Echos
Donkaraya
පරිවර්තනය : සුගතදාස වියතුංග – Sugathadasa viyathunga
ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers
විශාල ධන සම්භාරයකට සහ කීර්ති නාමයකට හිමිකම් කියනු ලබන විට්ජෙස්ටයින් නැමති යුදෙව් පවුලේ බීටා නැමති රුවති දියණිය, රෝමානු කතෝලිකයෙකු වූ වංශවත් ප‍්‍රංශ ජාතික ඇන්ටොයින් නම් තරුණයෙකු සමග ආලයෙන් වෙලෙයි. ආගම පදනම් කරගෙන දෙපාර්ශවයේ ම දෙමාපියන් ඊට හරස් වෙයි. සෑම බාධකයක් ම ජයගනිමින් දෙදෙනා එක් වුවත්, ඔවුනට සිදුවූයේ එතෙක් ගත කළ සුඛෝපභෝගී ජීවිත වෙනුවට දුක් කම්කටොලූවලින් ගහන දිවි පෙවෙතකට පිවිසීමටයි. මේ අතරවාරයේ දී බීටාගේ සැමියා මියැදේ. ¥වරු දෙදෙනකු ද ලොකු මහත් කරගන්නා බීටා හට මීළඟට මුහුණ දීමට සිදුවනුයේ ඇගේ වැඩිමහල් දියණිය ‘අමාරි’ පාරිශුද්ධ ජීවිතයක් ගත කිරීම උදෙසා කන්‍යාරාමයකට ඇතුළත් වීමේ ගැටළුවටයි.
මේ වකවානුව තුල ‘හිට්ලර්’ විසින් යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ මෙහෙයුම දියත් කරයි. යුදෙව් ආගමිකයන් නිසා බීටාගේ පවුලේ සියලූ දෙනාට ද මීට මුහුණ දීමට සිදුවේ. අවසානයේ දී අමාදි සසුන් දිවියට ආයුබෝවන් කියා රට බේරාගැනීමේ සටනේ නියැලී සිටින විමුක්තිකාමීන් සමග එකතු වේ. එවකට පැවති සමාජය මනාව නිරූපණය වන පරිදි සහ අතීත සංසිද්ධීන් වරින් වර දෝංකාර දෙමින් මතකයට නැගෙන අන්දම කදිම ලෙස විදහා දැක්වෙන පරිදි කතුවරිය මෙම සිද්ධීන් පෙළගස්වා ඇති අන්දම චිත්තාකර්ෂණීය වේ.