niruwath yuwathiya
පරිවර්තනය : කුමාර සිරීවර්ධන
මම මගේ දරුවන් පිළිබඳ බෙහෙවින් සැලකිලිමත් වීමි. ඔවුනට සතුට සපිරි ළමා වියක් ලබා දෙන්නට මම නිතරම වෙහෙසෙමි. ඒ සමගම මම මහත් අවධානයෙන් යුතුව අවට නිරීක්ෂණය කරමි. විමසිල්ලෙන් පසුවෙමි.
ඒ මල් කැකුළුවන් අහිංසක ලෝකය පිළිබඳ කිසිත් නොදන්නා මගේ දරු පැටවුන් ගොදුරු කරගන්නට මාන බලන පාපතරයන් සමාජයේ සිටිනා බව මම ඉතා හොඳින් දන්නා හෙයිනි..
“සුළං හමන්නේ අතු ඉති සොලවාගෙනය. දැරියක සෙමෙන් ගස් අතරින් ඇවිද එයි. ඇය තනිව නොසිටිය යුතුය. ඇගේ මවගේ පියාගේ අත්වල එල්ලී තිබිය යුතුය.
ඇයට ඉවසිය නොහැකි කිසිවිට කිසිවකුට නොකියන පාපතර ස්පර්ශයක් ඇය අත්දකින්නට පුළුවන. එම ස්පර්ශය සමහර විට ඇගේ මුළු ජීවිතයම අවුල් කරනු නැතැයි නිසැකවම කිව හැක්කේ කාටද?”