Cart

Best Seller

සියවැන්නී

Availability: In stock

Rs. 880

ප්‍රේමතෝ ජායතී අසෝකෝ කෘතිය හරහා ඉමහත් පාඨක ප්‍රතිචාර දිනාගත් කතුවර ඉසුරු ප්‍රසංග ගේ නවතම කෘතිය “සියවැන්නී”

“කිසිම උද්වේගයක් නැති, ගැටුමක් නැති, සමාජ දේශපාලන අන්තර්ගතයක් නැති, සරල පුද්ගල මනෝභාවයක් ගැන නවකතාවක් ලියන්න පුළුවන්ද කියලා අපි ඒ දවස් වල වාද කළා මතකද?

“ඔව් ඒත් මේ වෙද්දි නෑ කියපු හැමදේම කවුරුවත් නොහිතපු විදියට ඒ කතාවට ඉබේම කඩා වැදිලා ඉවරයි. චූල පුද්ගල මනෝභාවයක් මේ විදිහට සමාජ දේශපාලන ගැටුම් එක්ක පැටලෙයි කියන එක ටිකක් අවිශ්වාසනීය අභව්‍ය සිදුවීමක් නෙමෙයිද?”

එතකොට චූල පුද්ගල මනෝභාවය මහා දේශපාලනයටත් බලපෑම් කරලා  මිනිස්සු කිහිප දෙනෙක්ගේ හරි ඉරණම වෙනස් කලා කියන එක ඊටත් වඩා අවිශ්වාසනීය නැද්ද?”

“මට නම් ඔය හැමදේටම වඩා අභව්‍ය සිදු වීම තමයි මම තාමත් නිශ්චල ඡායාරූප දිහා බලාගෙන වර්ණ රසිකාගේ කවියෙන් හිත පාරවා ගන්න එක.”

ලොකු කර කුඩා කර බලමි
අවසන් පින්තූරයෙහි
ඔබ සිටින ඉරියව්ව…

සිත් රිදුමක සලකුණු වේද?
මොහොතකට පෙර හඬා තිබුණිද?
ළගන්නාසුළු සිනහව
මවාපෑමක් ද? සැබෑවක්ද?
ළය මත තබාගත් දකුණත
ප්‍රේමයෙන් සිටින බවද?
හෘදය නිරතුරුව  රිදෙන බවද?

Quantity :
Compare
Categories: ,

siyawanni

ප්‍රේමතෝ ජායතී අසෝකෝ කෘතිය හරහා ඉමහත් පාඨක ප්‍රතිචාර දිනාගත් කතුවර ඉසුරු ප්‍රසංග ගේ නවතම කෘතිය “සියවැන්නී”

Weight .200 kg
Loading...