Best Seller

ජෙනී

Availability: In stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.

ජෙනී කථාවේ ප්‍රධාන වර්තය වන අට අවුරුදු වයස් වූ පීටර් හුදකලා ජීවිතයක් ගත කළ දරුවෙකි. හිටි හැටියේ ඔහු බළලකු බවට පෙරළෙයි. එය සිහිනයක්ද මායාවක්ද පුනරුත්පත්තියක්ද නැතහොත් ගන්ධබ්බ අවස්ථාවක් ක්දැයි පාඨකයා විමතියට පත්වෙයි. පීටර් අරුම පුදුම රූපාන්තරණයකට අසු වී අතරමං වන්නා සේම පාඨකයාද විමතියට පත් කරවන මේ නව කථාව ගැඹුරු ජීවිත පරිඥානයක් ලබා දෙයි.

බටහිර සම්භාව්‍ය නවකථාකරුවකු වන පෝල් ගැලිකෝගේ ජෙනී නමැති ජනප්‍රිය අනුවේදනීය නව කථාව මෙසේ පළ කරන රාණි සේනාරත්න රාජපක්ෂ, විශ්ව සාහිත්‍යයේ සම්භාව්‍ය කෘතීන් ගණනාවක් සිංහලට පරිවර්තනය කළ කෘතහස්ත ලේඛිකාවකි. මුල් කෘතියෙහි ප්‍රකටව පෙනෙන අරුත් මෙන්ම සැඟවුණු අරුත් විනිවිද දැක ඒවා ග්‍රහණය කර ගැනීමටත් ප්‍රකාශ කිරීමටත් හැකි වන පරිදි දෙබසෙහිම පැතුරුණු භාෂා ඥානය මෙන්ම, මුල් කෘතියෙන් වහනය වන රසය ඒ පරිද්දෙන්ම ලබා දීමට අව සංවේදී භාවයද ඇය සතුය.

Quantity :
Compare

jennie

පරිවර්තනය රාණි සේනාරත්න රාජපක්ෂ

Weight .190 kg
Loading...