රිඩ් හිදී ඊශ්‍රායල ඒජන්තයන් වෙඩි තබා ඝාතනය කළහ. ‘ රතු කුමාරයා’ ලෙස හැඳින්වෙන කළු සැප්තැම්බර් ව්‍යාපාරයේ නායක හසන් අලි සලාමේ බීරූට් හිදී කාර් බෝම්බයකින් මිය ගිය විට ප්‍රචණ්ඩකාරී අරගලය අවසන් විය. ඔහු ලුහුබැඳ ගොස් තිබුණේ අභිරහස් ඉංග්‍රීසි ජාතික කාන්නාවක් වන එරිකා මේරි චේම්බර්ස් විසිනි. පසුව ඇය මොසාඩ් ඒජන්තවරියක් බව හෙළි විය.
මියුනිච් සංහාරය කළු සැප්තැම්බර් ව්‍යාපාරයේ බිහිසුණු අපරාධ සහ එහි ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් නැවැන්වීමට ඊශ්‍රායලය දැරූ උත්සාහ ලැයිස්තුගත කිරීමට වඩා වැඩි යමක් කරයි. වර්තමානයේ වැදගත්ම ගැටුම් වලින් එකක් වන ඊශ්‍රායල පලස්තීන ගැටුම පිටුපස ඇති ගැඹුරු කතාව ද මෙම කෘතියේ පැහැදිලි කරයි.
පරිවර්තනය|ඩිලාන් ඩී. ප්‍රසංග
Quantity :
Compare

munich sanharaya

pages 335

Weight .300 kg
Loading...