Best Seller

සමුදුරු විලාපය

Availability: Out of stock

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.

සුරංගනා කතාවකට නැවත පණපෙවීම ඉතාමත් හුරුබුහුටියට කළ යුතු කාර්යයකි. ඒ කාර්යය මනාව ඉටුකළ පොත් ත්රිත්වයක් ලෙස මෙම හවුස් ඔෆ් සෝල්ට් කතා මාලාව දැක්විය හැකිය. තෙවන පොත මේ වන තුරුත් මුද්රණයෙන් නිකුත්ව නොතිබුණත් පළමු පොත් දෙක මෙන්ම එයද කුතුහලය, ත්රාසය සහ වල්වීම මදි නොකියන්නට සපයන පොතක් වන බව නොඅනුමානය.
මෙය මෙම කතා මාලාවේ පළමු පොත වන අතර එහිදී අප හඳුනාගන්නා චරිත සියල්ල කෙරෙහි අපගේ නෙත සිත බැඳගන්නා යම්කිසි ගුණාංගයක් පවතී. සෑම චරිතයකටම සෑහෙන තැනක් මෙම කතා මාලාවේ ඇත. එය වීරයාට මෙන්ම දුෂ්ටයාටද පොදුය. කතාවේ අවසන් පරිච්ඡේදය දක්වා අපගේ සිතෙහි විවිධ නිගමනයන් ඇති කරවමින් ඇදී යන්නේ අප නොසිතූ ආකාරයට සියල්ල විසඳෙමිනි. එය ඇත්තෙන්ම සුරංගනා කතා ශානයේ මූලික ලක්ෂණයකි.
කතාව තුළ දිවි ගෙවමින් එහි සුවඳ විඳිමින්, එහි රස විඳිමින් එහි දුකද සහ ත්රාසයද විඳිමින් එක හුස්මට කියවාගෙන යාමට හැකි අපව වෙනත්ම ලෝකයකට කැඳවාගෙන යන අපූරු පුස්තකයක් බව කිව යුතුමය.

Out of stock

Compare

samuduru wilapaya

 

Weight .300 kg
Loading...