රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය පිරප්පන්මඩුවේ පඤ්ඤාරතන හිමි
නුවරකලාවිය කෑදෑකෝරළයේ ගැමි වෘතාන්ත
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය පිරප්පන්මඩුවේ පඤ්ඤාරතන හිමි
විසිවන සියවසේ මැදභාගය තෙක්ම නුවර කලාවියේ උතුරුකරය ගැන කෙරී ඇත්තේ විධිමත් අධ්‍යයන කීපයක් පමණි. එම සියවසේම අවසාන දශක කිහිපය තුලදී ද යම් යම් අධ්‍යනයන් සිදුවී තිබීම ඉතා වැදගත් ය.
විසි එක්වන සියවසේ ආරම්භයත් සමග නව ලේඛක පරපුරක් බිහිවීමත් සමග ඔවුන්ගේ කුළුදුල් කෘති එළි දක්වමින් තම ලේඛන කාර්‍යයන් ඉදිරියට ගෙනයමින් සිටීම පැසසිය යුතුම ය.
පූජ්‍ය පිරප්පන්මඩුවේ පඤ්ඤාරතන හිමි සිංහල, පාලි, සංස්කෘතයන විෂයයන්ගේ ප්‍රවීණත්වයට පත්ව රාජකීය පණ්ඩිත උපාධිය ද සමත් වී, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, කැළණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා තවද නිට්ටඹුව, සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව ද ලබා දැනට අ/කෑඳෑ කල්ලන්චිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධූරය දරයි.
උන්වහන්සේ විසින් වසර ගණනාවකදී ලැබූ අත්දැකීම් හා විවිධ අධ්‍යනයන් පරිශීලනය කිරීම ඇසුරෙන් රචනා කරන ලද මෙම ග්‍රන්ථය තුළින් නුවර කලාවියේ කෑඳැ කෝරලයේ ඓතිහාසික ගැමි සංස්කෘතියේ විවිධ පැතිකඩ ඔස්සේ කරන විවරණය අතිශයින් වැදගත් ය.
නාමල් කොඩිතුවක්කු මහතා (විශ්‍රාමික) අධ්‍යක්ෂ අභිලේඛන හා නාණක විදහ, පුරාවිද්‍යා දෙපාරතමේන්තුව.

