Best Seller

දොන් කිහොතේ 1

Availability: In stock

Original price was: Rs. 1,850.Current price is: Rs. 1,665.

මීට සියවස් හතරකට පෙර ලියැවුණු දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන්මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණ සරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි.
එයින් නිර්මාණාත්මක ආවේශය ලැබූවන් අතර, ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ සාහිත්‍යයේ දැවැන්තයන් වන ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මාරියෝ වර්ගාස් යෝසා සේම, ලෝකයේ වෙනත් සාහිත්‍ය කලාප නියෝජනය කරන ෆ්‍රාන්ස් කෆ්ක , හරුකි මුරකාමි, ජෝසප් කොන්රඩ් සහ මිලාන් කුන්දේරා වැන්නෝද වෙති.
සිනමාවට නැඟී ඇති මෙම කෘතිය ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලටත්. තවත් භාෂා හතළිහකට අධික සංඛ්‍යාවකටත් පරිවර්තනය වී තිබේ.
Quantity :
Compare

Don Quixote

පරිවර්තනය ගාමිණි වියන්ගොඩ

pages 586

Weight .200 kg
Loading...