Best Seller

කීව් දියණියෝ

Availability: In stock

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,215.

‘ කීව් දියණියෝ ‘ මගින් යුක්රේන ඉතිහාසයේ මකා දමන්නට උත්සාහ කළ වැදගත් කොටසක් ලොව පුරා පතළ කිරීමේ කාර්යය එරින් ලිත්තෙකේන් (Erin Litteken) කතුවරිය මැනවින් සිදු කර ඇත.
1929 දී ස්ටාලින් යුක්රේනයේ ආරම්භ කළ කෘෂිකර්මාන්තය සාමූහික කරණය කිරීමේ වැඩ පිළිවෙල මිලියන 3-10 අතර අහිංසක ගොවියන් සාගතයෙන් මිය ඇදෙන්නට සැලැස්වූවක් විය. ආරම්භයේ දී එහි ජිවිත සුපුරුදු පරිදි ඉදිරියට ගිය මුත්, ඉක්මනින්ම එම වැසියන් ජනතාවගේ සතුරන් බවට චෝදනා එල්ල කෙරිණි. තවදුරටත් කතා කිරීමට කිසිවෙකු හෝ එඩිතර නොවූ අතර මිනිසුන් අතුරුදහන් වීමට පටන් ගැනිණි.
සත්‍යය පසුබිම් කොට ගෙන ලියවී ඇති ” කීව් දියණියෝ ‘ අති මහත් කෲරත්වයේ කම්පන සහගත වකවානුව මැනවින් පැහැදිලි කරන්නකි. ඒ සමගම එය ජීවත් වීමේ සටන පිළිබඳ මිනිසා තුළ ඇති ආවේණික ශක්තිය පිළිබිඹු කරන්නකි. එවකට දහසය හැවිරිදි ගොවි කෙල්ලක වූ කතියා අප්‍රමාණ වේදනා විඳිමින් මුත් ධෛර්යය සහ ආදරය නොමරා ජිවිතය ජය ගන්නා අන්දම අපූරුය.
එරින් ලිත්තෙකෙන් කතුවරියගේ මෙම කෘතිය දැනට භාෂා 18 කට පරිවර්තනය වී ඇති අතර මේ සඳහා ඇයට පහත සඳහන් සම්මාන ද හිමිවී ඇත.
Winner of the She Reads Best Historical Fiction 2022 (2022 She Reads හොඳම ඓතිහාසික ප්‍රබන්ධයේ ජයග්‍රාහිකාව)
Women’s Fiction Writers Star Award Winner 2023 (2023 ප්‍රබන්ධ ලේඛිකාවන්ගේ තාරකා සම්මාන ලාභිනිය)
Quantity :
Compare

පරිවර්තනය ප්‍රියංවදා ඇම් බන්දුවර්දන

kiv diyaniyo

pages 387

Weight .250 kg
Loading...