Cart

Best Seller

සඛී භාර්යා

Availability: In stock

Rs. 1,280

එදා පායා තිබුණේ අඩ සඳකි,ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලැජ්ජාවෙන් මෙන් ය,කෝල බව සහ ආගන්තුක බව හමන සීතල සුළඟ පවා තැවරී තිබිණි.ලා සඳ එළිය අඳුරෙහි සැඟවී ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වළාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය..සිතුවිලි වලට පියාපත් ලැබී තිබුණ අතර වචන දෙතොළග මිදී තිබුණි.සීතල ඇඟිලිතුඩු රිද්මයකට අනුව මිටියාවත් කඳු වැටි වන ලැහැබ් අතරින් සෙමෙන් සෙමෙන් ඇවිද ගියේ උණුසුම් තැන් සොයමින් ය.සුවඳ තැවරුණු උණුසුම් සුසුම්  අතරින් නැගුණු සිහින් කෙඳිරිය මිහිරි ගීයක්ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවකුටවත් නෑසෙන ලෙසිනි.රාත්‍රිය ගෙවී යද්දී ඔහුගේ  පළල් උරතලයේ වැතිර  සිරවී විඩා නිවමින් තිබුණේ මහා ළෙන්ගතු කමකි.පසුදා හිරු පායන විට ඒ ලෙන්ගතු කම සිය ජීවිතයේ සියලු අහුමුළු කරා විහිද ගිය මහා ප්‍රේමණීය සෙනෙහසක් බවට පත්ව තිබිණි .

Quantity :
Compare
Categories: ,

කතෘ : චූලාභය ශාන්ත කුමාර හේරත්

ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ

Weight .627 kg
Loading...