Henry Parker
Ancient Ceylon
පරිවර්තනය බී එන්.ආර් ජයසේන
පිටු 800
එතෙක් මෙතෙක් මෙරට සිටි අති විශිෂ්ටතම සංවිධායකයා වූ මෙම තීක්ෂණ බුද්ධික රජතුමා වැද්දන් සමග ඇතිකරගත් සමීප සංධානයක් හේතුවෙන් සිය මයිලනුවන් සිහසුනෙන් නෙරපා රාජ්‍ය පත්කර ගැනීමට සමත් වූ බව මැනවින් පෙනී යයි.එතුමා ලක්දිව ප්‍රථම වරට ගම් දනවු සීමා නියම කොට ජනපද පිහිටවූ බව පැවසේ.
දුර්භාග්‍යසම්පන්න කුවේණිය අතහැර දැමුවක් මෙන් ඇයගේ වර්ගයාට ද එම ඉරණම අත් කර දීමට නොහැකි තරම් වැදි ජනයා පිරිස් බලයෙන් ද පාලන බලයෙන් ද යුතුව මනා ලෙස සංවිධානය වී සිටි හෙයින් සිංහාසනප්‍රාප්තියේන් පසු ඔවුන්ගේ ආධිපත්‍ය හා බලපුළුවන්කාරකම තමාට සම තත්ත්වයෙන් පැවතෙන බව පිළිගෙන ක්‍රියා කිරීමට තරම් පණ්ඩුකාභය රජු නැණවත් විය.මෙහිලා ඔහුගෙන් පළ වූ දේශපාලන විචක්ෂණ භාවය හේතුවෙන් අනිවාර්යයෙන් සිදුවිය හැකිව තිබුණු ලේ වැගිරීම් හා අස්ථාවරභාවය රටින් තුරන් වී වැදි ජනයා ද රජුගේ පරමාර්ථයන්ට ඇප කැපවුණු සාමකාමී පිරිසක් බවට පත් කිරීමට රජතුමා සමත් විය.
ආගම දහම විෂයෙහිද රජතුමා එලෙසින්ම නිදහස් මතධාරී හා අපක්ෂපාතී විය.ඔහු සියලුම ආගමිකයන් සඳහා සිය අගනුවර විශේෂ විධායක හා පහසුකම් සැපයිය.උතුරු පෙදෙස් හි වැව් බැඳීමේ කාර්යයට ද ,ඇතැම්විට වාගේ මාර්ග තැනීමට ද මුලපිරුවේ ඔහුය
Out of stock
Henry Parker
Ancient Ceylon
පරිවර්තනය බී එන්.ආර් ජයසේන
පිටු 800
Weight | 1.081 kg |
---|