Theravada buddha darshanaya
කතෘ : අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර
“බෞද්ධදශීනය” අග්ගමහාපණ්ඩිත පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහ නායක ස්වාමින්ද්‍රයන් ගේ ග්‍රන්ථයකි.විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙහි බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය වරයා වූ බුද්ධදත්ත නාහිමියෝ කීර්තිධර ග්‍රන්ථකාරයෙකි.වියත් පඬිවරයෙකි.උන්වහන්සේගේ පොත්පත් ලංකාවේ පමණක් නොව බෞද්ධ පාණ්ඩිත්‍ය අගය කරන පෙර අපරදිග බොහෝ රටවල ප්‍රාචීන පඬිවරයන්ගේ ගෞරව සම්මානයට පාත්‍ර වන්නේය.ග්‍රන්ථ කරණයෙහි මනා පරිචයක් ඇති ධර්ම දර්ශන විෂයෙහි විශාරද වූ උන්වහන්සේ මේ පොත පිළියෙල කර තිබෙන්නේ බෞද්ධ දර්ශනය හදාරන ශිෂ්‍යයන්ට අත් පොතක් වශයෙන් උපයෝගී වන අයුරිනි.
මේ පොතෙහි විශේෂ ලක්ෂණය නම් පාලි ග්‍රන්ථානුසාරයෙන් සපයාගත හැකි දාර්ශනික විචාර වැඩි හරියක් එක් රැස් කිරීමයි . මෙසේ පාලි ත්‍රිපිටකයෙහි පෙනෙන දාර්ශනික විචාර සංකලණය කිරීම මේ පොතේ අගය වැඩි කිරීමට හේතුවකි. මෙහි ථෙරවාද දර්ශනය පමණක් නොව වෛභාෂික සෞත්‍රාන්තික මාධ්‍යමික විඥානවාදය යන අන්‍ය බෞද්ධ දර්ශනය පිළිබඳව ද ප්‍රමාණවත් විස්තරයක් ඇතුළත් වන්නේය
Theravada buddha darshanaya
කතෘ : අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවිර
Weight | .621 kg |
---|