Best Seller

මෙමරි මෑන්

Availability: In stock

Original price was: Rs. 1,980.Current price is: Rs. 1,782.

බර්ලිංටන් පොලිස් දෙපාර්ථමේන්තුවේ රහස් පරික්ෂක ඇමොස් ඩෙකර්. රාත්‍රියේ නිවෙසට පැමිණෙන විට දක්නට ලැබෙන්නේ තම බිරිදගේ සොහොයුරාත්, බිරිදත්, දස හැවිරිදි කුඩා දියණියත් නිවෙස තුළම කෘර ලෙස මරා දමා ඇති අන්දමයි. පවුලේ ඝාතනයෙන් කම්පනයට පත්වන ඩෙකර් දිවිනසා ගැනීමට උත්සහ කළත් පොළිස් නිළධාරියාගේ මැදිහත් වීමෙන් එම උත්සහය වැළකෙයි. එහෙත් එතැන් සිට ඩෙකර් වෙනස් පුද්ගලයෙකු බවට පත්වෙයි. රැකියාවෙන්ද ඉවත්ව ඉබාගතේයන ඔහු අවසානයේ පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු බවට පත්වෙයි. එහෙත් තවමත් තම පවුලේ අය ඝාතනය කළ මිනීමරුවා අල්ලා ගැනීමට නොහැකිව ඔහු ලතවෙයි. මේ අතර නගරෙයේ මෑන්ස්ෆීල්ඩ් උසස් පාසලේ තවත් සමූහ ඝාතනයක් සිදුවෙයි. එහිදී සිසුන් හය දෙනෙකුත් ගුරුවරුන් දෙදෙනෙකුත් මරා දමන ඝාතකයා නිදහසේ පලා යාමට සමත් වෙයි. ඇමරිකාව කැළඹූ මේ ඝාතනය ගැන සෙවීමට FBI මෙන්ම බර්ලිංටන් පොලීසියද මැදිහත් වෙයි. මෙහිදී පොලිස් ප්‍රධානියාගේ අවසරය මත විමර්ශන කටයුතු සදහා ඩෙකර්ව සම්බන්ධ කරගනී. ඩෙකර් යනු විශේෂ අසනීපයකින් පෙලෙන්නෙකි. දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වූ ඔහු පිටියේ සිදුවන ගැටීමකින් බරපතළ ලෙස මොළයට සිදුවන හානියක් හේතුවෙන් මේ රෝගී තත්වයට පත්වෙයි. රෝගියෙකු වූවත් එතැන් සිට ඔහුට තමා දකින සියලු දේ එලෙසින්ම මතක තබා ගැනීමටත්, අවශ්‍ය විටෙක ඒ මතකය මනස තුළ ධාවනය කිරිමටත් හැකියාව ලැබෙයි. මේ සුවිශේෂි හැකියාව සමග විමර්ශන අරඹන ඩෙකර් පියවරින් පියවර ඉදිරියට යද්දී තවත් ඝාතනයක් සිදු වෙයි. මේ ඝාතන වලදී මිනීමරුවා තබන සටහනකින් මේ සෑම ඝාතනයකටම හේතුව ඩෙකර් බව අනාවරණය කරයි. එතැන් සිට එම   අසාමන්‍ය මතකය මෙහෙයවන ඩෙකර් කිසිවකු අපේක්ෂා නොකල ලෙස ඝාතකයා කොටු කර ගැනීමට සමත් වෙයි.
එහෙත් ඒ සැබෑ ඝාතකයාමද? ඝාතනවලට හේතුව කුමක්ද?
Quantity :
Compare
 Memory Man
 David Baldacci
පරිවර්තනය : මංජුල දිසානායක
ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
Weight .350 kg
Loading...