Best Seller

බින්දුව සොයා යෑම

Availability: In stock

Original price was: Rs. 900.Current price is: Rs. 810.

බින්දුව යනු හුදෙක් සංඛ්‍යාවක් පමණක් නොවෙයි. බින්දුවේ මුල හෙවත් ප්‍රභවය සලකන කල, එය දාර්ශනික විවාද රාශියකට තුඩුදුන් මෙතෙක් නොවිසඳුණු අබිරහසක් බඳු විශ්වීය ඥාණයට අයත් ප්‍රපංචයකි. ඒ බින්දුවේ උපත සොයා මහාචාර්ය අමීර් ඇක්සල් ගමන් කළ ඒ අසිරිමත් චාරිකාවේ ආනන්දනීය වුත් ප්‍රඥාවන්ත වුත් කතාව සිංහල පාඨකයාට හමුවන ප්‍රථම අවස්ථාව වන්නේ සරත් මල්ලියා වඩු පරිවර්තනය කළ බින්දුව සොයා යෑමයි.

අමීර් ඩී. ඇක්සෙල් බින්දුව සොයා අපරදිග සිට පෙරදිගට පැමිණෙද්දී දිවංගත ආචාර්ය නලින් ද සිල්වා විසින් බින්දුව යනු බෞද්ධයන්ගෙන් ලොවට ජනිත වුණු දැනුමක් බවට නව ප්‍රවාදයක් ගොඩ නංවන ලදී. ශුන්‍ය, ශුන්‍යත්වය හා චතුස්කෝටිකය යන බෞද්ධ සංකල්ප ඇසුරෙන් බින්දුවේ ප්‍රභවය පිළිබඳ අදහස් පළ කළ එතුමා එයින් නොනැවතී ශුන්‍ය සඳහා සංකේතයක් ලෙස හල් ලකුණ සීගිරි කුරුටු ගීවල යොදා ඇති බැවින් බින්දුව ලෝකයට උපන් බිම ලංකාව බවට ප්‍රකාශ කළේය. තවද ආචාර්ය හර්ෂ විජයවර්ධන බින්දුව අරබයා දක්වන අදහස වන්නේ සිංහල ලිත් ඉලක්කම්වල දැක්වෙන හල් කරන සංකේය වන්නේ බින්දුව යන්නය. තවද එය ඉන්දියාවේ බින්දුවට දක්වන තිතසංකේතයට වඩා පැරණි විය යුතු බව ඔහුගේ අදහසයි. ඒ අනුව මෙම පරිවර්තනය බින්දුව විෂයක උද්‍යෝගිමත් පාඨක මනසට සොඳුරු කමටහනකි.

සම්මාන ලාභී ලේඛක බාහිර කථිකාචාරය

නාලක ජයසේන

Quantity :
Compare

binduwa soya yama

සංඛ්‍යා උපතේ ගවේෂණය

පරිවර්තනය සරත් මල්ලියාවඩු

Finding Zero – Amir D.Aczel

pages : 240

Weight .300 kg
Loading...