Best Seller

පුරාණ සබරගමුවේ දාරක වත්පිළිවෙත්

Availability: In stock

Original price was: Rs. 780.Current price is: Rs. 702.

ලෝකයේ බොහෝ රටවල ජනතාව අතර දරු ප්‍රසූතිය, කිල්ල, ඔසප් චක්‍රය, ගබ්සාවිම, වැඩිවිය පැමිණීම ආදිය පිළිබඳ පවත්නා ආකල්ප වත් වත්පිළිවෙත් හා චාරිත්‍ර වාරිත්‍ර එකිනෙක වෙනස් තත්ත්වයක් විෂද කරයි.බොහෝ ප්‍රාථමික සමාජයන්හි වුවද කාන්තාවන් විෂයයෙහි පවත්නා පෙර සඳහන් කළ විශේෂ අවස්ථා පිළිබඳ අඩු වැඩි වශයෙන් වත් පිළිවෙත් පවති.

ඕස්ට්‍රේලියාවේ කළු ජාතිකයින්, ඇලස්කාවේ කාඩෙස්කාව කාඩියස් දූපත්වාසීන්, දකුණු ඉන්දියානු ගෝත්‍රිකයන්,  ශ්‍රී ලංකාවේ වැදි, කින්නර, රොඩී වැනි ජන කණ්ඩායම්, දකුණු අප්‍රිකාවේ කාපිරි ගෝත්‍රිකයන්, ටහිම් දූපත්වාසීන්, අප්‍රිකාවේ  ටෝගෝ ජාතිකයින් ආදී වශයෙන් බොහෝ රටවල ජන කණ්ඩායම් දාරකත්වය අරබයා කරනු ලබන වත් පිළිවෙත් බොහෝ වෙයි.ශ්‍රී ලංකාවේ  උඩරට, පහත රට, සබරගමු ප්‍රදේශයන්හි මෙන්ම යාපනය අර්ධද්වීපය ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව එක් එක් ආකාරයට දාරක වත් පිළිවෙත් පවත්වති.

කෘතියේ කතුවරයා වූ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සබරගමු  නර්තන අංශයේ  අධ්‍යයනාංශ ප්‍රධාන සමන් කුමාර කුමාරතුංග ලේඛකයා මෙවර අප වෙත ඉදිරිපත් කරන මෙම කෘතිය සැබැවින්ම අගනා ශාස්ත්‍රීය පර්යේෂණාත්මක ග්‍රන්ථයක් බව සඳහන් කළ යුතුය.

Quantity :
Compare

Purana sabaragamuwe daraka wath piliweth

කතෘ : සමන් කුමාරතුංග

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ

පිටු 312

 

Weight .380 kg
Loading...