Cart

Best Seller

ත්‍රී සිංහලය

Availability: In stock

Rs. 621

1796 දී බ්‍රිතාන්‍යයන් කරළියට පැමිණි විට ඔවුන් යටත් කර ගැනීමට සිදුවූයේ අවමානයෙන් අඩු වී ගිය සේනා සංවිධාන ශක්තියෙන් දුර්වල වූ එමෙන්ම මුළුමනින්ම මුහුදු තීරයට අස්වාමික වූ සිංහල රාජධානියකි. ඇහැලේපොළ අදිකාරම් ගේ වචන වලින් කිවහොත් රැළකට කොටු වූ මාළුවකු මෙන් වූ රාජධානියකි. සියවස් විසි හතරක් තිස්සේ ලක්දිව තිබූ ප්‍රෞඩ සිංහල රජ සමය අවසන් කරමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමට ඔවුනට ගත වූයේ වසර 19 ක ඉතා කෙටි කාල සීමාවකි. දේශපාලනමය හෝ සමාජීයමය කිසිම කඩතුරාවකින් නොවසා කිසිම පක්ෂපාතීත්වයක් නැතිව මේ කෘතියෙන් හෙළි කරනු ලබන්නේ එම යුගයේ ඉතිහාසයයි .මෙහි සඳහන් සියලු තොරතුරු ලන්ඩනයේ ප්‍රසිද්ධ වාර්තා කාර්යාලයේ ඇති ලිපි ලේඛන පදනම් කරගෙන සකස් කරනු ලැබූ අතර කොළඹින් ලබාගත හැකි වූ සීමිත තොරතුරු ප්‍රමාණයක් ද මෙහි අන්තර්ගත කොට ඇත. කලින් ප්‍රකාශයට පත් වූ ලිපි ලේඛන  වලින් ලබාගත් තොරතුරු  එහි පදනම ද සමග යොදා ඇත .

Quantity :
Compare

Tri sinhala – Paul E. Peiris

පරිවර්තනය : අභය හේවාවසම් – Abaya hewawasam

ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers

 

 

 

 

Weight .344 kg
Loading...