sulanga mage nama danee
පරිවර්තනය විමලදාස සමරසිංහ
විනාශයේ ප්‍රමාණය තක්සේරු කර ගැනීමටවත් නොහැකිව බෙර හඬක් සේ පැවති හදවතේ ගැස්ම උහුලා ගත නොහැකිව ඔහු පඩිය මත වාඩිගත්තේය.ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ යැයි කියමින් යුදෙව්වන්ට විරුද්ධව නැඟී සිටීමට ජර්මන් ජනතාව කැඳවන ලද අවස්ථාවේ සිතූ ප්‍රමාණයටත් වඩා සිදුවූ විනාශය අතිමහත් විය.හිට්ලර්ගේ නියෝජිත අමාත්‍යවරයා විසින් හිට්ලර් වෙනුවෙන් කතාකරමින් යුදෙව්වන්ට විරුද්ධව විරෝධතා දැක්වීමට අවසර දෙනු ලැබීය.ජර්මානු සහ ඔස්ට්‍රියානු ජාතිකයන් විසින් යුදෙව්වන්ගෙන් කරනු ලබන පළිගැනීම් පූර්ණ ලෙස සාදාරණීකරනය කරන බව ඔවුහු විසින් ප්‍රකාශ කරනු ලැබීය.එය කලකෝලාහාල කරමින් කැරලි ගැසීමටත් සියලු විනාශයන් සිදු කිරීමටත් සමූහ ලෙස ඝාතනය කිරීම් සිදුකිරීමටත් දෙන ලද විවෘත ආරාධනයක් විය