Best Seller

සාරි සාප්පුවේ වැන්දඹුව

Availability: In stock

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.

වසර දහයකට පසු දෙවැනි වරටත් ජීවිතය දෙදරා යෑමට එන්නාක් මෙන් ඇයට දැනේ. මේ පවසන දෙය හොඳින් වටහා ගැනීමට අංජලී කපාඩියා මිනිත්තුවක් පමණ නිහඬවම සිටියාය. මෙය වැරදීමක් වීමට ද පුළුවන.

නමුත්, එසේ විය නොහැකිය. ඒ කී දෙය ඇයට පැහැදිලිව ඇසිණි.

කොතරම් උත්සාහ දැරුවද එය ඇසූ සැණින් සිතට දැනුණු කම්පනය සිතෙන් බැහැර වීම ප්‍රතික්ෂේප කරයි. ඇගේ සතුටුදායක ජීවන රටාව සහ වෘත්තීය පිළිබඳ වූ ප්‍රතිරූපය බිඳ දැමීමට ඒ තොරතුරු ටිකම ඇතිය.

සිත අධිවේගයෙන් දිව යද්දී ඇය සිය කදිම හා මන බඳනා සාප්පුව පුරා එහෙ මෙහේ ඇවිදින්නට වූවාය. ඇගේ සාප්පුව ඇයට දරුවකු හා සමානය.

සිය කලාත්මක හා සියලු කුසලතා එක්තැන් කර සිනමා තරු නිරූපිකාවන් සහ රූප රාජිනියන්ට ඔබින තරමේ සුරංගනා ලොවක් බඳු සාප්පුවක් නිර්මාණය කිරීමට ඇය උපරිමයෙන් උත්සාහ ගත්තාය.

එහෙත් වැරදුණේ කොතැනද? කොහොමද? කවදාද?

අංජලී සිත එක්තැන් කර ගැනීමට උත්සාහ කරමින් බලා සිටියාය.

Quantity :
Compare

sari sappuwe wandabuwa

පරිවර්තනය සේමාලී කැල්ලපත

Pages 400

Weight .250 kg
Loading...