Best Seller

වන්නියලැත්තෝ

Availability: In stock

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.

වනපෙත පරම්පරා උරුමයයි. මහ කැලය ජීවන අඩවියයි. දඩමං – අලිමං – උරමං සේම, අධිමං දිගේ සැරිසරනුයේ සහජිවන සබැඳියාවෙනි. වන පෙත සතා සිව්ව්පාවා හා සොබාදහමේ අස්පර්ශය සංස්කෘතික සම්ප්‍රදායට ඔව්හු පරම්පරා ලේ උරුමයෙන් උරුමක්කරුවෝ වෙති. ඌරුවරිගෙ වන්නියලැත්තෝ බිහි වන්නේ ආදි වාසී සියලු ජන සම්මුතීන් හා නායකත්ව ජන්ම ලාභය උත්පත්තියෙන් කරපින්නා ගෙන ය. ආදිවාසී පරම්පරා උරුම සුරැකීම සිය සනුහරේ ඇත්තන්ගේ ජීවන සුරක්ෂාව වත්මන් නායක වගකීම අතර ප්‍රධාන ය. වන දිවියේ සිරිත් විරිත්, වත් පිළිවෙත්, කිලි, තහංචි, ජන විශ්වාස, ඇදහිලි හා ජන සම්මුතීන් ඉදිරියට පවත්වාගෙන යෑමේ අභියෝග වන්නියලැත්තෝ සතු ප්‍රධාන වගකීමකි.

“වන්නියලැත්තෝ” චරිතාපදානය සම්මානිත ලේඛක ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම සාකච්ඡා ඇසුරෙන් ප්‍රබන්ධිත මානව පුස්තක වියමනකි. එමඟින් ආදිවාසී උරුමයන් ලේඛනාරූඪ කර මතු පරපුර උදෙසා සුරක්ෂා කර තිබේ. කොටස් පොජ්ජ දාසයකින් අන්තර්ගතය සමන්විත මේ චරිතාපදානය යනු; ආදිවාසී සියලු ජනශ්‍රැති එක මිටකට කැටිකර වැදි වහර හා සිංහල ගද්‍ය ශෛලිය කදිමට ඈඳාගත් චරිතාපදානයකි. එහෙයින් වන්නියලැත්තෝ’ චරිතාපදානය වූ කලී. ආදිවාසී ජනශ්‍රැති, වාග් විද්‍යා, සංස්කෘතික මානව විද්‍යා, පරිසර විද්‍යා, ජීව විද්‍යා, ශාකවිද්‍යා, වෛද්‍ය මානව විද්‍යා, සෞඛ්‍ය විද්‍යා, සොබාදම් විද්‍යා, මාදු කුසලතා සංවර්ධන විද්‍යා, අස්පර්ශනීය සංස්කෘති උරුම පමණක් නොව ඉතිහාස මූලාශ්‍ර ආදී අධ්‍යයන විෂය මූල රැසක එකතුවකි. එහෙයින් ‘වන්නියලැත්තෝ’ චරිතාපදානය සිරිලක ආදිවාසි විශ්ව කෝෂයකි…

Quantity :
Compare

wanniyalaththo

කතෘ : ගුණසේකර ගුණසෝම

pages 474

Weight .800 kg
Loading...