Best Seller

රිචඩ් ද සොයිස නිහඩ කල හඬ

Availability: In stock

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.

ගත් කීර්තිධර ජනමාධ්‍යවේදියකු වශයෙන් ද, නළුවකු වශයෙන් ද, දක්ෂ නිවේදකයකු වශයෙන් ද, කවියකු හා චිත්‍ර ශිල්පියකු වශයෙන් ද උතුම් සමාජ මෙහෙවරක යෙදී සිටි තරුණ රිචඩ් ද සොයිසාගේ නිසල මළසිරුර, මොරටුව කොරළවැල්ලේ වෙරළට පාවී ආවේ රාජ්‍ය භීෂණයේ අන්ධකාරය මුළු රට ම වෙළා ගනිමින් තිබිය දී ය.
සෙනෙහෙබර මවකට එක ම පුතු අහිමි කළ, ඥාතීන්ට හා හිත මිතුරනට හොඳ ම කලණ මිතුරෙකු නැති කළ, මුළු රටට ම අදීන හා අභීත කලාකරුවකු අහිමි කළ ඒ මූසල අතීතසිද්ධිය යට ගසන්නට, අකාමකා දමන්නට එවක බලයේ සිටි රාජ්‍ය ත්‍රස්තවාදීන් කෙතරම් වලිකෑවත් එය හරි ගියේ නැත.
ඒ වෑයම නිමා වූයේ භීෂණය, මර්දනය නිර්මාණය කළ රාජ්‍ය නායකයා ම එම භීෂණයට ගොදුරු වීමෙනි.
Quantity :
Compare
සංස්කරණය
ප්‍රභාත් චින්තක මීගොඩගේ
pages 291
Weight .250 kg
Loading...