Best Seller

දවා හළු කළ නොහැක ලූෂන් බුලත්සිංහලගේ මතක

Availability: In stock

Original price was: Rs. 1,900.Current price is: Rs. 1,710.

අපි ලූෂන් බුලත්සිංහලට විවිධ ආකාරයෙන් ණයගැති වෙමු. අපේ ජීවිතවල ඇතැම් යුග වලදී කලකිරුණු සුන්බුන් වූ අපේ ජීවනාශා පිළිසකර කර දී; ජීවන ලාලසා වඩා අප ව රැකගනු ලැබ ඇත්තේ ඔහු ලියූ ඇතැම් ගී පදමාලා මගින් උපන් නිමැවුම් විසිනි.

මේ කතාව වනාහි ලංකා ඉතිහාසයේ මකා දැමීමට පුළුස්සා දැමීමට අමතක කරවීමට හා විකෘති කිරීමට උත්සාහ කළ ගුවන්විදුලියේ, රූපවාහිනියේ, ටෙලි නාට්‍යයේ හෝ වේදිකා නාට්‍යය යනාදී 1956න් පසු වාර්තා රංගයේ අමිල ජවනිකා ය.ඒ ඇතැම් අතුරු කතා කල්කදුරු සේ තිත්තය. හලාහල විෂ සේ දරුණුය. ඒ ලූෂන් ගේ කතාවම නොවේ, ලංකාවේ කතාවය. අම්මලාගේ ඉවසීමේ කතාව, තාත්තලාගෙ වමේ කතාව, පාසල් පෙම්වතියන්ගේ කතාව, කුලී ගෙවල් මාරුවේ කතාව ආදී කතා සරිත් සාගරයකි.ඔහු සිය බිළිඳු දියණියගේ අත ගෙන පාරේ ඇවිද යන විට රියසකකින් නැගි දියෙන් නැහැවී යයි, ඇදී යන රියේ සිටියේ ඔහුගේ පැරණි පෙම්වතියයි. අපේ උණුසුම් සබඳතා අජීවී රියසක කෙසේ නම් දන්නේ ද? මේ අයුරින් අප ණයගැති නිර්මාණ රත්නාවලියෙහි උපත් කතා ද හිඳ හිට ඔබට හමුවනු ඇත.

මේ ස්වයං ලිඛිත චරිතාපදාන කතුවරයා සිරිලක මෑත ඉතිහාස කාල රේඛාවේ බොහෝ දෑ සියැසින් දුටුවෙකි. 1948 නිදහස් උළෙල, 56 පෙරළිය, 71 හා 87/ 89 තරුණ අරගල, බණ්ඩාරනායකලාගේ ලංකාව හා ජේ.ආර් ගේ ලංකාව, තිස් අවුරුදු යුද්ධයේ ශේෂ පත්‍රය, ගාලු මුවදොර ජන අරගලය සහ මසුරන් තඹේටවත් නොදෙන ආගාධගත බංකලොත් ලංකාව තෙක් හරස්කඩ මේ යාන්ත්‍රික ආඛ්‍යානයේ ගැබ් ව ඇත.

දැන් ඉතින් ඔබ එය කියවමින් සිටින බැවින්; ඔහුගේ කතාව කිසිවෙකුට කෙදිනක හෝ දවා හළු කළ නොහැකි වනු ඇත

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

Quantity :
Compare
Category:

ලූෂන් බුලත්සිංහලගේ

Weight .400 kg
Loading...