Best Seller

අභිරහස් ආර්යාව

Availability: In stock

Original price was: Rs. 985.Current price is: Rs. 788.

Abirahas aryawa

පරිවර්තනය : අර්ජුන මාපිටිගම  – Arjuna mapitigama

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

Quantity :
Compare

Abirahas aryawa

පරිවර්තනය : අර්ජුන මාපිටිගම  – Arjuna mapitigama

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

වොෂින්ටන් නුවර ජාතික කලාගාරයේ දී 19 වැනි සියවසට අයත් චිත‍්‍රයක් පිහියකින් ඉරා දැමීමට උත්සාහ කළ රොබර්ට් ඔලිවර් නමැති චිත‍්‍ර ශිල්පියා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව යොමු කෙරෙන්නේ ගෝල්ඩන්ග්‍රෝව් හී මනෝචිකිත්සක ඒකකය වෙතය. එහි ප‍්‍රධානී ඇන්ඩෲ මාර්ලෝ ද චිත‍්‍ර ශිල්පය විනෝදාංශය කරගත් කෘතහස්ත මනෝවෛද්‍යවරයෙකි. කිසිවකුට අත තැබීමට ඉඩ නොදෙන පැරණි ලිපි මිටියක් තුරුළු කරගනිමින් පුරා මාස දොළහක් නිහ`ඩතාව රකිමින් සිටින රොබර්ට් ඔලිවර් සුවපත් කිරීමට වෛද්‍ය මාර්ලෝට සිය රෝගියාගේ අතීතයට යාමට සිදුවෙයි. මේ අතර රොබර්ට් ඔලිවර් පහරදුන් චිත‍්‍රය ග‍්‍රීක පුරාවෘත්තයක් වන ලේඩා නමැති නිරුවත් කාන්තාවගේ චිත‍්‍රය බව වෛද්‍ය මාර්ලෝ සොයා ගනී.

ඒ අතරතුර යම්කිසි හෝඩුවාවක් දැනගැනීමේ අටියෙන් වෛද්‍ය මාර්ලෝ විසින් ඔලිවර් රොබර්ට්ගේ කුටියේ සිතියම් මැස්සක්, වර්ණ ඵලකයක්, තීන්ත, බුරුසු සහ කැන්වස් රෙදි පුරවාලමින් ඔහු චිත‍්‍ර ඇඳීමට පොළඹවාගනු ලබයි. රොබර්ට් ඔලිවර් විසින් දිනෙන් දින අඳිනු ලබන චිත‍්‍ර නිරීක්ෂණය කිරීමේදී වෛද්‍ය මාර්ලෝට දැකගත හැකිවන්නේ මේ ගුප්ත මිනිසාගේ සෑම චිත‍්‍රයකටම පාදක වී ඇත්තේ කළු පැහැති දෑස් ඇති, රැුළි ගැසුණු හිසකේ සහිත දුටු විගස සිත සසළ කරවන ආකාරයේ සුරූපි කාන්තා මුහුණක් පමණක් බවය.

Weight .770 kg
Loading...