Best Seller

යලි උපන් රුවැත්තී

Availability: In stock

Original price was: Rs. 790.Current price is: Rs. 671.

ලුසී මෝඩ් මොන්ට්ගොමරි විසින් රචනා කරන ලද ඈන් කතා මාලාව  ලොව පුරා පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය .මෙම blue castle කෘතියද මොන්ටිගොමරිගේ  සාරවත් නිර්මාණ ගොන්නට එකතු වෙන සදාතනික වටිනාකමකින් යුත් කෘතියකි . මොන්ටිගොමරිගේ  කෘති ළමා දිවිය පිළිබඳ මෙතෙක් බිහිවූ මිහිරිතම නිර්මාණ බව සුප්‍රකට ලේඛක මාර්ක් ට්වෙන් පවසා ඇත.

the blue castle කෘතියට පසුබිම් වන්නේ සාම්ප්‍රදායික පවුල් පසුබිමක හැදී වැඩුණු එපමන කැපී පෙනීමක් නොමැති වැලන්සි නම් තරුණිය පිළිබඳ කතා පුවතකි .සිය විසි නව වැනි උපන් දිනය දා උදෑසන නින්දෙන් අවදිවන ඈ තමා නිකරුණේ ගෙවා දැමූ කාලය සමඟින් ජීවිතය හොඳම වකවානුව අවසන් කර ඇති බව වටහා ගනී .

මවගේ ඕනෑ එපාකම් අනුව ඇගේ අණසක යටතේ ගෙවූ ඒකාකාරී දිවිය මහලු විය තෙක් ම ඇදගෙන යාමට සිදුවනු ඇතැයි ඈ තුළ බියක් ඇතිවේ .තමාට භයානක හෘද රෝගයක් වැළඳ මරණයට නිමිතව සිටින බව ඇයට දැනගන්නට ලැබෙන්නේ ඉන් පසුවය .ඉනික්බිති ඉතිරි කෙටි කාලය හෝ ජීවිතය අර්ථවත් ලෙස ගෙවා දැමීමකළ යුතු බවට ඇයට සිතෙයි .ඇය ඒ සඳහා පියවර ගන්නේ හිතුවක්කාර ලෙස ය. ඉන්පසු වැලන්සිගේ ජීවිතේ බොහෝ වෙනස්කම් සිදුවේ . ඈ මෙතෙක් සිතින් පමණක් අත්විඳි ආදරය ,කරුණාව ,සතුට ,සැනසීම සියල්ල ඈවෙත ළඟා වන්නේ නිරායාසයෙනි .

Quantity :
Compare

Yali upan ruwaththi

The Blue Castle – L M Montgomery

පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර

ප්‍රකාශනය : පහන් ප්‍රකාශකයෝ

 

Weight .388 kg
Loading...