Cart

Best Seller

මැනරිං මැඳුරේ අබිරහස

Availability: In stock

Rs. 386

ඒ අවස්ථාවේදී මම , සැඟව තිරපට පිටිපස්සෙන් ඉවත්ව අනෙක් කාබරය තුළට පැන ගතිමි .සිදු වූ දෙයින් සන්ත්‍රාසයට පත්ව මම වෙව්ලුම් ගති සිරුවෙන් යුතු ව සිටියෙමි .මහලු මිනිසා වාඩිගෙන හුන් අසුනෙහි පහලට රූරා ගොස් සිටියේය .ඔහුගේ පිටුපස  විශාල මොල්ලියක් මතුව ගියා සේ පෙනෙන තුරු ඩ්‍රෙසිංගවොම ඉහලට ඇදී ගුළි වී තිබුණි .රන්මුවා උපැස් යුගලය තවදුරටත් නාසය මත රැඳී තිබිය දී ම ඔහුගේ හිස පසෙකට ඇලවී එල්ලෙමින් තිබුණ අතර මැරුණු මාළුවෙකුගේ මෙන් ඔහුගේ කුඩා මුඛය විවර වී තිබුණි .ලේ ගලා යමින් තිබුණේ කවර තැනකින් ද යන්න මට දැකගත නොහැකි විය .එහෙත් තවදුරටත් ගෙබිම මත ලේ වැගිරෙන හඬ මට ඇසිණි .ඉටිපහන් එහි ආලෝකය මුළුමනින්ම ඇයගේ මුහුණ මත පතිත වද්දී ඈ ඔහු පිටුපසින් සිට ගෙන උන්නාය. දෙතොල එකට තදවී ඇයගේ දෑස දිලිසෙමින් පැවති අතර ,ඇයගේ දෙකොපුල මත යම් තරමක පැහැයක් පැමිණ තිබුණි. කෙදිනක හෝ මා දැක සිටි මැදිවියේ පසුවන සුන්දර ගැහැනිය ඇය බවට පත් කිරීමට එය අවස්ථාව වැසි වූවා සේ විය .

Quantity :
Compare

Mannering madure abirahasa

පරිවර්තනය :ආනන්ද අමරසිරි

ප්‍රකාශනය : නලින් ප්‍රකාශකයෝ

 

Weight .360 kg
Loading...