Midq Alley – Naguib Mahfouz
පරිවර්තනය – කේ ජී ඩී පුෂ්පකුමාර
සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්යාගලාභී නජීබ් මහ්ෆුස්ගේ පොහොසත් වර්ණිත කතා කිමේ කලාව “මිඩාක් පටුමග” නවකතාවේ තරම් දෘශ්‍යමාන වන වෙනත් ඔහුගේ කෘතියක් නොමැති තරම් ය.මේ නවකතාව කයිරෝ නගරයේ ජනයා බහුලව ගැවසෙන පටුමග ජීවත්වු නිවැසියන්ගේ ජීවිත පුවත වටා කේන්ද්‍රණය වී ඇත.සයිටා නම් වූ ආබාධිතයන් තනන්නා ගේ සිට තරුණ පිරිමි ළමුන්ට හා මත්ද්‍රව්‍ය වලට ඇලුම් කළ ක්‍රිෂ්ණා නම් වූ අවන්හල් හිමියා ද, මුදලට ඇති ගිජුකම ආදරය යැයි වරදවා වටහගත් අබාස් නම් වූ බාබර්ද පටු මගෙන් බැහැරව සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ ආශාවෙන් තම ආත්මය විකිණූ හමීඩා නම් සුරූපී තරුණිය ද ඇතුළුව, මෙහි එන සියලු චරිත පැහැදිලි ලෙසම එවකට එනම් දෙවන ලෝක යුධ සමයේ කයිරෝ වල පැවති ආත්මීය හදගැස්ම විදහා දක්වති.කෙනකු මේය කියවා කාලයකට පසුව වුවද මේ චරිත ඔහුගේ සිත තුළ රැඳී පවතින්නේ නැවුම් ආකාරයක සුවඳ ඔහුගේ සිත තුළ රැඳී පවත්නා සේය. මේ නවකතාවෙහි ගැබ්වෙන කරුණු වල ඇති විශ්වීයත්වය හා අකාලිකත්වය කිසිවෙකුටත් බැහැර කළ නොහැක.
Midq Alley – Naguib Mahfouz
පරිවර්තනය – කේ ජී ඩී පුෂ්පකුමාර
Weight | .350 kg |
---|