zoya
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
කලබලයෙන් පිරුණු සියවසක් පුරා ඇදෙන එක් කාන්තාවකගේ ත්‍රාසජනක ජීවන ගමන…
ශාන්ත පීතර්බූර්ගය: ඔක්තෝබර් විප්ලවයහි එක් කුප්‍රකට ප්‍රචණ්ඩ රාත්‍රියක් රෝමානොෆ් රජ මැදුරෙහි සුඛෝපභෝගී ජීවිතයෙහි අවසානය සනිටුහන් කරයි. එයත් සමග තරුණ සෝයා ඔසුපොෆ් සිටුවරියගේ සිහින සුණු විසුණු වෙයි.
පැරීසිය: පළමු ලෝක මහා සංග්‍රාමයේ සෙවනැල්ලට යටත්ව විශ්‍රාමිකයෝ ජීවත්වීමට සටන් කරති. දරිද්‍රතාවෙන් බැට කමින් පැරීසියට පලා එන සෝයා ධනවත් කතක් ලෙසින් පැරිසියෙන් පලායයි.
අමෙරිකාව: උද්වේගකර විසිවෙනි දශකයෙහි අයස්කාන්ත ගැටිස්සියන්, වේගවත් රථ සහ වටිනා ලොම් ඇඳුමෙන් පිරි ලොවක්, කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව එක් වරටම කඩා වැටෙන , සැපපහසුව, විනෝදය, සතුට තම දිවියේ ප්‍රධාන කොටස් කරගත් ධනවතුන්ගේ ලෝකයක්
මේ සියල්ල අත්විඳිමින් ජීවත්වෙන සෝයා අභියෝගයන්ට මුහුණ දෙයි. යටත් කළ නොහැකි දිරියකින් ජය ලබයි. සෝයා නවකතාවේදී ඩැනියෙල් ස්‍ටීල් ඉතා දක්ෂ අන්දමින් කතන්දර ගෙතීමේ හැකියාව යොදා ගනිමින් සැබෑ කතා නායිකාවක් නිර්මාණය කරයි.
zoya
පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
Weight | .450 kg |
---|