Best Seller

මතක පොලිසිය

Availability: In stock

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.

 

 

ඒ වැඩි විස්තර නැති, මුහුදේ පාවෙවී සිටිනු මිස වෙනත් කිසිවකට අසමත් වූ ඒ කුඩා දූපතේ ඇති අමුත්ත නම්, එහි ඇති විවිධ දේ වරින්වර අතුරුදන් වීමයි. එහි සිටින කතාකාරියක් ඇයගේ අලුත්ම නවකතාව ලියමින් සිටියි. ඇයගේ කතාවල ඇති සමහර දේ ද අතුරුදන් වෙයි. මූර්ති ශිල්පිනියක වූ ඇයගේ අම්මා ගේ මතකයෙන් අතුරුදන් වී ගිය දේ මැකී නොයයි. එවන් අය පරීක්ෂා කිරීම සඳහා ‘මතක පොලිසිය’ පැමිණෙයි. දිනෙක ඉතා ආචාරශීලීව පැමිණෙන මතක පොලිසිය අම්මාව කැඳවාගෙන යයි.

ඇයගේ නවකතාවේ සිටින යතුරු ලියන සිසුවිය සිය උපදේශකයා හා පෙමින් වෙළෙයි. ඇය ගේ සංස්කාරකයා කුමක් කීවත්, තම කතාව භයානක වංගුවක් ගසනු ඇතැයි කතාකාරිය බිය වෙයි. මතක රඳවාගෙන සිටින සංස්කාරකයා සඟවා ගැනීමට ඇය තීරණය කරයි.

ජපන් ජාතික ලේඛිකා යෝකො ඔගවා විසින් 1994 දී ජපන් බසින් ලියන ලද ජපන් විද්‍යා ප්‍රබන්ධ නවකතාව 密やかな結晶

(Hisoyaka na Kesshō, “Secret Crystallization”)

🏅 2020 ජාත්‍යන්තර බුකර් සම්මානය අවසන් වටය
🏅 2019 පරිවර්තන සාහිත්‍ය සඳහා ජාතික පුස්තක සම්මානය අවසන් වටය
(National Book Award for Translated Literature)
🏅 2020 World Fantasy Award අවසන් වටය

යෝකො ඔගවා ජපන් ජාතික ලේඛිකාවකි. ඇය 1988 සිට මෙතෙක් කෘති තිහකට වඩා පළ කර ඇත. ඈ ගණිතයට ප්‍රිය කරන, සංඛ්‍යාවල සෞන්දර්යය දක්නා ප්‍රබන්ධ රචිකාවකි. ඇය අකුතගවා ත්‍යාගය සහ තනිසකි ත්‍යාගය ඇතුළුව ජපානයේ පිරිනැමෙන සැම වැදගත් සාහිත්‍ය සම්මානයක්ම දිනා ඇත. ඇයගේ කෘති විවිධ භාෂාවලට පරිවර්තන වී ඇති අතර, සමහරක් සිනමාවටද නැගී ඇත. ඇය ගේ චරිත නිරූපනය ඉසියුම් මනෝභාවයන් ගද්‍යයෙන් ප්‍රකාශනයට සමත් වන බව හා ඒ නිරූපනයේ විනිවිදිනසුලු ස්වභාවය විචාරක බුහුමනට පාත්‍රව ඇත. එය මතක පොලිසිය නවකතාවෙන්ද ප්‍රකාශමාන වෙයි. හැට හැවිරිදි යෝකො ඔගවා සිය සැමියා සහ පුතු සමග ජපානයේ අශියා හි ජීවත් වෙයි ~

Quantity :
Compare

Mathaka policeya

පරිවර්තනය : හෂිත අබේවර්ධන

ප්‍රකාශනය : ලිට්ල්  හවුස් ප්‍රකාශකයෝ

 

Weight .400 kg
Loading...