Best Seller

හතළිස් වසරක වන දිවියේ පියසටහන් 2

Availability: In stock

Original price was: Rs. 600.Current price is: Rs. 540.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ එඩ්මන් විල්සන් මීපගේ මහතා රැකියාව සඳහා 1968 වසරේදී වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණේය.එම දෙපාර්තමේන්තුවේ විල්සන් මහතාගේ සේවා කාලය වසර 40 කි.ඔහුගේ පාලනයට සහ අධීක්ෂණයට ලක් නොවූ ජාතික උද්‍යානයක් අභය භූමියක් ලංකාවේ නැත.

විධිමත් වනජීවී කළමනාකරණය දෑවුරුදු පුහුණුවක් සහ රජය විසින් ලබාදෙන ලද ශිෂ්‍යත්වයක් මත ඔහු නැගෙනහිර අප්‍රිකා ටැන්සානියා වනජීවී කළමනාකරණ විශ්ව විද්‍යාලයට පිවිසියේ ය.දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික උද්‍යානයේ දී විල්සන් අලි විදුලි වැට ඉදිකිරීම පිළිබඳ මනා පුහුණුවක් ලැබිය. හතළිස් වසරක රාජකාරි දිවියේ දී විල්සන් මහතා සතුන්ගේ චර්යා රටාවන්, වනාන්තර පිළිබඳ කළ නිරීක්ෂණ හා ඔහුගේ අප්‍රිකානු පසුබිම ගැන පුවත්පත් පාඨකයන්, දරු දැරියන් දැනුවත් කළේය.මේ කෘතිය කියවන අය ඔහු විසින් වනාන්තරය තුළට කැඳවා ගෙන යනු ලබන බවක් හැඟී යනු ඇත.

Quantity :
Compare

hathaliswasaraka wana diviye piyasatahan

Weight .350 kg
Loading...