Cart

Best Seller

මුලා මංසල

Availability: In stock

Rs. 1,400

ඈට හන්දියේ රැජින මතක් වෙන්න ඇති. ඇගේ අම්මාත් ඒවගේ් ගිනි කූටක අවුවේ, සීතල කාලේ වැස්සේ හිටගෙන ඉඳීවි ද කියල හිතන්න ඇති. ඇගේ බාල මල්ලියි නංගියි බලාගන්නේ කවුද, තාත්තට වෙලාවට ප්‍රෙෂර් පෙති බොන්න මතක් කරන්නේ කවුද?

එතකොට ඈට ඒක ඇහුනා, අකුණක බලය කැටිවුණු ඇඟිලි පහේ කම්මුල් පාරක්, ජෙල් කොණ්ඩකාරයා බෙරිහන් දුන්නා, උගේ කම්බුල රතු වෙලා, ඉස්සරහ වීදුරුවට කාර් එකේ වයිපර් වලින් කස පාර වැදුනා. වහල යෝධ  අතක හැඩයට එබිලා ගියා. ඩ්‍රයිවර් ඇක්සලේටරය පෑගුවා ට කාර් එක බිංදුවක්වත් ඉස්සරහට ගියෙ නෑ. වාහනේ මඩේ එරුණා වගේ රෝද  කැරකුණා එකතැන.

මිනිස්සුන්ට දිගටම ගුටිබැට වැදුණා. නොපෙනෙන ඇඟිලි වලින් උන්ගේ උගුරු දඬු හිර උනා.කටවල් වලින් ලේ පැන්නා. කඳුළුයි හොටුයි මුහුණ දිගේ බේරෙන්න ගත්තා.

සමාවෙන්න, උන් කෙල්ලට කෑගහන්න ගත්තා මේක නවත්තන්න අනේ අපිට සමාවෙන්න.

Quantity :
Compare

mula mansala

On the purple line – Deepa Anappara

පරිවර්තනය: මොහාන් ධර්මරත්න

Loading...