Cart

Best Seller

හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ

Availability: In stock

Rs. 2,550

හොරොව්පොතානේ පලවෙනි ඩීයාරෝ

නවකතා කෙටිකතා චරිත කතා ආදී වශයෙන් මෙකල ප්‍රකාශන රාශියක්  පාඨකයන් හට කියවීමේ භාග්‍යය ලැබී ඇත. නූතන යුගයේ මෙබඳු ගද්‍ය පද්‍ය කෘති නිසා සිංහල සාහිත්‍ය ද සෑහෙන පමණින් පෝෂණය වී ඇති බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ.මේ පොත් අතරතුරට උප්පත්තියේ සිට තමන් හැසිරුණු ජීවන කතාව පිළිබඳ ලියැවුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “උපන්දා සිට” “අපේ ගම” වැනි පොත්ද පාඨකයා රස ගැන්වීමට හා සමාජ විවරණයන් අධ්‍යයනයට උපකාරී වන පොත්පත්ද පලවීමෙන් වර්තමාන සාහිත්‍ය වඩාත් වර්ධනය වී ඇත.මෙබඳු වකවානුවකදී ඉහත කී ග්‍රන්ථවලින්ට යම් තරම්න් සමානත්වයක් ඇතත් සෑහෙන පමණින් වෙනස් අයුරක් ගන්නා පොතකි හොරොව්පොතානේ  පළවෙනි ඩීයාරෝ  නැමැති මෙම ග්‍රන්ථය.

වරෙක  එය ජීවිතයේ එක් කාලසීමාවක් තුළ තමන් ලද අත්දැකීම් පිළිබඳ විග්‍රහයක සේයාවක් සේ දැනෙයි. වරෙක එය නවකතාවක් හෝ කෙටිකතා ගොනුවක් සේ පෙනෙයි.තවත් වරෙක තම අත්දැකීම් තුළින් හෙළි කෙරෙන සමාජ විග්‍රහයකි.  මේ සියල්ලන්ටම වඩා තත්කාලීන පරිපාලන රටාවත් එහි හොඳ නොහොඳ කමත් එක් වූ වාර්තාවක ජායාවක් දනවයි. සාමාන්‍යයෙන් පරි පාලනය පිළිබඳ වාර්තාවක් ඇතුළත් පොතක් කියවීමේ දී පාඨකයා සෑහෙන පමණින් මන්දෝත්සාහී වනු නියතය “කාටද ඕනෑ පරිපාලන තොරතුරු” යන්න පාඨකයාගේ සිත තුළ නිරායාසයෙන්ම ඇති වන බව කිව යුතුය. එසේ වුවද හොරොව්පොතානේ  පළවෙනි ඩියාරෝ  එවැන්නක් නොවේ. මේ පොත කියවීමට ආරම්භ කළ තැන සිට මා ලද අත්දැකීම් කෙටිකතා ස්වරූපයෙන්  කියවන්නාගේ රුචිය වැඩෙන අයුරින් සකස් වූවකි.
– මහාචාර්ය පී එල් ප්‍රේමතිලක –

Quantity :
Compare

Horowpathane palaweni dero

කතෘ : ඒ පී ඒ ගුණසේකර

ප්‍රකාශනය : සීමාසහිත ඇස් ගොඩගේ සහ සහෝදරයෝ

පිටු : 592

 

Weight .643 kg
Loading...