Rise and fall of the Nazis – claire welch
පරිවර්තනය : සුගත් කංකානම්ගේ
ඔස්ට්‍රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ මරියා නමැති තරුණියක එකී යුදෙව් පවුලේ තරුණයකු අතින් දුෂණයට ලක්ව 1837 දී පුතෙකු වැදුවාය.ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේය.
ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළෝය. යුදෙව් සිසුන් හා සංසන්දනය කිරීමේදී හිට්ලර් ඉගෙනීමටද පසුබට වූයේය. බුද්ධිමත් වූ ද, විශිෂ්ට වු ද යුදෙව් සිසුන් සමග මානසික වශයෙන් හිට්ලර් විෂයෙහි ගැටුමක් නිර්මාණය වෙමින් පැවතියේ ය.
මෙකී හේතු කාරණා පසු කලෙක හිට්ලර් යුදෙව් විරෝධී පෞරුෂයක් ගොඩ නැංවීමට හේතු වූයේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ යුරෝපයේ පුරා යුදෙව් ජාතිකයින් ලක්ෂ හැටක් පමණ හිට්ලර් විසින් කුරිරු ලෙස ඝාතනය කරවීමය.
හීනමානී මෙන්ම උන්මාදී පෞරුෂයකට හිමිකම් කියූ හිට්ලර් ස්වකීය ඉලක්ක ජයග්‍රහණය කරවනු සඳහා ජර්මන් රාජ්‍ය බලයට ඉව ඇල්ලුවේය. ඉතා සියුම් කපටි ඥානයකින් හෙබි හෙතෙම උපක්‍රමශීලී ලෙස ජර්මනියේ බලය පැහැර ගත්තේය.
හිට්ලර් විසින් සිය දේශය ගලවා ගනු ඇතැයි ඔවුහු විශ්වාස කළෝ ය. එහෙත් සමස්ත ජර්මන් ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමමින් හෙතෙම ජර්මනිය මතු නොවූ සමස්ත යුරෝපයම අමු සොහොනක් බවට පත් කළේය.
Rise and fall of the Nazis – claire welch
පරිවර්තනය : සුගත් කංකානම්ගේ
Weight | .300 kg |
---|