Best Seller

වසරේ CEO

Availability: In stock

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.

සියල්ල සිද්ධ වෙන්න නම් ඔබ කොතැනකින් හෝ පටන් ගන්න ඕනේ
සමහර දවස් පහසු නැහැ. උදෑසන නාද වෙන එලාම් එකේ ඉඳලා, හවසට පාරෙ හිරවෙලා ගෙදර යන තැන වෙනකල් මේ සටනේ බර දැනෙනවා, සමහර දවස් සුවදායක නැහැ. මහන්සිවෙලා පළවෙනි රුපියල උපයන තැන ඉඳලා, හොඳින් උපයලා හැම දේම ගොඩ නගනවා කියන තැන වෙනකල් මේ සංග්රාමයේ කැපකිරීමේ තියෙනවා. ඒත් අතහරින්න බැහැ!
සටන් විරාම නැහැ!
අපිට ලැබුණු දේවල වලට වඩා නොළැබුණු දේවල් වැඩියි. අපි විඳපු දේවල් වලට වඩා නොවිඳපු දෙවල් වැඩියි. ගමනේ අතරමැද ‘කවුරුහරි කෙනෙක් වෙලා නැවතුණොත් විඳපු නැති ගොඩක් දේවල් විඳින්න බැරි වෙනවා ලැබුණෙ නැති ගොඩක් දේවල හීනයක්ම වෙනවා. ඒ නිසා හඬ හඬා හෝ මේ සටන උඩම පුටුවකට යන්න. වැටී වැටී හෝ මේ සංග්රාමය මේ විධායක ඉණිමගෙ කෙලවරටම බඩගාන්න.
ලොකු වැටුපක් ගන්නම නෙමෙයි. හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නටත් නෙමෙයි. ඔබ දවසක, මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ට වගෙම තව බොහෝ පිවිත ගොඩදාපු වසරේ විධායකයෙක් විය යුත්තේ මම ඒකට සුදුසුයි කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න. මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු බය හිතෙන තීරණ වලට, ඇද වැටුණු දවස් වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න.
Quantity :
Compare
Category:

ප්‍රමේෂ් වික්‍රමසිංහ

PAGES 237

Weight .200 kg
Loading...