deva mayawa
The God Delusion
පරිවර්තනය : වජිර චිතෙන්ද්‍ර පෙරේරා
දේව මායාව නම් වූ මෙම ග්‍රන්ථය මහාචාර්ය රිචඩ් ඩෝකින්ස් මහතා විසින් 2006 වර්ෂයේදී රචනා කරන ලද The God Delusion නම් වූ ලෝ ප්‍රකට ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.එහිදී ඔහු තරයේ පවසා සිටින්නේ සහතික ලෙසම වාගේ අධි ස්වභාවික මැවුම්කාර දෙවියකු නොමැති බවයි. පුද්ගල දෙවියකු පිළිබඳව ඇති විශ්වාසය සැබෑ ලෙසම මුලාවක් බව මෙහිදී ඔහු කරුණු සහිතව පෙන්වා දෙයි.”මුලාව” යන්න ඔහු නිර්වචනය කරන්නේ යම් මතයකට එරෙහිව ඕනෑ තරම් ප්‍රබල සාක්ෂි තිබියදීත් දිගින් දිගටම ඒ පිළිබඳව විශ්වාසයන් දරා සිටීමයි.
එක් පුද්ගල එවැනි මායාවක හෝ මුලාවක සිටින විට අපි ඔහුට පිස්සු සෑදී ඇතැයි කියමු. එහෙත් බොහෝ දෙනෙකු එය විශ්වාස කරන විට අප එයට ආගම යැයි කියමු. යන රොබර්ටි ප්‍රිසිග් විසින් 1991 දී කරන ලද ප්‍රකාශය ඔහු සානුකම්පිතව සනාථ කරයි.
බොහෝ උදාහරණ සහිතව ඔහු පැහැදිලි කොට පෙන්වා දෙන්නේ සදාචාරාත්මක වීම සදහා ආගමක් අවශ්‍ය නොවන බවත් ආගම්වල සහ සදාචාරය මූලයන් නිර් – ආගමික හේතු මගින් පැහැදිලි කළ හැකි බවත්ය. විද්‍යාව අනුව මානව වර්ගයාගේ ඉදිරි ප්‍රගමනය සිදුවිය යුතු ආකාරය පිළිබඳව හරවත් සංවාදයක් ද මේ ග්‍රන්ථය තුළින් ඔබට හමුවේ.
deva mayawa
The God Delusion
පරිවර්තනය : වජිර චිතෙන්ද්‍ර පෙරේරා
Weight | .500 kg |
---|